Slide # 1

NEED FOR SPEED RIVALS ® නොමිලේ

මේක Need For Speed ක්‍රීඩා මාලාවේ අලුත්ම එළිදැක්වීම..''RIVALS'' තමයි නම.. මේ ක්‍රීඩාව Action හා Racing කියන කොටසට තමයි අයත් වෙන්නේ Read More

Slide # 2

Desktop එක ලස්සන කරගමු

හැමදාම දකින කුකුලගේ කරමලේ සුදුයි වගේ දැකල දැකලම වින්ඩෝස් 7 වල Default View එක එපා වෙලාද? එහෙනම් පොඩ්ඩක් බැලුවනම් ඔය උඩ තියන පින්තූරය දිහා :D හොදයිද? Read More

Slide # 3

100%ක් INTERNET SPEED එක සුපිරියට වැඩි කරගමු

මම දන්නවා ගොඩක් අය තමන්ගේ අන්තර්ජාල වේගය කොච්චර තිබ්බත් මදි කියලනේ හිතන්නේ Read More

Slide # 4

PEN DRIVE එකෙන් ඕනෑම වින්ඩෝස් එකක් දාමු

ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි වින්ඩෝස් දාන්න CD/DVD අවශ්‍ය එක.. ඔන්න අද කියන්න යන්නේ Pen Drive එකකින් වින්ඩෝස් දාන විදිහයි Read More

Slide # 5

ඔබේ කාමරය WI-FI කලාපයක් කරගන්න

කොහොමද ඔයාගේ කාමරේ Wi-Fi Zone එකක් කරගන්න තියනවනම් නේද? ආව් ආව් කටට ආව හිනාව නේද? ඔව් ඔව් එක තමයි මේ කරන්න හදන්නේ Read More

Thursday, December 27, 2012

හැම ෆෝන් එකකින්ම සිංහල Internet - NO ROOTING NEED.!!



ඔන්න ඉතින් තවත් ගොඩක් අයට වටිනා පෝස්ට් එකක් අරගෙන තමයි ආවේ. SK ඉතින් හිස් අතින් එන මනුස්සයෙක්යෑ.. ඔන්න ඉතින් පටන් ගත්ත කයිවාරුව.. :D හරි එහෙනම් වැඩේ කොරන්ට පට්ටාන් ගමු නේ.. මේකනේ ඉතින් Android ෆෝන් වලට එහෙම Root කරලා සිංහල ෆොන්ට්ස් එහෙම දාල, තවත් කතන්දර ගොඩාක් තියනවනේ සිංහල අකුරු තියන වෙබ් පිටු, බ්ලොග් වගේ දේවල් බලන්න නේද? ඔන්න ඉතින් ඒ සීන් එකට පොඩි විසදුමක් ගෙනාවා.. අනේ අපේ Root නොකරපු ෆෝන්,  ඒ වගේම තව පරණ ෆෝන් එහෙම තියන් ඉන්න අයියලා මේක රස කර කර බලයි නේ..

මෙන්න මෙහෙමනේ සාමාන්‍යයෙන් ෆෝන් එකකින් සිංහල තියන වෙබ් එකකට ගියාම පේන්නේ...


දැක්කමත් ඔලුව හතරට පළල ණයට දුන්න වගේ නේද? හිකිස්... හරි මම එහෙනම් මේ වැඩේ Android OS එකෙන් කරන විදිහ කියලා දෙන්නම්. 
අනිත් හැම එකකින්ම කරන්නෙත් මේ විදිහටමයි.

මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ. අපි මේක කරන්නේ Opera Mini Web Browser එක මගින්.. මුලින්ම මෙන්න මේ ලිපිනයට යමුකෝ. එතකොට මේ පහල වගේ එයි.
http://m.operamini.com


එතනින් Opera Mini බාගන්න. 
(සැ:යු-Opera Mobile වලින් කල නොහැක)

එතනින් Download දුන්නම Google Play එකෙන් Download වෙයි.
මෙන්න මේ පහල වගේ. (Open/Uninstall කියල වැටිලා තියෙන්නේ මේ වෙද්දීත් දාල තියන නිසයි) Android නොවෙන ෆෝන් වල Google Play එකට යන්නේ නැතුව කෙලින්ම Download වෙයි.


දැන් Download කරලා ඉවර වෙලා එහෙම ඉතුරු ටික කරන්නේ මෙන්න මෙහෙමයි. මෙන්න මේ පහල තියනවා වගේ " opera:config " කියලා Search කරන්න. එතකොට Opera Mini එකේ Configuration එයි. මෙන්න මේ පහල වගේ තමයි Search කරන්න ඕනා..


එහෙම Search කලාට පස්සේ මෙන්න මේ පහල වගේ Configuration එක එයි. ඒ Page එක පහලටම Scroll කරගන්න. එතකොට පහලම ඇති " Use bitmap fonts for complex scripts " කියලා. සාමාන්‍යයෙන් ඒක තියෙන්නේ NO කියලා. ඔයාල ඒක YES කරලා Save කරන්න.



දැන් Opera Mini එක Restart කරලා එහෙම සිංහල තියන වෙබ් එකකට, බ්ලොග් එකකට ගිහින් බලන්නකෝ. එතකොට මේ පහල වගේ ලස්සනට සිංහල ටික එනවා..



එහෙන් මෙහෙන් පොඩි පොඩි ඇලපිලි ඉස්පිලි ප්‍රශ්න සමහරවිට එයි. එව්වා ඉතින් එහෙම මහා දේවල් නෙමෙයි. ඒකට හේතුව ඒ බ්ලොග් එකට, වෙබ් එකට පාවිච්චි කරලා තියන සිංහල අකුරු වර්ගය. මොකෝ කුප්පිය වටිනවා නේද. එහෙනම් අදට කුප්පිය ඉවරයි. නිදිමතකුත් එනවා ඔන්න දැන්.

ඔන්න අපි කැපුනා ඈ..
එහෙනම්..
ඔබට ජය වේවා..!!

5 comments:

  1. thanx ayyyaaaaaaaaaa!!!!!!!!!!!!!

    ReplyDelete
  2. ඕක ඇන්ඩ්‍රොයිඩ් වලට විතරක් අදාල නෑ බන්. උබ ඔපෙරා මොබයිල් එකට ඔක කරන්න බෑ කියල දාල තියෙන්නේ......ඒකෙනුත් කරන්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. මම කොහෙදිවත් මේක ANDROID වලව විතරක් අදාලයි කියලා නැහැ.. මම කියලා තියෙන්නේ ANDROID OS එකෙන් කරන විදිහයි මේ දාල තියෙන්නේ කියලා.. කොමෙන්ටුවක් දාන්න කලින් ලිපිය හරියට කියවන්න... OPERA MOBILE වල RENDERING ගැටළු තියනවා MR:ANONYMOUS.

      Delete
  3. Elaaaaaaaaaaaaaaaaaaaaaaa.Kiyala Wadak Na Niyamaiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii..........

    ReplyDelete

හිතේ තියන ටික මෙතන කොටලම හිටියනම්...