Slide # 1

NEED FOR SPEED RIVALS ® නොමිලේ

මේක Need For Speed ක්‍රීඩා මාලාවේ අලුත්ම එළිදැක්වීම..''RIVALS'' තමයි නම.. මේ ක්‍රීඩාව Action හා Racing කියන කොටසට තමයි අයත් වෙන්නේ Read More

Saturday, November 17, 2012

100% ක් නොමිලේ ඔබේම QR කෝඩ් එකක්


අපේ අය දන්නවනේ දැන් අර බාර්කෝඩ් ද මොනවද කියන එක ගැන අහන්න දකින්නවත් අමාරුයි කියන එක. අපේ වචනවලින්ම කිව්වොත් මොකක්ද එතකොට අලුත්ම Trend එක? ආ... මොකක්ද?... ආ... ඔව් ඔව් QR කෝඩ් තමා. ඔය ඉතින් මේකේ නම ඇහුව ගමන්ම කට්ටිය බය වෙනවනේ.. අපේ කොල්ලෝ කොරන වැඩ එක්ක බලනකොට මේක මොන කුප්පියක්ද .. දැන් කෙල්ලෝ කොල්ලෝ ලග ස්මාට් ෆෝන් එකක් නැති තරම් නේ.. Android, IOS, Symbian වගේ ඕනෑම ඕඑස් එකකට දැන් මේක ස්කෑන් කරගන්න සොෆ්ට්වෙයාර් කට්ට දාගන්න පුළුවන්.. මොකක්? එහෙම එකක් ෆෝන් එකේ නෑ? වැඩේ දුරදිග යයි කියල හිතෙනව? අවුලක් නැහැ.. ඔයාලගේ ෆෝන් එකේ මොඩ්ල් එක යටින් කොමෙන්ට් පාරක් දාන්නකෝ.... මම හරියන සොෆ්ට්වෙයාර් එකත් දෙන්නම්.. Android වලටනම් QR Code Scan සොෆ්ට්වෙයාර් ඕනෑතරම් Google Play එකේ තියනවා IOS වලටත් සිඩියා එකේ තිබුනා.. හරි හරි කතා ඇති... වැඩේ බලමු නේද?


ඉස්සෙල්ලම මේකේ ප්‍රතිලාබ බලමු නේද?


1.ඔබේ Facebook/ Blog/ Website වගේ ඕනෑම එකකට මේ වගේ කෝඩ් එකක් හදාගන්න පුළුවන්.

2.කෑල්ලගේ ගෙදරට මාට්ටු නොවී SMS යවන්න පුළුවන්. :D
3.ඔබගේ දුරකථන අංකයට අදාළව මේක හදාගන්න පුළුවන්.
4.ඔබගේ නෝට් එකකට අදාලව හදාගන්න පුළුවන්.
5.ඔබගේ කන්ටැක් එකට මේක හදාගන්න පුළුවන්.

ඔය වගේ තවත් ඇති පොඩ්ඩක් අතගාලම බලන්නකෝ...
මොනවා නැතත් අර දෙවෙනි එකනම් වටිනවා කියල හිතුන නේද?

මේකයි කරන්න තියෙන්නේ. පහලින් මම දීල තියනවා ලින්ක් එක. ඒකට යන්න. ගියාම එකේ ඇති Search Bar එකක් වගේ එකක්. ඉස්සෙල්ලම අන්න එතනට උඩින් තියන ඔප්ෂන් එක සිලෙක්ට් කරගන්න. (URL,Text,Phone Number,SMS,Contact) ඊට පස්සේ ඔයාට අවශ්‍ය කරන ලින්ක් එක හරි අනිත් දෙයක් හරි අර Search Box එක ඇතුලේ ටයිප් කරන්න. (කොපි පේස්ට් කරන්නත් පුළුවන්) ඊට පස්සේ එතනම පහල ඇති Generate Free/ Generate Safe කියල දෙකක්. අපිට ඉතින් නොමිලේ තියනවනම් තවත් මොනවද නේද? :D ඔව් ඔව් Generate Free එක දෙන්න.. එතකොට අර සුදු පාටට හිස් වෙලා තිබ්බ ලොකු බොක්ස් එක ඇතුලේ ඔයා තෝරගත්ත ඔප්ෂන් එකට අදාළ QR කෝඩ් එක එයි. ඒක උඩ රයිට් ක්ලික් කරලා Save Image As දෙන්න.. ඔයාගේ කෝඩ් එක ඩවුන්ලෝඩ් වෙයි. 

එහෙනම් ඔබට ජය වේවා..!!

නොමිලේ QR Code එක ගන්න මෙතනින් යන්න.

0 comments:

Post a Comment

හිතේ තියන ටික මෙතන කොටලම හිටියනම්...