Slide # 1

NEED FOR SPEED RIVALS ® නොමිලේ

මේක Need For Speed ක්‍රීඩා මාලාවේ අලුත්ම එළිදැක්වීම..''RIVALS'' තමයි නම.. මේ ක්‍රීඩාව Action හා Racing කියන කොටසට තමයි අයත් වෙන්නේ Read More

Wednesday, December 5, 2012

Mouse එක නැතුව Mouse Pointer එක වැඩ කරවමුද



දැන් ටයිටල් එක දැක්ක ගමන් හිතනවා ඇති මේකනම් ටිකක් වෙලා යන අමාරු වැඩක්ද දන්නේ නැහැ කියල.. මේකට යයි ඕනනම් තත්පරයක් නැත්තම් දෙකක්. මේකේ වටිනාකම මේකයි.. හදිස්සියේ වටිනා වැඩක් කර කර ඉන්නවා.. හුටා මවුස් එක හිරවෙනවා... වැඩ කරන්නේ නැතුව යනවා මවුස් එක.. මල කෙලියයි නේද? දැන් ඉතින් මවුස් හොයපන්කෝ.. නෑ නෑ එච්චර දුක් විදින්න දෙයක් නැහැ..  මෙන්න තියනවා කොරමේ... 

මේ පහල තියන කීස් ටික එකවර ඔබන්න.
"Left Shift+Alt+Num Lock"
එතකොට මේ පහල වගේ ඩයලොග් බොක්ස් එකක් එයි. ඒක yes කරන්න..


Spacebar එකෙන්හරි Enter එකෙන්හරි පුළුවන්නේ....

දැන් ඉතින් මවුස් එකේ වැඩේ කරන්නේ කීබෝඩ් ඒක..
මෙන්න තියනවා මූව් වෙන කීස් ටික..
මෙව්වා Numeric Pad එකේ කීස් හොදද..

7    8    9
4          6
1    2    3

ක්ලික් කරන්න ඕනනම් 5 ඔබන්න.
මේකෙන් අයින් වෙන්න ආයෙත් අර කලින් කළා වගේ
"Left Shift+Alt+Num Lock" ඔබන්න..
වැඩේ වටිනාකමක් තියනවා නේද?
එහෙනම් ආයෙත් මේ වගේම කුප්පියකින් හම්බවෙමු..

එහෙනම් ඔන්න අපි ගියා..
ඔබට ජය වේවා..

4 comments:

හිතේ තියන ටික මෙතන කොටලම හිටියනම්...