Slide # 1

NEED FOR SPEED RIVALS ® නොමිලේ

මේක Need For Speed ක්‍රීඩා මාලාවේ අලුත්ම එළිදැක්වීම..''RIVALS'' තමයි නම.. මේ ක්‍රීඩාව Action හා Racing කියන කොටසට තමයි අයත් වෙන්නේ Read More

Saturday, November 24, 2012

ඇගිලි වලින් දුම් දාන මැජික් එක කරමු



හැමදාම එක එක වැඩ කෑලි ගෙන්නේ කම්පියුටර් වගේ දේවල් ගැන නිසා අද පොඩි වෙනසකටත් එක්ක මැජික් ට්‍රික් එකක් කියල දෙන්න හදන්නේ. රූපේ දැක්කම වැඩේනම් තේරෙනවා ඇතිනේ නේද ? හරි එහෙනම් මෙන්න වැඩේ කරන සිට්ටම් එක.. :D

මේකට ඕන කරනවා...

1.ගිනි පෙට්ටියක්
2.කූල් වතුර එන ටැප් එකක්.(නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ)

කූල් වතුර එන ටැප් එකක් නැත්තම් මේ පහල තියන එව්වා ටික ඕනා..
1.පොඩි බාජනයක්
2.ඒ බාජනය වැහෙන්න උඩින් තියන්න පුළුවන් තහඩුවක්

ඔන්න එහෙනම් වැඩේ කරමු. ඉස්සෙල්ලම ගිනි පෙට්ටිය දෙපැත්තේ තියන අර ගිනිකුරු ගහන කොටස ගලවලා ගන්නකො. දැන් ඒ කෑල්ල දෙකට නමල අර වෙඩි බෙහෙත් වගේ තියන පැත්ත පහලට හිටින විදිහට ටැප් එක උඩින් තියන්න. ටැප් එක නැති අය අර බාජනයට කූල් වතුර පුරවලා. තහඩුවෙන් වහන්න. වහලා විනාඩි 5ක් විතර තියලා වැඩේ කරන්න පටන් ගන්න. දැන් ටැප් එක තියන අය වතුර ඇරලා අර ගිනිපෙට්ටියෙන් ගලවගත්ත කෑල්ල අවුලගන්න. බාජනයෙන් වැඩේ කරන අයත් අර තහඩුව උඩ ඒ විදිහට ගිනිපෙට්ටි කෑල්ල තියලා අවුලගන්න. පහල රූපය බලන්න.


හොදට ඇවිලිලා නිවුනාට පස්සේ බලන්න ටැප් එකේ, එහෙම නැත්තම් තහඩුවේ කහ පාට කුඩු වගයක් වගේ බැදිලා ඇති. දැන් ඒක ඇගිල්ලෙන් අරගන්න. දැන් ඒ කුඩු ටික ඇගිලි වල තියලා හොදට අතුල්ලලා බලන්නකෝ.. අනේ දුම දානවා නේද? මේකත් මතක තියාගන්න. වැඩේ ඉවර වුනාට පස්සේ අත් දෙක හොදට හෝදගන්න. වැඩේ එල නේද? ඔන්න වැඩේ හරි මෙන්න අපි ගියා..

එහෙනම්..
ඔබට ජය වේවා..!!

1 comments:

හිතේ තියන ටික මෙතන කොටලම හිටියනම්...