Slide # 1

NEED FOR SPEED RIVALS ® නොමිලේ

මේක Need For Speed ක්‍රීඩා මාලාවේ අලුත්ම එළිදැක්වීම..''RIVALS'' තමයි නම.. මේ ක්‍රීඩාව Action හා Racing කියන කොටසට තමයි අයත් වෙන්නේ Read More

Saturday, November 17, 2012

මයික්‍රොසොෆ්ට් සර්ෆේස්



මයික්‍රොසොෆ්ට් සමාගම පසුගිය ජුනි 18 වන දින හදිසියේම මාධ්‍ය හමුවක් කෑඳවා ගත්තේය. කවුරු කවුරුත් සිතුවේ වින්ඩෝස් 8 හුටපටයකට කියාය. නමුත් මයික්‍රොසොෆ්ට් ප්‍රධානි ස්ටීව් බෑල්මර් මනරම් ටෑබ්ලට් පරිඝනකයක් පෙන්වීය.. අයි පෑඩ් එකක් සේ පෙනුනත් එය තිරය වසාලිය හෑකි වන ලෙස රබර් වලින් තෑනූ යතුරු පුවරුවක් ඈති එකකි.එහි යතුරු පුවරුව වෙන් කිරීමටද හෑකියාවක් තිබේ. එහි ඈති කාන්දම් ගතිය නිසා තිරය වසාගන්නක් ලෙසද මෙම යතුරු පුවරුව යොදා ගත හෑක. එය හඳුන්වන්නේ (Type Cover) කියාය. මෙම කවරය තනා ඈත්තේ වින්ඩෝස් 8 මෙට්‍රෝ ඉන්ටෙර්ෆේස් එකෙහි ඈති විවිද වර්ණ වලින්ය. මෙහි පිටුපස ඈති කික් ස්ටෑන්ඩ් එක මගින් ලෑප්ටොප් පරිඝණකයක ආනතිය ඈතිව මේසය මත සිටුවා තෑබිය හෑක.
මෙහි මාදිලි දෙකකි. ඒ වින්ඩෝස් ආර්ටී මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වන මාදිලිය හා වින්ඩෝස් එයිට් ප්‍රෝ මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වන මාදිලිය ලෙසයි. ඉන් එක් මාදිලියක් ආර්ම් (ARM) ප්‍රොසෙසර්වලින් ක්‍රියාත්මක වේ. අනෙක් මාදිලිය කෝර් අයි ෆයිව් (Core i5) ප්‍රොසෙසර්වලින් ක්‍රියාත්මක වෙයි. මෙම සර්ෆේස් පරිඝනකයේ තිරය අඟල් 10.6 ක ස්පර්ශයට සංවේදී තිරයකි. මතක ධාරිතාව අතින් 32GB, 64GB, 128GB වශයෙන් මාදිලි තුනකි. මයික්‍රො එස්ඩී, මයික්‍රො එච්ඩී වීඩියෝ (MicroHD Video), යූඑස්බී(USB) පෝට්, මිමෝ (MIMO) ඈන්ටනා යනාදී පහසුකම්ද තිබේ. නමුත් මෙහි මිල ගෑන ස්ථිර සඳහනක් නෑතත් එය ඈපල් අයිපෑඩයේ මිලට කිට්ටුවෙන්ම තිබෙනු ඈති.. මීට අමතර වෑඩිදුර තොරතුරු සෑපයීමෙන් මයික්‍රොසොෆ්ට් සමාගම වෑළකී සිටී..

ඔබට ජය වේවා..!!

මෙහි වර්තමාන මිල ගණන් මෙතනින් බලන්න...

0 comments:

Post a Comment

හිතේ තියන ටික මෙතන කොටලම හිටියනම්...