Slide # 1

NEED FOR SPEED RIVALS ® නොමිලේ

මේක Need For Speed ක්‍රීඩා මාලාවේ අලුත්ම එළිදැක්වීම..''RIVALS'' තමයි නම.. මේ ක්‍රීඩාව Action හා Racing කියන කොටසට තමයි අයත් වෙන්නේ Read More

Slide # 2

Desktop එක ලස්සන කරගමු

හැමදාම දකින කුකුලගේ කරමලේ සුදුයි වගේ දැකල දැකලම වින්ඩෝස් 7 වල Default View එක එපා වෙලාද? එහෙනම් පොඩ්ඩක් බැලුවනම් ඔය උඩ තියන පින්තූරය දිහා :D හොදයිද? Read More

Slide # 3

100%ක් INTERNET SPEED එක සුපිරියට වැඩි කරගමු

මම දන්නවා ගොඩක් අය තමන්ගේ අන්තර්ජාල වේගය කොච්චර තිබ්බත් මදි කියලනේ හිතන්නේ Read More

Slide # 4

PEN DRIVE එකෙන් ඕනෑම වින්ඩෝස් එකක් දාමු

ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි වින්ඩෝස් දාන්න CD/DVD අවශ්‍ය එක.. ඔන්න අද කියන්න යන්නේ Pen Drive එකකින් වින්ඩෝස් දාන විදිහයි Read More

Slide # 5

ඔබේ කාමරය WI-FI කලාපයක් කරගන්න

කොහොමද ඔයාගේ කාමරේ Wi-Fi Zone එකක් කරගන්න තියනවනම් නේද? ආව් ආව් කටට ආව හිනාව නේද? ඔව් ඔව් එක තමයි මේ කරන්න හදන්නේ Read More

Friday, December 21, 2012

Photoshop කුප්පිය #1 - Introducing To Photoshop


ඔන්න ඉතින් අපේ යාලුවන්ට තියන තවත් ප්‍රශ්නයක් විසදන්න තමයි මේ හදන්නේ. අපි කවුද ඉතින් කැමති නැත්තේ ෆොටෝස් එහෙම තනියම ලස්සනට Edit කරගන්න නේද? ඒත් ඉතින් ප්‍රශ්නේ තමයි ඒ පිලිබදව සැලකියයුතු දැනුමක් හැමෝටම නැති එක. අපේ අලුත් කුප්පියෙන් අද ඉදල පටන් ගන්නවා මේ පිලිබදව පුළුල් දැනුමක් ලබාදීමට සරල Lessons ටිකක්. මේ පිලිබදව පාඩමෙන් දෙන්න පුළුවන් 50%යි. ඉතුරු ටික ඔයාලගේ අතේ..
දැනට තියන ෆොටෝස් සහ අනෙකුත් ග්‍රැෆික් ආශ්‍රිත ක්‍රියාකාරකම් වලට වැඩිම පිරිසක් පාවිච්චි කරන්නේ ෆොටෝෂොප් මෘදුකාංගය.. මේ මෘදුකාංගය හදුන්වා දෙන්නේ Adobe කියන ආයතනයෙන්.. ඒක නිසා අපිත් ෆොටෝෂොප් එක්කලම ඉස්සරහට යමු. 
මොනවා කරන්නත් ඉතින් මුල දැනගෙන ඉන්න එපායැ.. ඒක නිසා අපි ඉස්සෙල්ලම මේ ෆොටෝෂොප් හදුනාගෙන ඉමු..

ෆොටෝෂොප් නැති අය එහෙනම් මෙතනින් බාගන්නකො.
Photoshop CS3 Free Download With Crack

Serial Number එක මෙතනින් ගන්න.
Photoshop CS 3 Serial Number
පාස්වර්ඩ් එක- pariganakaathwela
............................................................................................................

ඔන්න එහෙනම් වැඩේට බහිමු..

මෙන්න මෙහෙමයි ෆොටෝෂොප් වල හැඩරුව...



මුලින්ම Tools ටික අදුරගමු..



මෙහෙමයි. මට ෆොටෝෂොප් හෝඩියේ ඉදල පැහැදිලි කරන්න ගියොත් ජීවිත කාලෙම යයි නේද? ඒක නිසා ටූල් ටික ගැන කෙටියෙන් හැදින්වීමක් කරන්නම්.. තව ඉස්සරහට ගොඩක් වැඩ තියනවනේ ඒකයි හොදේ...

1.Move Tool
වචනය අහද්දීම තේරෙනවනේ ඉතින් මේකෙන් කරන්නේ එහා මෙහා කරන එක කියලා..

2.Marquee Tool
මේකෙන් කරන්නේ අපිට ඕන පින්තූරයේ කපාගන්න ඕනා හරි මොකක්හරි වෙනසක් කරගන්න ඕනා හරි අවශ්‍ය කොටසක් Select කරගන්න එකයි. මේක උඩ Right Click කලාම එයි Sub Tools 4ක්. ඒවගේ තියෙන්නේ අපිට අවශ්‍ය Selection එකේ හැඩරුව කොයි ආකාරයටද කියලා තෝරාගන්න එකයි.. එතනින් අවශ්‍ය විදිහ තෝරාගෙන එහෙම වැඩේ කරන එකයි තියෙන්නේ..

3.Lasso Tool
මේකෙන් වෙන්නෙත් ඔය කලින් එකේ වගේම වැඩක් තමයි. හැබැයි ටිකක් වෙනස්. අපිට ගොඩක්ම අවශ්‍ය වෙන ටූල් එකක් තමයි මේ Lasso ටූල් එක. මේකෙත් Sub Tools 3ක් තියනවා.
*Lasso Tool
*Poligonal Lasso Tool
*Magnetic Lasso Tool

Lasso Tool
මේකෙන් කරන්නේ අපිට අවශ්‍ය කොටසක් Select කරගන්න එකමයි. හරියට අපි පැන්සලකින් මොනවහරි අදිනවා වගේ Mouse එක ක්ලික් කරගෙන එක දිගටම අදින එකයි කරන්න තියෙන්නේ.

Poligonal Lasso Tool
මේකෙන් වෙන දේ මෙහෙම කියන්නම්කො. ඔයාලා අඩිරූලක් තියලා මොකක්හරි හැඩයක් අදින්න දන්නවනේ. අන්න ඒ වගේමයි මේකෙන් වෙන වැඩෙත්.

Magnetic Lasso Tool
මේ ටූල් ඒක වැඩ කරන්නේ මෙන්න මේ විදිහටයි. වචනේ තේරුම ඉතින් කාන්දම කියල දන්නවනේ. ඉතින් මේ ටූල් එකෙන් Selection එක වෙන්නෙත් අන්න ඒ වගේ. පහසුවෙන් හදුනාගත හැකි වර්ණ පරාසයක් දිගේ  Selection එක වෙන එක තමා මේකෙන් වෙන්නේ.
(Object එකෙන් පහසුවෙන් වෙන් කර ගත හැකි Background එකක් තියන අවස්ථා වලදී මෙම Magnetic Lasso Tool එක වඩාත් උපකාරී වේ)

4.Wand Tool 
මේකෙත් Sub Tool දෙකයි.
*Magic Wand Tool
*Quick Selection Tool

Magic Wand Tool
මේකෙන් කරන්නේ පින්තූරයක තියන එකම වර්ණ ඇති කොටස් එකවර Select කරගන්න එකයි.. මෙහෙම හිතමුකෝ.... ෆොටෝ එකක් තියනවා, ඒකේ කහ/රතු/නිල/කොළ වගේ එක එක පාට තියනවා, අපිට ඕන ඒකෙන් එක වර්ණයෙන් තියන කොටස් ටික Select කරගන්න. කහ පාට ඕනනම් Magic Wand Tool එක අරගෙන කහ පාට තියන තැනක් උඩ ක්ලික් කරන්න. එතකොට කහ පාටින් තියන කොටස් ඔක්කොම එකවර Select වෙයි. අනිත් පාටවල් ඕනනම් ඒත් එහෙමමයි. ඕන පාටක් උඩ ක්ලික් කලාම ඒ පාට තියන ටික ඔක්කොම Select වෙනවා..

Quick Selection Tool
මේ ටූල් එකෙන් වෙන්නේ මහන්සියක් නැතුව පහසුවෙන් හදුනා ගත හැකි කොටසක් Select කරගන්න එකයි. ඒක කිව්වට තේරෙන්නේ නැත්නම් කරලම බලන්න.

5.Crop Tool
මේකෙන් කරන්නේ අපිට ඕනා සයිස් එකක් දීලා කොටසක් කපාගන්න එකයි. දැන් ඉතින් හිතයි අර මුලින් කිව්ව එව්වගෙන් කරන්නත් පුළුවන් නේ කියලා. ඇත්තම කිව්වොත් ඔව්. එත් මේකේ විශේෂය තමයි ඇද කුද නැතුව ලස්සනට කපාගන්න පුළුවන් එක. තව එකක්... අපිට ඕනා Resolution එකක් දෙන්නත් පුළුවන් ඕනනම්.. එව්වා ගැන විස්තර තව ඉස්සරහට කතා කරමු.

6.Slice Tool
මේකෙත් Sub Tools දෙකයි.
*Slice Tool
*Slice Select Tool

Slice Tool
නමෙන්ම තේරෙනවනේ ඉතින් කපන කොටන සිද්දියක් කියලා. මේක ඉතින් ඕනා වෙන්නේ ගොඩාක් Web Designing වගේ දේවල් කරන කට්ටියට තමයි. ටිකක් බැරෑරුම් Tool එකක්. ඒක නිසා ඉස්සරහට විස්තරාත්මකව කතා කරමු.

Slice Select Tool
මේකෙන් කරන්නේ ඉතින් Slice කරගත්ත කොටස් Select කරගන්න එකයි.

7.Patch Tool
මේකනම් ටිකක් නෙමෙයි ගොඩක් ජනප්‍රිය Tool එකක්. Studio වල එහෙම ගොඩක් බාවිතා වෙන ටූල් එකක් තමයි මේ පැච් ටූල් එක. මේකෙනම් Sub Tools හතරයි.
*Spot Healing Brush Tool
*Healing Brush Tool
*Patch Tool
*Red Eye Tool

Spot Healing Brush Tool
මේ ටූල් එකෙන් පින්තූරයක කඩතොළු වගේ එව්වා ආසන්න වශයෙන් ගැලපෙන විදිහට වර්ණ ගන්වන එකයි කරන්නේ.

Healing Brush Tool
මේකෙන් කරන්නේ නිකන් හරියට බලා ඇදීමක් වගේ දෙයක්. Keyboard එකේ ALT යතුර ඔබාගෙන අවශ්‍ය කොයි වගේද කියලා හිතෙන තැන ක්ලික් කරලා ALT යතුර අත ඇරලා ඔයාට වර්ණ ගන්වගන්න ඕන තැන් වර්ණ ගනවගන්න පුළුවන්.

Patch Tool
නම දැක්කමනම් වැඩේ තේරෙනවත් ඇති. ඔව් මේකෙන් කරන්නේ පින්තූර වල තියන පැච් අයින් කරගන්න එකයි. මේක කරන්නේ මෙහෙමයි. පැච් එක Select කරලා ඒ Selection එක පින්තූරයේ අවුලක් නැතුව හොදට තියන තැනකට ගිහින් අත අරින්න. එතකොට ෆොටෝෂොප් විසින්ම වර්ණ ගලපාගෙන ලස්සනට වැඩේ කරලා දෙනවා.

Red Eye Tool
දන්නවනේ ඉතින් කැමරා වලින් රාත්‍රී කාලයේ ගන්න ෆොටෝ වලට අපි අනිවා ෆ්ලෑෂ් ලයිට් එක පාවිච්චි කරනවනේ. එතකොට ගොඩක් වෙලාවට වෙන වැඩක් තමයි ඇස් රතු පාට වෙන එක. මේ ටූල් එකෙන් එ රතු පාට වෙච්ච ඇස් ආයෙත් හරිගස්සගන්න එක සිම්පල් වැඩක්.

8.Brush Tool
මේකෙත් Sub Tools තුනයි.
*Brush Tool
*Pencil Tool
*Colour Replacement Tool

Brush Tool
බ්‍රෂ් එකෙන් ඉතින් පොල් ගාන්නේ නැහැනේ නේද? මේකනම් පැහැදිලි කරන්න ඕනද කියලත් හිතෙනවා ඇති නේද? යමුකෝ තව ඉස්සරහට මේකේ තියන වැඩ කෑලි කියලා දෙන්න. දැනට හිතාගෙන ඉන්නකෝ බ්‍රෂ් එක තියෙන්නේ අර Microsoft Paint වල බ්‍රෂ් එකෙන් කරනවා වගේ වැඩකට කියලා.

Pencil Tool
මෙකෙන්නම් කරන්නේ ඉතින් සාමාන්‍ය පැන්සලකින් කරන වැඩේම තමයි. ඔහේ අදින එක තමයි. මටනම් හිතෙනවා මොකට මේ ටූල් එක ෆොටෝෂොප් වලට දැම්මද කියලා  :D

Colour Replacement Tool
මේකෙන් වෙන්නේ වර්ණයක් ආදේශ කරන එක තමයි. මේකෙදිත් අර කලින් වගේ Replace කරන්න ඕන වර්ණය තෝරාගන්නේ Keyboard එකේ ALT යතුර ඔබාගෙනයි.

9.Stamp Tool
මේකෙත් Sub Tools දෙකයි.
*Clone Stamp Tool
*Pattern Stamp Tool

Clone Stamp Tool
මේකෙන් කරන වැඩෙත් අර පැච් ටූල් වලින් කරපු වැඩේට ටිකක් සමානයි. කරලම බලන්න ඕන ඉතින්.

Pattern Stamp Tool
දන්නවනේ ඉතින් මුද්දර ගහන වැඩේ. අන්න ඒ වගේ තමයි අවශ්‍ය Pattern එකක් දීල මුද්දර ගහනවා වගේ පාට කරගන්න එක තමයි තියෙන්නේ.

10.History Brush Tool
මේකෙත් Sub Tools දෙකයි.
*History Brush Tool
*Art History Brush Tool

History Brush Tool
මේකෙන් කරන්නේ අපි අතින් මොකක්හරි කරමින් ඉන්න නිර්මානයක වැරද්දක් වුනොත් ඇගට නොදැනෙන්න ආපහු හරිගස්සන එකයි. මේකත් කරලම බලන්න ඕනා හොදටම තේරෙන්න.

Art History Brush Tool
මේකෙන් කරගන්නෙත් අර කලින් කරපු වැඩේම තවත් කලාත්මකව කරගන්න එකයි. මේකෙන් පුළුවන් කලින් ටිකම අවශ්‍ය Style එකක් දීල ඒ විදිහට බ්‍රෂ් කරගන්න.

11.Eraser Tool
මේකෙත් Sub Tools තුනයි.
*Eraser Tool
*Background Eraser Tool
*Magic Eraser Tool

Eraser Tool
මෙකෙනෙම් කිසිම විස්තරයක් නැහැ ඔහේ මකන එක තමයි වෙන්නේ.

Background Eraser Tool
මේකෙත් ඔය කලින් කිව්ව ටිකමයි, හැබැයි වෙන්නේ Background එකේ.

Magic Eraser Tool
මතකයි නේද අර අපි කලින් කතා කරපු Magic Wand ටූල් එක. ඒ ටිකමයි මේකෙන් වෙන්නෙත්. එකම වර්ණ පරාසයක තියන කොටස් තෝරාගෙන මකන එකයි මේකෙන් කරන්නේ..

12.Gradient Tool
මේකෙත් Sub Tools දෙකයි.
*Gradient Tool
*Paint Bucket Tool

Gradient Tool
මේකෙන් කරන්නේ අවනතියක් ආකාරයෙන් වර්ණ පුරවාගන්න එකයි. සිංහලෙන් කිව්ව ටිකනම් තේරෙන්න නැතුව ඇති. ඒත් ඉංගිරිසියෙන් තියන ටික තේරෙනවනේ.

Paint Bucket Tool
මේකනම් විලිසංගයක් නැතුව මගෙන් අහන්න එපෝ... හික්ස්.. හරි හරි.. මේකෙන් කරන්නේ පාට පුරවන එකයි අයියෝ..

13.Blur Tool
මේකෙත් Sub Tools තුනයි.
*Blur Tool
*Sharpen Tool
*Smudge Tool

Blur Tool
කෙටියෙන්ම කිව්වොත් මේකෙන් කරන්නේ බොද කරගන්න එකයි.

Sharpen Tool
මේකෙන් කරන්නේ තීව්‍ර ගතිය හෙවත් Sharpness එක වැඩිකරගන්න එකයි.

Smudge Tool
කොහොමද අලුතින් තීන්ත ගාපු බිත්තියක තීන්ත වේලෙන්න කලින් ඇගිල්ල බිත්තිය දිගේ ඇදගෙන යද්දී තියන ගතිය නේද? හික්ස්.. මූ මේ මොනවද කියන්නේ බැලුවද? ඒ කියපු ටික තමයි මේ ටූල් එකෙන් වෙන්නේ.. ඒකයි කියන්න දැගලුවේ..  :D

14.Burn Tool
මේකෙත් Sub Tools තුනයි.
*Dodge Tool
*Burn Tool
*Sponge Tool

Dodge Tool
මේකෙන් කරන්නේ ෆොටෝ එකේ Whiteness එක වැඩි කරගන්න එකයි. නිකන් එලිය කරනවා වැඩේ වැඩක්..

Burn Tool
අර කලින් ටූල් එකේ උතුර දකුණ මාරු කලා වගේ තමයි මේ ටූල් එක. අදුරු ගතිය වැඩි කරන එකයි මේකෙන් කරන්නේ.

Sponge Tool
මේකෙන් කරන්නේ පාට ස්පොන්ජ් කරනවා වගේ වැඩක්. මේකනම් තේරෙන්න කරලම බලන්න ඕන..

15.Pen Tool
මේකේ Sub Tools 5ක් තියනවා. මේ ටිකනම් ටිකක් බය හිතෙන ටූල් ටිකක්. ඒක නිසා හදුන්වල දෙන්නම්. කරන වැඩ ටිකක් පහු වෙලාම කරමු හොදද.. ආහ්හ්... තව එකක්.. අර Lasso/Marquee වගේ ටූල් වලින් කරන වැඩ මතකයි නේද.. මේ ටූල් එක ගොඩක් Studio වල පාවිච්චි කරන්නේ ඒ වැඩේට... එව්වා පහු වෙලා කතා කරමු විස්තර ඇතුව..
*Pen Tool
*Freeform Pen Tool
*Add Anchor Point Tool
*Delete Anchor Point Tool
*Convert Point Tool

Pen Tool
මේකෙන් තමයි පාත් එක ඇදගන්නේ.. මේ ටූල් එක මගින් එක Mouse ක්ලික් එකකින් එක Point එකක් නිරූපණය වෙනවා..

Freeform Pen Tool
මේකෙන් අර Lasso Tool එකේ වගේ Mouse එක ක්ලික් කරගෙනම පාත් එක ඇදගන්න තමයි තියෙන්නේ.

Add Anchor Point Tool
මේකෙන් පුළුවන් ඇදගත්ත පාත් එකටම තවත් Point එකක් එකතු කරගන්න.

Delete Anchor Point Tool
මේකෙන් කරන්නේ පාත් එකේ තියන Point එකක් මකාගන්න එකයි.

Convert Point Tool
මේකෙන් කරන්නේ පාත් එකේ තියන Point දෙකක් අතර නැම්ම වෙනස් කරගන්න එකයි.

16. Type Tool
මේකෙත් Sub Tools හතරයි.
*Horizontal Type Tool
*Vertical Type Tool
*Horizontal Type Mask Tool
*Vertical Type Mask Tool

Horizontal Type Tool
මේකෙන් කරන්නේ සාමාන්‍ය පරිදි වමේ සිට දකුණට ලියන එකයි.

Vertical Type Tool
මේකත් ඉතින් අසාමාන්‍ය නැහැ සාමාන්‍ය පරිදිම තමයි. හැබැයි ලියන්නේ උඩ සිට පහළටයි.

Horizontal Type Mask Tool
මේකෙන් කරන්නේ වමේ සිට දකුණට අකුරු වල හැඩයට Selection එකක් හදාගන්න එකයි. මේ ටූල් එක අරගෙන ටයිප් කරද්දී මාස්ක් එකක් උඩ ටයිප් වෙන්නේ. ටයිප් කරලා ඉවර උනාම ඒක ඒ අකුරු වල හැඩයේ Selection එකක් වෙනවා..

Vertical Type Mask Tool
මේකෙන් වෙන්නෙත් ඔය කලින් කිව්ව මාස්ක් ටූල් එකේ සිද්දීයමයි. හැබැයි වැඩේ වෙන්නේ උඩ සිට පහලට.

17.Path Selection Tool
මේකෙත් Sub දෙකයි.. මේ මොනවා අහනවද මේකෙන් කරන්නේ පාත් Select කරගන්න එක තමා ඉතින්.. 

18.Shape Tool
මේකේ Sub Tools හයක් තියනවා.... ඒ ඔක්කොගෙම තියෙන්නේ අපිට ඕනා හැඩතල. අපිට අවශ්‍ය පරිදි අරගෙන අදින එක තමා මේකෙන් කරන්නේ..

19.Note Tool
මේකෙත් Sub Tools දෙකයි.
*Note Tool
*Audio Annotation Tool

Note Tool
මේකෙන් කරන්නේ ඉතින් නෝට් එකක් එකතු කරගන්න එකයි...

Audio Annotation Tool
මේකෙන් කරන්නේ ඉතින් සංගීත අනුසටහනක් එකතු කරගන්න එකයි..

20.Colour Picker Tool
මේකේ Sub Tools හතරයි කියමුකෝ..
*Eyedropper Tool
*Colour Sampler Tool
*Ruler Tool
*Count Tool

Eyedropper Tool
මේකෙන් කරන්නේ කොහෙහරි තියන අපිට අවශ්‍ය පාටක් ඉතා ඉක්මනින් අදුරගෙන ඒක අපේ Foreground Colour එක හෙවත් මතුපිට වර්ණය විදිහට ආදේශ කරගන්න එකයි..

Colour Sampler Tool
මේකෙන් වෙන්නේ කොහෙහරි තියන වර්ණයක RGB/CMYK ලෙස වෙන් වෙන්ව වර්ණ සංයෝජනය සිදුවී ඇති අනුපාතය පෙන්වීමයි.. එකවර වර්ණ 4ක සංයෝජන රදවා තබා ගැනීමට හැකියාවක් මෙම ටූල් එකට තිබේ..

Ruler Tool
මෙම ටූල් එක මගින් එක ස්ථානයක සිට තවත් ස්ථානයකට ඇති ආනතිය සහ දුර වැනි තවත් මිනුම් ලබා ගැනීමට හැකිවේ..

Count Tool
එක ස්ථානයක සිට තවත් ස්ථානයකට හෝ ස්ථාන කිහිපයක ඇති වර්ණ සංයෝජන සහ පිහිටීම් ආශ්‍රිත විස්තර අනු පිළිවෙලට ලබා ගැනීමට මෙම ටූල් එක යොදා ගනී..

21.Hand Tool
මේකෙන් කරන්නේ අපි වැඩ කරමින් ඉන්න Layer එක එහා මෙහා ගෙනයාමයි.. ඒ සදහා Keyboard එකේ Spacebar යතුර ඔබාගෙන Mouse ක්ලික් එකත් සමගම එහා මෙහා ගෙන යා හැක.

22.Zoom Tool
මේකෙන් කරන්නේ ඉතින් විශාලනය කරන එකනේ.. අපේ වචන වලින් කිව්වොත්නම් ඉතින් සූම් කිරිල්ල තමා...

23.Set Colour Tool
මේකෙන් කරන්නේ Background සහ Foreground; එහෙම නැත්නම් මතුපිට හා පසුබිම් වර්ණ වෙනස් කරගන්න එකයි..

24.Quick Mask Tool
මේකෙන් කරන්නේ ක්ෂණිකව මතුපිට හා පසුබිම් වර්ණ කළු,සුදු ආකාරයට තාවකාලිකව වෙනස් කරගන්න එකයි..

25.Change Screen Mode Tool
මේකෙන් කරන්නේ අපි වැඩ කරමින් සිටින Layer එක අපිට මොන විදිහටද තිරයේ දර්ශනය වෙන්න ඕනා කියන එක තීරණය කරගන්න එකයි. මෙහි Keyboard එකේ කෙටි යතුර (F) වේ.
............................................................................................................

ඔන්න ඉතින් පලවෙනි කුප්පියනම් ඉවරයි.. කුප්පියනම් ටිකක් දිගයි. ඒත් ඉතින් බෙහෙත් බොන විදිහටනේ ලෙඩ හොද වෙන්නේ. දන්නවනේ ඉතින් මේ ක්ෂේත්‍රයේ තියන දේවල් දවසින් දෙකෙන් කරලා ඉවර කරන්න බැහැ කියලා... එහෙනම් පලවෙනි කුප්පිය හොදට කියවල  ලෑස්ති වෙලා ඉන්න අද හෙටම දෙවෙනි කුප්පියත් දානවා.. ඊලග කුප්පියෙන් අපි බලමු ෆොටෝෂොප් වල තවත් විස්තර ටිකක් සහ පොඩි වැඩ කෑලි කීපයක් දාල ෆොටෝස් Edit කරන විදිහ.. පොඩි ට්‍රික්ස් ටිකකුත් කියලා දෙන්නම්කො.... එහෙනම් ඊලග කුප්පියෙන් හම්බ වෙමු.. අදට නවතිමු....

එහෙනම්..
ඔබට ජය වේවා...!!

10 comments:

හිතේ තියන ටික මෙතන කොටලම හිටියනම්...