Slide # 1

NEED FOR SPEED RIVALS ® නොමිලේ

මේක Need For Speed ක්‍රීඩා මාලාවේ අලුත්ම එළිදැක්වීම..''RIVALS'' තමයි නම.. මේ ක්‍රීඩාව Action හා Racing කියන කොටසට තමයි අයත් වෙන්නේ Read More

Slide # 2

Desktop එක ලස්සන කරගමු

හැමදාම දකින කුකුලගේ කරමලේ සුදුයි වගේ දැකල දැකලම වින්ඩෝස් 7 වල Default View එක එපා වෙලාද? එහෙනම් පොඩ්ඩක් බැලුවනම් ඔය උඩ තියන පින්තූරය දිහා :D හොදයිද? Read More

Slide # 3

100%ක් INTERNET SPEED එක සුපිරියට වැඩි කරගමු

මම දන්නවා ගොඩක් අය තමන්ගේ අන්තර්ජාල වේගය කොච්චර තිබ්බත් මදි කියලනේ හිතන්නේ Read More

Slide # 4

PEN DRIVE එකෙන් ඕනෑම වින්ඩෝස් එකක් දාමු

ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි වින්ඩෝස් දාන්න CD/DVD අවශ්‍ය එක.. ඔන්න අද කියන්න යන්නේ Pen Drive එකකින් වින්ඩෝස් දාන විදිහයි Read More

Slide # 5

ඔබේ කාමරය WI-FI කලාපයක් කරගන්න

කොහොමද ඔයාගේ කාමරේ Wi-Fi Zone එකක් කරගන්න තියනවනම් නේද? ආව් ආව් කටට ආව හිනාව නේද? ඔව් ඔව් එක තමයි මේ කරන්න හදන්නේ Read More

Showing posts with label Microsoft. Show all posts
Showing posts with label Microsoft. Show all posts

Wednesday, January 16, 2013

පරිගණකයට අධිපති දෙවියා වෙමුද?



කාලෙකින් නේ... එල එල ඈ.. එහෙනම් ඔන්න කුප්පියක් බස්සන්න හදන්නේ.. 

දෙයියෝ වදින්නත් පඩුරු දාන්න ඕනනේ මේ කාලේ නේද? මොකෝ කියන්නේ ගෙදර ඉදලම දෙවියෙක් වෙමුද? හිකිස්.... SK ගේ මොලේ කොලොප්පන් වෙලා කියලා හිතුවද.... නෑ නෑ.. අද කියල දෙන්න යන්නේ තමුන්ගේ පරිගණකයට අධිපති දෙයියා තමුන්ම වෙන විදිහ ගැන..

ඇන්ඩ්‍රොයිඩ් Device වල ROOT කතාව දන්නවනේ... රූට් නොකර Root Permission දෙන්නේ නැහැනේ... අන්න ඒ වගේ කට්ටිය හිතන් හිටියට අපේ කොමාගේ ලොක්ක අපි තමා කියලා,, ඒක සිරාවටම එහෙම නැහැ.. පරිගණකයේ Windows වල වැඩ ටික 100%ක්ම අපිට දෙන්නේ නැහැ.. ඒක අපි ගන්න ඕනා... ඒක කරන විදිහ තමා කියල දෙන්න හදන්නේ.. ඇන්ඩ්‍රොයිඩ් වලට Root Permission වගේ Windows වලට කියන්නේ GOD MODE කියලා.. මේකෙන් කරන්නේ කොමාගේ Setting තියන තැන් ඔක්කොම එකම තැනකට ගන්න එකයි... කරන්න තියෙන්නේ මේකයි.. 

*ඩෙස්ක්ටොප් එකේ New Folder එකක් ගන්න..
*දැන් පහල විදිහට Rename කරන්න..

GodMode.{ED7BA470-8E54-465E-825C-99712043E01C}

WINDOWS VISTA/ WINDOWS 7/ WINDOWS 8 TESTED

එතකොට ලස්සනට GOD MODE කියලා එකක් එයි.. ඒක ඇතුලේ තියෙන්නේ ගින්දර වගේ කොමාගේ සියලුම සෙටින් ෆයිල්.. සාමාන්‍ය පාවිච්චියේදී මලාට හොයන්න අමාරු ඔක්කොම තියනවා.. 
"හැමදේම එකම වහලක් යටින්" සුපර්මාකට් එකක් වගේ.. :D



එහෙනම් ඔන්න අදට කුප්පිය ඉවරයි.. ඉක්මනට තව එකක් ඔබන්නම් ඈ... 

එහෙනම්..
ඔබට ජය වේවා..!!

Monday, December 31, 2012

හැමදෙනාම දැනගතයුතු Run Command 21ක්



ඔන්න තවත් කුප්පි කෑල්ලක් අතාරින්න තමයි හදන්නේ... 
අපි හැමෝම ඉතින් කෑලි හතරේ කොම්පියුටරේ වැඩ කෑලි එහෙම දන්නවනේ.. ඒත් දන්නවද පරිගණක පාවිච්චි කරන හැමකෙනෙක්ම අනිවාර්යෙන්ම දැනගතයුතු Run විධාන තියනවා කියලා.. අද කුප්පියෙන් ඒ ගැන තමයි කතාව ඈ.. Run විධාන කිව්වම ඉතින් නොසෑහෙන්න තියනවනේ නේද? ඒත් සමීක්ෂණ වලින් හෙළිවෙලා තියනවා පරිගණක පාවිච්චි කරන අයගෙන් 0.5%ක් වත් මේ විධාන දන්නේ අදුරන්නේ නැහැ කියලා.. ඒ 0.5% සෙට් එකට ඇතුලත් වෙනවා කියන එක අමු චාටර් නේද?  එහෙනම් මේකයි කතාන්දරේ... මේ විධාන වලිනුත් අත්‍යාවශ්‍යම විධාන 21ක් හදුනාගෙන තියනවා.. අපි ඒ ටික මොනවද කියලා බලමු..

දන්නා අය මේක නොදැක්ක ගානට ඉන්න. නොදන්නා අය මේක බලලා අර 0.5% සෙට් එකෙන් අයින් වෙන්න :D


1) compmgmt.msc - for computer managent
2) devmgmt.msc - device manager
3) regedit - registry editor
4) msconfig - system configuratn utility . . .
5) compmgmt.msc - Computer management
6) devmgmt.msc - Device manager
7) diskmgmt.msc - Disk management
8) dfrg.msc - Disk defrag
9) eventvwr.msc - Event viewer
10) fsmgmt.msc - Shared folders
11) gpedit.msc - Group policies
12) lusrmgr.msc - Local users and groups
13) perfmon.msc - Performance monitor
14) rsop.msc - Resultant set of policies
15) secpol.msc - Local security settings
16) services.msc - Various Services
17) msinfo32 - System Information
18) sysedit - System Edit
19) win.ini - windows loading information(also system.ini)
20) winver _ Shows current version of windows
21) calc - calculator

හොදා නේද අද කුප්පිය.... එහෙනම් ආයෙත් එල කුප්පියකින් සෙට් වෙමු ඈ... ඔන්න මම කැපුනා..

එහෙනම්..
ඔබට ජය වේවා..!!

කොම්පියුටරයේ වෙලාව සිංහලෙන් බලමුද? [Taskbar]


වැඩේ තේරෙනවා නේද ඔය පින්තූරය දැක්කම. හරි මේකයි කරන්නේ.
සාමාන්‍යයෙන් ටාස්ක්බාර් එකේ වෙලාව තියෙන්නේ AM/PM විදිහටනේ.. කොහොමද ඉතින් උදේ/ සවස කියල වගේ දැම්මම තියනවා  නේද අමුතු ගැම්මක්. එහෙනම් අද කුප්පියෙන් ඒ ගැම්ම ගමු නේ.. 

හරි එහෙනම් මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ...

වින්ඩෝස් XP/ වින්ඩෝස් 7/ වින්ඩෝස් 8 කියන ඔක්කොගෙම කරන්න තියෙන්නේ එකම විදිහටයි. එක නිසා කිසිම කොස්සකුත් නැහැ.. විනාඩියේ දෙකේ කේස් එකක් තියෙන්නේ ඒක නිසා බයවෙන්න දේකුත් නැහැ.. :D 

හරි එහෙනම් වැඩේ බලමු නේද? මම මේක වින්ඩෝස් 8 එකේ කරන විදිහ පෙන්නන්නම්. අනිත් වින්ඩෝස් වලනම් මේ වගේවත් අමාරු නැහැනේ... හරි එහෙනම් මෙන්න කරන විදිහ..

1. Control Panel යන්න.



2. Region ගිහින් Additional Setttings  යන්න.



3. දැන් Time ටැබ් එකට ගිහින් AM symbol/ PM symbol කියන දෙකට උදේ සවස කියලා දෙන්න.. ඕනනම් තමන්ට ඕන නමකුත් දෙන්න පුළුවන් ;) "සිංහල නැත්තම් මෙතනින් ගන්න"




හරි එහෙනම් වැඩේ ඉවරයි ඔන්න.. ආයෙත් කුප්පියකින් සෙට් වෙමු කියල SK කැපුනා එහෙනම් ඈ..

එහෙනම්..
ඔබට ජය වේවා..!!

Friday, December 28, 2012

Windows 8 වල .NET Framework අවුල හරිගස්සමු



ඔන්න ටිකක් වැදගත් කියන කුප්පියක් අරගෙන ආවා.. දැන් ඉතින් කෂ්ටිය ගොඩාක් ජනෙල 7න් එලියට ඇවිල්ලා අටවෙනි ජනේලේ එල්ලිලානේ ඉන්නේ. මමත් ඉතින් එහෙම තමයි.. ඒ උනාට මේ වින්ඩෝස් 8 එකේ අවුලකට කියල තියෙන්නේ .NET Framework ප්‍රශ්නය නේද? හරි ඉතින් ඔන්න ඒකට විසදුමක් අරගෙන ආවා.. අපිට ඉතින් රැවුලත් ඕනා කැදත් ඕනා නේ. ජනේල 8 හින්දා අහක දාන්නත් බැහැ, .NET හින්දා තියාගන්නත් බැහැ කියලා හිතුන කාලේ ඉවරයි දැන්. ඒක නිසා මෙන්න රැවුල බේරාගෙන කැද බොන විදිහ කියලා දෙන්නයි හදන්නේ.. මේක Command Prompt වලිනුත් කරන්න පුළුවන්. නමුත් ඒකට වින්ඩෝස් 8 DVD එකත් ඕනා.. තවත් කතන්දර වැඩ තියනවා ඒ විදිහට කරන්න ගියොත්. ඒක නිසා වෙන විදිහකට කරන්න හදන්නේ... වැඩේ ලේසි නේද වීඩියෝ එකකින් තිබ්බනම්..අන්න ඒ නිසාම වැදගත් කුප්පියක් නිසා වීඩියෝ එකකුත් බැස්සුවා ඔන්න කුප්පියට... එහෙනම් ඒකෙන් බලලම වැඩේ කරගන්නකො.

මෙන්න තියනවා වීඩියෝ එක. (පැහැදිලි මදි වගේනම් Quality වැඩි කරගෙන බලන්න)



එහෙනම් ඔන්න ඒ කුප්පියත් ඉවරයි.. තවත් කුප්පියකින් ඉක්මනටම  සෙට් වෙමු නේද?..

එහෙනම්..
ඔබට ජය වේවා..!!

Thursday, December 27, 2012

Microsoft Office 2010 නොමිලේ බාගෙන නොමිලේම Activate කරගමු



ඔන්න තවත් පොඩි කුප්පි කෑල්ලක් අරගෙන ආවා.. අපේ වැඩ වලට අපි ගොඩාක් යොදාගන්න මෘදුකාංගයක් තමයි Office Package එක. ඒත් ඉතින් සල්ලි දීල ගන්න මහත්වරු කීයෙන් කීදෙනාද ඉන්නේ නේද? අනේ එහෙම කිව්වට මමත් සල්ලි දීල ගන්න කෙනෙක්නම් නෙමෙයි ඔන්න. හරි හරි එහෙනම් මේකයි වැඩේ. ඉස්සෙල්ල Microsoft Office Home And Student එකේ Trial එක බාගන්න ඕනා (මෙතනින් බාගන්න) දැන් ඉතින් තියෙන්නේ ඇක්ටිවේට් කරන වැඩේ නේ. හරි හරි. ඊට කලින් Product Key එකත් ඕනනේ..

මෙන්න තියනවා Product Key එක
KCQQJ-B3HPF-9MDDG-MP9YW-R3V97

දැන් ඉතින් ඕක දාල ඉන්ස්ටෝල් කරලා එහෙම ඇක්ටිවේට් කරන වැඩේට බහිමු. කතන්දර ඕන නැහැ කෙලින්ම බඩු දෙන්නම්කො. පහලින් තියනවා ඇක්ටිවේටර් එක නොමිලේම බාගන්න.

Download Microsoft Office 2010 Free Activator
PASSWORD- pariganakaathwela

ආයෙත් තවත් කුප්පියකින් හම්බවෙමු....
එහෙනම් අපි කැපුනා..
ඔබට ජය වේවා..!!