Slide # 1

NEED FOR SPEED RIVALS ® නොමිලේ

මේක Need For Speed ක්‍රීඩා මාලාවේ අලුත්ම එළිදැක්වීම..''RIVALS'' තමයි නම.. මේ ක්‍රීඩාව Action හා Racing කියන කොටසට තමයි අයත් වෙන්නේ Read More

Slide # 2

Desktop එක ලස්සන කරගමු

හැමදාම දකින කුකුලගේ කරමලේ සුදුයි වගේ දැකල දැකලම වින්ඩෝස් 7 වල Default View එක එපා වෙලාද? එහෙනම් පොඩ්ඩක් බැලුවනම් ඔය උඩ තියන පින්තූරය දිහා :D හොදයිද? Read More

Slide # 3

100%ක් INTERNET SPEED එක සුපිරියට වැඩි කරගමු

මම දන්නවා ගොඩක් අය තමන්ගේ අන්තර්ජාල වේගය කොච්චර තිබ්බත් මදි කියලනේ හිතන්නේ Read More

Slide # 4

PEN DRIVE එකෙන් ඕනෑම වින්ඩෝස් එකක් දාමු

ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි වින්ඩෝස් දාන්න CD/DVD අවශ්‍ය එක.. ඔන්න අද කියන්න යන්නේ Pen Drive එකකින් වින්ඩෝස් දාන විදිහයි Read More

Slide # 5

ඔබේ කාමරය WI-FI කලාපයක් කරගන්න

කොහොමද ඔයාගේ කාමරේ Wi-Fi Zone එකක් කරගන්න තියනවනම් නේද? ආව් ආව් කටට ආව හිනාව නේද? ඔව් ඔව් එක තමයි මේ කරන්න හදන්නේ Read More

Showing posts with label ඇන්ඩ්‍රොයිඩ්. Show all posts
Showing posts with label ඇන්ඩ්‍රොයිඩ්. Show all posts

Friday, February 8, 2013

"Android Root කිරීම යනු" පරිසමාප්ත අර්ථ දැක්වීම


ඔන්න එහෙනම් අදත් තවත් කුප්පියක් දාන්න හදන්නේ.. අද ඉදන් ඉදිරියට Android Rooting / Custom Rom ගැනත් ටිකක් කතාකරන්න තමයි හිතන් ඉන්නේ.. අද තමා ඔන්න මුලින්ම පටන්ගන්නේ.. නොදන්නා අයට ප්‍රශ්නයක් ඇති මොකක්ද මේ Root කරනවා කියන්නේ කියලා..
Root කරනවා කියන්නේ ඉතින් Android උපාංගයේ සම්පූර්ණ බලය අපි අතට ගන්නවා කියන එක තමයි.. මොකද අලුතින් ගන්න Android උපාංගයේ සම්පූර්ණ බලය අපිට නැහැ.. තව ටිකක් පැහැදිලි වෙයි පහල තියන ටික බැලුවාම..

Root කිරීමේ වාසි
*Android උපාංගයේ සම්පූර්ණ පාලක බලය ලැබීම
*යම්තාක් දුරට ක්‍රියාකාරිත්වය වැඩි වීම 
*Super User බලතල ලැබීම
*කලින් නොහැකි වූ සියලුම මෘදුකාංග ස්ථාපනය කරවීමේ හැකියාව 
*නවතම Android මෙහෙයුම් පද්ධති යාවත්කාලීන කිරිමේ හැකියාව 
*System එක තුල අවශ්‍ය සියලුම වෙනස්කම් සිදුකිරීමේ හැකියාව
*මෘදුකාංග සිත්සේ බාහිර මතක චිපයට ස්ථාපනය කල හැකි වීම
*Themes, Calenders වැනිදේ සංස්කරණය කිරීමේ හැකියාව
*බැටරි ආයු කාලය සහ බලය වැඩි වීම
*Boot Screen සහ Animation වෙනස් කිරීමේ ඇති හැකියාව
*නිල නොවන Android සංස්කරණ ස්ථාපනය කිරීමේ හැකියාව


Root කිරීමේ අවාසි
*උපාංගයේ වගකීම් කාලය අහෝසි වීම
*සමහර උපාංග වලට නිල යාවත්කාලීන හැකියාව නැතිවී යාම
*නොගැලපෙන ස්ථිරාංග(Firmware) දැමීමෙන් උපාංගයේ වේගය අඩු වීම
*උපාංගය නිවැරදිව Root නොකලොත් අනවශ්‍ය පරිදි ක්‍රියාකාරකම් සිදුවීම(ඔබගේ අනුදැනුමකින් තොරව)

.............මෙහි අඩංගු නොවූ කරුණුද ඇත.............

Android සංස්කරණ වල පරිනාමනය 

Android 1.0 
Android 1.5 (Cupcake)
Android 1.6 (Donut)
Android 2.0/2.1 (Eclair)
Android 2.2 (Froyo)
Android 2.3 (Gingerbread)
Android 3.0 (Honeycomb)
Android 4.0 (Ice Cream Sandwich)
Android 4.1 (Jelly Bean)





තවද ඔබගේ Android උපාංගය නිසිපරිදි Root නොකිරීමෙන් එය "BRICK" යන තත්වයට, එනම් කිසිවක් කල නොහැකි තත්වයට පත්වීමට පවා ඉඩකඩ ඇත. 
එමනිසා ඔබ Android සදහා නවකයෙක්නම් Root කිරීමේදී ඔබ එය නිසිපරිදි කරන්නේද යන්න පිලිබදව මනා අවබෝධයකින් යුතුව මෙය සිදුකරන්න. 

ඉදිරියේදී විවිධ Android උපාංග Root කිරීම හා නිල නොවන සංස්කරණ (Custom Rom) ස්ථාපනය කිරීම පිලිබදව සාකච්චා කිරීමට බලාපොරොත්තුවක් තිබේ. එමනිසා ඔබට යම් උපාංගයක් Root කිරීම හෝ ඒ ආශ්‍රිතව දැනගැනීමට අවශ්‍යනම් එහි මාදිලිය සමග කමෙන්ටුවක් යොදන්න.. එවිට එම උපාංගය ආශ්‍රිත තොරතුරු අප විසින් ලබාදීමට කටයුතු කල හැක..

ඉක්මනටම තවත් අලුත් කුප්පියකින් හමුවෙමු..
එහෙනම්..
ඔබට ජය වේවා..!!

Monday, February 4, 2013

පරිගණක අත්වැල Android App එක නිකුත් වුනා



ඔන්න ඉතින් අදත් ටිකක් හැපී දවසක් කියමුකෝ බලන්න... මොකෝ දන්නවද..? ඔන්න ටිකක් මහන්සි වෙලා හැදුවා අපේ පරිගණක අත්වැලට Android Application එකක්.. ඔන්න ඕක තමා මේ ටිකේ පෝස්ට් එහෙම අඩු වෙන්න හේතුව.. ටිකක් අඩුපාඩු එහෙම ඇති ගණන් ගන්න එපා හොදද.. ඉස්සරහට අප්ඩේට් එහෙම දාලා ඇදලා හදලා ගමු නේද? මේ Application එකේ විස්තර එහෙම පොඩ්ඩක් බලමුකෝ බලන්න...

ඉස්සෙල්ලාම කියන්න පුළුවන් මේක 100%ක්ම SK, ඒ කියන්නේ මගේ වැඩක් කියලා.. SKගේ කියන්නේ ඉතින් ඔයාලගේ කියන එකම තමා..



මේකේ Developing වැඩ ටිකත් ඔක්කොම Skගේම තමා ඉතින්..


ඔන්න අප්ඩේට් කර කර දුක් විදින්න දේකුත් නැහැ කියමුකෝ. මේක 100%ක්ම Auto Update වෙනවා.. ඒක නිසා මම මෙහෙන් Update කරපු ගමන්ම ඔයාලගෙත් අප්ඩේට් වෙනවා..


මේකේ Interface එක මෙන්න මේ පහල තියනවා වගේ..



(අප්ඩේට් වලදී මේක තවත් අලුත් වෙනවා.. වැඩ කෑලි එහෙම වැඩි වෙනවා.)

එක පාරින්ම ෆේස්බුකියට Share කරන්නත් පුළුවන්..


ඔන්න තවත් එල පහසුකමක් දීලා තියනවා.. කෙලින්ම පරිගණක අත්වැලට E-Mail කරන්නත් පුළුවන්.. ඔය තියෙන්නේ පහල.. බලන්නකෝ..


ඔන්න ඉතින් දැනට මේ කතාව පොඩ්ඩකට නවත්තමු.. මොකද ඉස්සරහට IOS,Symbian,Java,Windows Mobile කියන මාදිලි වලටත් මේක හදන්න තමයි හිතන් ඉන්නේ.. එතකොට හැමෝටම හොදයිනේ.. ඔන්න ඉතින් අද 65 වන නිදහස් දවසනේ.. එහෙම කිව්වට SK ඉන්නෙනම් සිරිලංකාවේ නෙමෙයි දැන්.. ඒ වුනාට ඉතින් නිදහසනම් සමරනවා...  ඒක නිසා හැමෝටම අභිමානවත් නිදහස් දිනයක් වේවා කිව්වා ඈ.. :D එහෙනම් දැනට කුප්පියට පොඩි බ්රේක් එකක් දෙමු ඉස්සරහට Continue කරන බලාපොරොත්තුවෙන්.. 

පරිගණක අත්වැල Android App එක නොමිලේ මෙතනින් ගන්න.

එහෙනම්..
ඔබට ජය වේවා..!!

Thursday, December 27, 2012

හැම ෆෝන් එකකින්ම සිංහල Internet - NO ROOTING NEED.!!



ඔන්න ඉතින් තවත් ගොඩක් අයට වටිනා පෝස්ට් එකක් අරගෙන තමයි ආවේ. SK ඉතින් හිස් අතින් එන මනුස්සයෙක්යෑ.. ඔන්න ඉතින් පටන් ගත්ත කයිවාරුව.. :D හරි එහෙනම් වැඩේ කොරන්ට පට්ටාන් ගමු නේ.. මේකනේ ඉතින් Android ෆෝන් වලට එහෙම Root කරලා සිංහල ෆොන්ට්ස් එහෙම දාල, තවත් කතන්දර ගොඩාක් තියනවනේ සිංහල අකුරු තියන වෙබ් පිටු, බ්ලොග් වගේ දේවල් බලන්න නේද? ඔන්න ඉතින් ඒ සීන් එකට පොඩි විසදුමක් ගෙනාවා.. අනේ අපේ Root නොකරපු ෆෝන්,  ඒ වගේම තව පරණ ෆෝන් එහෙම තියන් ඉන්න අයියලා මේක රස කර කර බලයි නේ..

මෙන්න මෙහෙමනේ සාමාන්‍යයෙන් ෆෝන් එකකින් සිංහල තියන වෙබ් එකකට ගියාම පේන්නේ...


දැක්කමත් ඔලුව හතරට පළල ණයට දුන්න වගේ නේද? හිකිස්... හරි මම එහෙනම් මේ වැඩේ Android OS එකෙන් කරන විදිහ කියලා දෙන්නම්. 
අනිත් හැම එකකින්ම කරන්නෙත් මේ විදිහටමයි.

මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ. අපි මේක කරන්නේ Opera Mini Web Browser එක මගින්.. මුලින්ම මෙන්න මේ ලිපිනයට යමුකෝ. එතකොට මේ පහල වගේ එයි.
http://m.operamini.com


එතනින් Opera Mini බාගන්න. 
(සැ:යු-Opera Mobile වලින් කල නොහැක)

එතනින් Download දුන්නම Google Play එකෙන් Download වෙයි.
මෙන්න මේ පහල වගේ. (Open/Uninstall කියල වැටිලා තියෙන්නේ මේ වෙද්දීත් දාල තියන නිසයි) Android නොවෙන ෆෝන් වල Google Play එකට යන්නේ නැතුව කෙලින්ම Download වෙයි.


දැන් Download කරලා ඉවර වෙලා එහෙම ඉතුරු ටික කරන්නේ මෙන්න මෙහෙමයි. මෙන්න මේ පහල තියනවා වගේ " opera:config " කියලා Search කරන්න. එතකොට Opera Mini එකේ Configuration එයි. මෙන්න මේ පහල වගේ තමයි Search කරන්න ඕනා..


එහෙම Search කලාට පස්සේ මෙන්න මේ පහල වගේ Configuration එක එයි. ඒ Page එක පහලටම Scroll කරගන්න. එතකොට පහලම ඇති " Use bitmap fonts for complex scripts " කියලා. සාමාන්‍යයෙන් ඒක තියෙන්නේ NO කියලා. ඔයාල ඒක YES කරලා Save කරන්න.



දැන් Opera Mini එක Restart කරලා එහෙම සිංහල තියන වෙබ් එකකට, බ්ලොග් එකකට ගිහින් බලන්නකෝ. එතකොට මේ පහල වගේ ලස්සනට සිංහල ටික එනවා..



එහෙන් මෙහෙන් පොඩි පොඩි ඇලපිලි ඉස්පිලි ප්‍රශ්න සමහරවිට එයි. එව්වා ඉතින් එහෙම මහා දේවල් නෙමෙයි. ඒකට හේතුව ඒ බ්ලොග් එකට, වෙබ් එකට පාවිච්චි කරලා තියන සිංහල අකුරු වර්ගය. මොකෝ කුප්පිය වටිනවා නේද. එහෙනම් අදට කුප්පිය ඉවරයි. නිදිමතකුත් එනවා ඔන්න දැන්.

ඔන්න අපි කැපුනා ඈ..
එහෙනම්..
ඔබට ජය වේවා..!!

ඇන්ඩ්‍රොයිඩ් වලට සුපිරි ගේම්ස් නොමිලේ #2


ඔන්න අදත් ඇන්ඩ්‍රොයිඩ් වලට තවත් නියමම ගේම්ස් ටිකක් අරගෙන ආවා. මේකේ Data Package එකත් එක්කම සම්පුර්නම ගේම්ස් නොමිලේ තියෙන්නේ. නොමිලේ කියන්නේ අමු අමුවේම නොමිලේ..   3D ගේම්ස් එහෙම බර සෙට් එකක් තියනවා.. මේවා QR එකක් මගින් ගන්නත් පුළුවන්, කෙලින්ම ෆෝන් එකට ගන්නත් පුළුවන්, එහෙම නැත්තම් PC එකට අරගෙන ෆෝන් එකට දාන්නත් පුළුවන්. තමන්ගේ අවශ්‍යතාවය පරිදි  වැඩේ කොරගන්න තමයි තියෙන්නේ. මගේ කාරිය ඔච්චරයි ඉතුරු ටික ඔයාලා කරගන්නකො එහෙනම් ආ.... ඔන්න පහල තියනවා යන්න ඕනා තැන..

ඇන්ඩ්‍රොයිඩ් වලට ගේම්ස් ගන්න මෙතනට යන්න

ආයෙත් එහෙනම් තවත් කුප්පියකින් හම්බවෙමු.
එහෙනම්..
ඔබට ජය වේවා..!!

Saturday, December 1, 2012

ඇන්ඩ්‍රොයිඩ් වලට සුපිරි ගේම්ස් නොමිලේ



ඔන්න කතා ඕන නැහැ.. Android වලට නොමිලේ ගේම්ස් තියනවා .Apk එව්වා. හරි එහෙනම් ගිහින්ම ගන්නකො. ඉන්ස්ටෝල් කරන විදිහ කියල දෙන්න ඕන නැහැනේ. ඒක දැනගන්න ඕන කෙනෙක් ඉන්නවනම් කොමෙන්ට් එකක් දාන්න. කියල දෙන්නම්. එහනම් මෙන්න අපි ගියා.
ඔබට ජය වේවා..!

Android ගේම්ස් නොමිලේ ගන්න මෙතනට යන්න