Slide # 1

NEED FOR SPEED RIVALS ® නොමිලේ

මේක Need For Speed ක්‍රීඩා මාලාවේ අලුත්ම එළිදැක්වීම..''RIVALS'' තමයි නම.. මේ ක්‍රීඩාව Action හා Racing කියන කොටසට තමයි අයත් වෙන්නේ Read More

Slide # 2

Desktop එක ලස්සන කරගමු

හැමදාම දකින කුකුලගේ කරමලේ සුදුයි වගේ දැකල දැකලම වින්ඩෝස් 7 වල Default View එක එපා වෙලාද? එහෙනම් පොඩ්ඩක් බැලුවනම් ඔය උඩ තියන පින්තූරය දිහා :D හොදයිද? Read More

Slide # 3

100%ක් INTERNET SPEED එක සුපිරියට වැඩි කරගමු

මම දන්නවා ගොඩක් අය තමන්ගේ අන්තර්ජාල වේගය කොච්චර තිබ්බත් මදි කියලනේ හිතන්නේ Read More

Slide # 4

PEN DRIVE එකෙන් ඕනෑම වින්ඩෝස් එකක් දාමු

ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි වින්ඩෝස් දාන්න CD/DVD අවශ්‍ය එක.. ඔන්න අද කියන්න යන්නේ Pen Drive එකකින් වින්ඩෝස් දාන විදිහයි Read More

Slide # 5

ඔබේ කාමරය WI-FI කලාපයක් කරගන්න

කොහොමද ඔයාගේ කාමරේ Wi-Fi Zone එකක් කරගන්න තියනවනම් නේද? ආව් ආව් කටට ආව හිනාව නේද? ඔව් ඔව් එක තමයි මේ කරන්න හදන්නේ Read More

Saturday, December 22, 2012

Photoshop කුප්පිය #4 - Colour Range Effect - වර්ණයක් ඉස්මතු කරමු



මේකනම් ගොඩක් ආස හිතෙන වැඩක්. මේකට කියන්නේ Colour Range කියලයි. මේකෙන් තව සෑහෙන දේවල් කරන්න පුළුවන්. ඒත් අද අපි මෙහෙම දෙයක් කරමු.. වර්ණ පින්තූරයක එක වර්ණයක් ඉතුරු වෙන්න අනිත් ටික කළු සුදු කරමු. හොදයි නේද වැඩේ.... එහෙනම් මොකෝ කියන්නේ පටන් ගමුද? හරි එහෙනම් පටන්ගමු....

අන්තිමට Video එකකුත් තියනවා පැහැදිලි මදි වගේනම් බලන්න.

1.අවශ්‍ය ෆොටෝ එක ෆොටෝෂොප් වලට දාගන්න.

2.දැන් කලින් කළා මතකයිනේ නේද Layer එක Unlock කරගන්න විදිහ? හරි මතක නැත්තම් Layer එක උඩ ඩබල් ක්ලික් කරලා අන්ලොක් කරගන්නකො ලේයර් එක.

3.දැන් Select - Colour Range යන්න. ඔන්න පහල තියනවා ඕනනම් යන විදිහ.



4.දැන් අවශ්‍ය පාට Select කරගන්න. Eyedropper Tool එකෙන් කරගන්න ඒ වැඩේ. Eyedropper Tool එක ලගම තවත් Eyedropper Tool දෙකක් තියෙන්නේ.. ( + ) එකෙන් කරන්නේ Selection එකට තවත් එකතු කරගන්න.( - ) එකෙන් කරන්නේ Selection එකෙන් අඩු කරන එකයි. දැන් ඉතින් ( + ) එක අරගෙන ලස්සනට අවශ්‍ය ගානට Selection එක හදාගන්න.. පහල තියනවා බලන්නකෝ.... ඔය රතු පාටින් රවුම් කරලා තියන ටික හරියටම බලාගන්න.. (අපැහැදිලිනම් Video එකත් පහල තියනවා)



5.දැන් ඒ Selection එකට අනවශ්‍ය කොටසුත් එකතු වෙලා ඇති නේද? එව්වා තියනවනම් දැන් අයින් කරමු.. ඔය පහල වගේ Selection එක තියෙද්දී Lasso Tool එක අරගෙන Keyboard එකේ Shift යතුර තදකරගෙන අනවශ්‍ය කොටස් ඇද ගන්න. එතකොට ඉබේම ඒ කොටස් අයින් වෙයි..

6.දැන් Select - Refine Edge යන්න.



7.එකේ Amounts මේ පහල වගේ හදාගන්න.
Smooth-4
Feather-2



8. දැන් Image - Adjusments - Black And White ගිහින් OK කරන්න.



9.දැන් මෙන්න මේ පහල වගේ අපි හදාගත්ත පින්තූරය එයි. දැන් Keyboard එකෙන් Ctrl+D හරි නැත්තම් Select - Deselect යන්න.



10. ඔන්න එහෙනම් අපේ වැඩේ ඉවරයි... දැන් ඉතින් තියෙන්නේ සේව් කරගන්න ඒක තමා.. ඔන්න තියනවා අන්තිම ප්‍රතිපලය..



Video ඒක බලන්න මෙතන ක්ලික් කරන්න.

**ඔන්න එහෙනම් ඒ කුප්පියත් ඉවරයි.... එහෙනම් ආයෙත් තවත් මේ වගේම ලස්සන කුප්පියකින් හම්බ වෙමු..

එහෙනම්..
ඔබට ජය වේවා..!!

4 comments:

  1. බොහොම ප්‍රයෝජනවත් ලිපියක් , හැකි ඉක්මනින් තවත් පාඩම් ලිපි ඉදිරිපත් කරන්න කියලා ඉල්ලා සිටින්න කැමතියි,

    අනේ මේ වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න එත්කොට අපිට කොමෙන්ට් එකක් දාන්න කම්මැලි හිතෙන්නෑ,

    ReplyDelete
  2. ගොඩක් ස්තුතියි අමිල, ඉතාමත් ඉක්මනනින් තවත් ලිපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ..

    මෙතෙක් කල් වෙරිෆිකේෂන් දාල තිබ්බේ Spam වලින් ප්‍රශ්නයක් නොවෙන්න නිසයි. ඒත් ගොඩක් අය කිව්වා නිසා ඔන්න වෙරිෆිකේෂන් අයින් කළා. දැන් ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ අතපය දිග ඇරලා කොමෙන්ට් කරන්න පුළුවන්....

    ස්තුතියි අදහස් වලට..

    ReplyDelete

හිතේ තියන ටික මෙතන කොටලම හිටියනම්...