Slide # 1

NEED FOR SPEED RIVALS ® නොමිලේ

මේක Need For Speed ක්‍රීඩා මාලාවේ අලුත්ම එළිදැක්වීම..''RIVALS'' තමයි නම.. මේ ක්‍රීඩාව Action හා Racing කියන කොටසට තමයි අයත් වෙන්නේ Read More

Monday, December 31, 2012

[Solved] Hidden Folders පෙන්නන්නේ නැති වයිරස් එකෙන් බේරෙමු

ඔන්න ඉතින් 2013ත් ලැබුවා කියන්නේ නේද? එහෙනම් ඔක්කොටොම කලින් හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් කිව්වා ඔන්න.. හා හා පුරා කියලා ඔන්න එහෙනම් මේ අවුරුද්දේ පලවෙනි පෝස්ටුව දාන්න හදන්නේ.. අලුත් අවුරුද්දේ මුලින්ම හොද වැඩක් කරන්න හිතාගෙන ඔන්න එහෙනම් අද තවත් වයිරස් එකකින් නිදහස් වෙන විදිහ කියල දෙන්නයි හදන්නේ. 

අපිට ගොඩක්ම වයිරස්වලින් සිද්ද වෙන අකරතැබ්බයක් තමයි Hide කරපු Folder පේන්නේ නැතුව යන එක. මේ සිද්දියට අහුවෙච්ච කෙනෙක් නැති තරම්.. ගොඩක් අය කරන්නේ මේක හැදුන ගමන් Format පාරක් දෙන එකනේ. ඒක ඉතින් අර අතීසාරෙට මොකක්ද එකක් ගහනවා වගේ වැඩක්නේ... ඔන්න එහෙනම් දැන් කියන්නේ යන්නේ කිසිම අතුරු ආන්තරාවක් නොවී විනාඩි දෙකෙන් මේ වයිරස් එකෙන් නිදහස් වෙන විදිහයි. දැන් විස්තරේ දාන්න යන්නේ. අන්තිමටම වීඩියෝ එකකුත් තියනවා අවුලක් වගේනම් බලන්න.

පියවර ටික පැහැදිලිව එකින් එක මෙන්න තියනවා වැඩේ කරගන්න.

Run එකට ගිහින් "regedit" කියල ගහල Enter ඔබන්න. එතකොට Registry Editor එක එයි.

දැන් මේ පහල තියන විදිහට පිළිවෙලට යමු එහෙනම්.

1.HKEY_LOCAL_MACHINE
2.SOFTWARE
3.Microsoft
4.Windows
5.Current Version
6.Explorer
7.Advanced
8.Folder
9.Hidden
10.SHOWALL

ඔන්න ඔතනට එනකල් ආවම මෙන්න මේ පහල වගේ තමයි තියෙන්නේ. 


දැන් ඔය දකුණු පැත්තේ වැටෙන්නේ ඒ ෆෝල්ඩරේ ඇතුලේ තියන ෆයිල් ටික. එතන තියන "Checkedvalue" කියන ෆයිල් එක ඩබල් ක්ලික් කරලා ඕපන් කරගන්න. එතකොට මේ පහල වගේ එයි.


එතන Value data කියන එකට " 1 " දීලා Base එක Hexadecimal විදිහට හදලා OK කරන්න. 

දැන් රෙජිස්ට්‍රි එඩිටරේ ක්ලෝස් කරලා මැෂින් එක රීස්ටාට් පාරක් දාන්න. ඔන්න එතකොට වැඩේ හරි. වයිරස් ගොයියා ආගිය අතක් නැති වෙලා ඇති..

වැඩි හොදට මේ වීඩියෝ එකත් බලන්නකෝ ඔන්න...



හරි ඔන්න කුප්පියනම් ඉවරයි... තවත් එල කුප්පියකින් හම්බවෙමු ඈ..

එහෙනම්..
ඔබට ජය වේවා..!!

1 comments:

හිතේ තියන ටික මෙතන කොටලම හිටියනම්...