Slide # 1

NEED FOR SPEED RIVALS ® නොමිලේ

මේක Need For Speed ක්‍රීඩා මාලාවේ අලුත්ම එළිදැක්වීම..''RIVALS'' තමයි නම.. මේ ක්‍රීඩාව Action හා Racing කියන කොටසට තමයි අයත් වෙන්නේ Read More

Slide # 2

Desktop එක ලස්සන කරගමු

හැමදාම දකින කුකුලගේ කරමලේ සුදුයි වගේ දැකල දැකලම වින්ඩෝස් 7 වල Default View එක එපා වෙලාද? එහෙනම් පොඩ්ඩක් බැලුවනම් ඔය උඩ තියන පින්තූරය දිහා :D හොදයිද? Read More

Slide # 3

100%ක් INTERNET SPEED එක සුපිරියට වැඩි කරගමු

මම දන්නවා ගොඩක් අය තමන්ගේ අන්තර්ජාල වේගය කොච්චර තිබ්බත් මදි කියලනේ හිතන්නේ Read More

Slide # 4

PEN DRIVE එකෙන් ඕනෑම වින්ඩෝස් එකක් දාමු

ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි වින්ඩෝස් දාන්න CD/DVD අවශ්‍ය එක.. ඔන්න අද කියන්න යන්නේ Pen Drive එකකින් වින්ඩෝස් දාන විදිහයි Read More

Slide # 5

ඔබේ කාමරය WI-FI කලාපයක් කරගන්න

කොහොමද ඔයාගේ කාමරේ Wi-Fi Zone එකක් කරගන්න තියනවනම් නේද? ආව් ආව් කටට ආව හිනාව නේද? ඔව් ඔව් එක තමයි මේ කරන්න හදන්නේ Read More

Sunday, November 18, 2012

Desktop එක ලස්සන කරගන්න Rainmeter කුප්පිය 2



මම කලින් මේකේ පලවෙනි කුප්පිය දුන්නා. මේක බාගන්නයි පොඩි පොඩි විස්තරයි එකේ තිබ්බා.. (පලවෙනි කුප්පිය මෙතනින් බලන්න) ඒත් අපේ නවීන් මල්ලි මේක Customize කරගන්න විදිහ පැහැදිලිකිරීමක් ඉල්ලපු නිසා ඔන්න මේකට අද දෙවෙනි කුප්පියකුත් ඔබන්න උනා..
පලවෙනි කුප්පියේ තිබ්බ විදිහට Rainmeter සෙටප් එකයි ස්කින් පැක් ටිකයි බාගත්තා නේද? හරි එහෙනම් වැඩේට බහිමුකො කයිය නවත්තලා... මේක ඉන්ස්ටෝල් කරන එක මහා දෙයක් නෙමෙයිනේ. ඒක නිසා ඉන්ස්ටෝල් කරන විදිහ දාන්නේ නැහැ. එතන ඉදල ඉදිරියට කරන විදිහ දාන්නම්..

*ඉන්ස්ටෝල් උනාම මුලින්ම මේ විදිහේ ගැජට් ටිකක් Desktop එකට වැටෙයි.


*ඒකෙන් අවශ්‍ය ටික තියාගෙන අනිත් එව්වා අයින් කරගන්න. (Header එකේ රයිට් ක්ලික් කරලා Unload Skin දෙන්න.)



පියවර 1 
ටාස්ක්බාර් එකේ තියන අයිකන් එකෙන් Rainmeter එක Restore කරගන්න.

*ඒක ගත්තම රේන්මීටර් මැනේජර් එක එයි. මුලින්ම ඇත්තේ එක ස්කින් පැක් එකයි.. 



පියවර 2 
පලවෙනි කුප්පියේ තිබ්බ ස්කින් පැක් ටික දැන් ඉන්ස්ටෝල් කරගන්න..
ඉන්ස්ටෝල් කරද්දී ඔය පහල තියන ටික් එක දාල තිබ්බොත් මේ ඉන්ස්ටෝල් කරන ස්කින් පැක් එකේ සෙටින් වලට අදාළ Layout එක හැදෙයි. Rainmeter එකේ Default ස්කින් පැක් එකෙන් එකපාරක්වත් විජට් Add කරලා නැත්තම් ඔය ටික එක දැම්මට අවුලක් නැහැ. හැබැයි ඔයාල මේක ඉන්ස්ටෝල් කරන්න කලින් අර Default ස්කින් පැක් එකෙන් විජට් මොනවහරි මේ වෙද්දීත් Desktop එකට දාගෙන තියනවනම් ඔය ටික් එක දාන්න එපා..



*දැන් ඔයාලා දාගත්ත ස්කින් පැක් ටික මේ විදිහට පෙන්නයි.


පියවර 3 
දැන් ඔය දාල තියන ස්කින් පැක් ටික පොඩ්ඩක් Expand කරලා බලන්න එව්වා ඇතුලේ ඇති .ini ෆෝමැට් එකේ ෆයිල්ස්. එව්වා ඩබල් ක්ලික් කරලා හරි නැත්තම් ක්ලික් කරලා Load දීල බලන්න. එතකොට ඒ විජට් Desktop එකට Add වෙයි. ඕනනම් එතැනින්ම Unload කරන්නත් පුළුවන්.


ඔය විදිහට ඔයාලට ඕන විජට් Load කරන්නත් Unload කරන්නත් පුළුවන්.. ආහ්හ්හ් .. තව ටිකෙන් අමතක වෙනවා.. මේ මේ ඔය විජට් ඔක්කොම Drag and Drop කරන්න පුළුවන් ඈ......
---------------------------------------------------------------------------------
දැන් කුප්පියේ අඩිය හරියටම ඇවිත් ඉන්නේ......

*ඔයාලට තව කොස්සක් හිටි. ඒ තමයි ඔය විජට් හරහා ක්ලික් වෙන්නේ නැති එක. ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් කියනවනේ. එක නිසා ඕකටත් ටොපියක් තියනවා..

විජට් එක උඩ Right Click කරලා Manage Skin යන්න.


එතකොට Rainmeter Manager එක එයි. ඔය පහලින් තියන Click Through කියන Chechbox එකට ටික් එකක් දාන්න. වැඩේ හරි...


---------------------------------------------------------
--------- ඔන්න එහෙනම් කුප්පිය හමාරයි ----------
---------------------------------------------------------
ගැටළුවක් තියේනම් හිතේ තියන් ඉන්නේ නැතුව අහන්න...

ඊලග කුප්පියෙන් හම්බවෙමු..
එහෙනම්..
ඔබට ජය වේවා..!!

පලවෙනි කුප්පිය මෙතනින් බලන්න

9 comments:

හිතේ තියන ටික මෙතන කොටලම හිටියනම්...