Slide # 1

NEED FOR SPEED RIVALS ® නොමිලේ

මේක Need For Speed ක්‍රීඩා මාලාවේ අලුත්ම එළිදැක්වීම..''RIVALS'' තමයි නම.. මේ ක්‍රීඩාව Action හා Racing කියන කොටසට තමයි අයත් වෙන්නේ Read More

Slide # 2

Desktop එක ලස්සන කරගමු

හැමදාම දකින කුකුලගේ කරමලේ සුදුයි වගේ දැකල දැකලම වින්ඩෝස් 7 වල Default View එක එපා වෙලාද? එහෙනම් පොඩ්ඩක් බැලුවනම් ඔය උඩ තියන පින්තූරය දිහා :D හොදයිද? Read More

Slide # 3

100%ක් INTERNET SPEED එක සුපිරියට වැඩි කරගමු

මම දන්නවා ගොඩක් අය තමන්ගේ අන්තර්ජාල වේගය කොච්චර තිබ්බත් මදි කියලනේ හිතන්නේ Read More

Slide # 4

PEN DRIVE එකෙන් ඕනෑම වින්ඩෝස් එකක් දාමු

ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි වින්ඩෝස් දාන්න CD/DVD අවශ්‍ය එක.. ඔන්න අද කියන්න යන්නේ Pen Drive එකකින් වින්ඩෝස් දාන විදිහයි Read More

Slide # 5

ඔබේ කාමරය WI-FI කලාපයක් කරගන්න

කොහොමද ඔයාගේ කාමරේ Wi-Fi Zone එකක් කරගන්න තියනවනම් නේද? ආව් ආව් කටට ආව හිනාව නේද? ඔව් ඔව් එක තමයි මේ කරන්න හදන්නේ Read More

Showing posts with label අන්තර්ජාලයේ වැඩ කිඩ. Show all posts
Showing posts with label අන්තර්ජාලයේ වැඩ කිඩ. Show all posts

Friday, December 27, 2013

ටොරන්ට් භාවිතය



ඔන්න ගොඩාක් කාලෙකට පස්සේ තමයි බ්ලොග් එකට පෝස්ට් එකක් දාන්න යන්නේ.. ඔන්න ආයෙත් බ්ලොග් එක දිගටම කෙරෙන්න යන්නේ හොදේ.. මාත් එක්ක තව Author කෙනෙක් එකතු වුනා.. චතු මල්ලි තමයි ඒ.. හරි එහෙනම් ඔන්න වැදගත් පෝස්ට් එකක් එක්කම වැඩේ පටන් ගන්න යන්නේ..

ටොරන්ට්... ටොරන්ට්... ටොරන්ට්...
හැමතැනම හැමවෙලේම ඇහෙන වචනයක් තමයි දැන් ඒක.. සමහර අයට මේක නුහුරු වචනයක්.. ඒත් ගොඩක් අය දන්නවා... හැබැයි මේ පෝස්ට් එක දාන්නේ නොදන්නා අයට මුලික දැනුමක් ගන්න විතරයි.. දන්න අය මේකේ වැරදි එහෙම තියනවනම් කියන්න මම ඒවා හරිගස්සන්නම්..

ටොරන්ට් එකක් කියන්නේ අපිට අවශ්‍ය යම්කිසි ගොනුවක අන්තර්ගතය හා එහි භාගත කිරීමේ තොරතුරු අඩංගු (.torrent) ආකාරයේ ගොනුවකි..
උදාහරණයක් දෙන්නම් මෙන්න මෙහෙම...
ටොරන්ට් එකක් කියන්නේ හරියට Zip ෆයිල් එකක් වගේ දෙයක්.. හැබැයි Zip ෆයිල් වගේ බරක්නම් නැහැ.. පොඩි Kilobytes ප්‍රමාණයක් තමයි තියෙන්නේ... අන්න ඒ වගේ පොඩි ගොනුවක් තමයි ටොරන්ට් එකක් කියන්නේ..

Zip ෆයිල් එකක් Extract කරගන්න අපි Winrar පාවිච්චි කරනවනේ.. අන්න ඒ වගේම මේ ටොරන්ට් ගොනුවේ තියන ටික Extract කරගන්න Client මෘදුකාංගයක් පරිගණකයේ ස්ථාපිත කරගන්න ඕනා.
ඒ වගේ Client මෘදුකාංග කීපයක් තියනවා.. නමුත් මගේ අදහසනම් uTorrent කියන මෘදුකාංගය තමයි හොද. එක නිසා මම එකෙන් වැඩ කරන විදිහ කියලා දෙන්නම්... 
මුලින්ම uTorrent නැති අය මෙතනින් ගන්නකො..

අපිට අවශ්‍ය ටොරන්ට් ගොනු බාගන්න හොදම තැන තමයි මම හිතන විදිහට Kickass Torrents කියන්නේ.. මෙන්න මේ වගේ තමයි පෙනුම..



අපිට අවශ්‍ය දෙයක් Search box එකේ ටයිප් කරලා හොයාගන්න පුළුවන්...එතකොට පහලින් එනවා Search Results ටික. ඒකෙන් අපි හොද ෆයිල් එකක් තෝරා ගන්නේ කොහොමද කියන එක ගැන සැලකිලිමත් වෙන්න ඕනා.. අපිට දකින්න පුළුවන් Seeds කියන කොටස.. හොද ටොරන්ට් ගොනුවක් කියලා තෝරගන්නනම් අනිවාර්යෙන්ම සීඩ්ස් 10,20 කටවත් වැඩි වෙන්න ඕනා... Seeders කියනෙන් මේ වනවිට එම ගොනුව භාගත කරගෙන තියන අය.. Peers කියන්නේ එම ගොනුව භාගත කිරීම ආරම්භ කල නමුත් තවමත් අවසාන නොකළ අය.. ඒ මගින් එම ටොරන්ට් ගොනුවේ ගුනාත්මකතාවය පිලිබඳ අදහසක් ලබාගන්න පුළුවන්.. තවත් එම ටොරන්ට් එක ගැන ඔබට දැනගැනීමට ප්‍රබල සාධකයක් තමයි Comments. ඒ මගිනුත් ඔබට එම ටොරන්ට් ගොනුව ගැන තොරතුරු ලබාගත හැකියි..
මෙම පහල ඊතලයෙන් තියන තැනින් තමයි අවශ්‍ය ටොරන්ට් ගොනුව බාගන්න ඕනා...




හරි එහෙනම් ටොරන්ට් ගොනු ලබාගැනීම ගැන දැන් දන්නවනේ.. දැන් අපි බලමු uTorrent වලින් ගන්න වැඩේ ගැන.. අපි භාගත කරගත්ත ටොරන්ට් ගොනුව දැන් අපිට පෙන්නන්නේ uTorrent ගොනුවක් විදිහට. ඒ අපි අවශ්‍ය Client මෘදුකාංගය ස්ථාපනය කරලා කියන නිසයි..

                       මෙන්න මේ වගේ තමයි uTorrent වල පෙනුම..


දැන් අපි අපේ අවශ්‍ය ටොරන්ට් ගොනුව ඩබල් ක්ලික් කලාම එක uTorrent වලින් Open වෙනවා..
               
                        මෙන්න මේ වගේ තමයි දකින්න හම්බවෙන්නේ..


එතනින් අපිට පුළුවන් ඒ ටොරන්ට් ගොනුව ඇතුලේ අපිට අවශ්‍ය නැති දේවල් තියනවනම් එතන තියන Chechbox එකේ හරිය ඉවත් කරන්න.. එතකොට අපිට පුළුවන් අනවශ්‍ය දත්ත භාවිතයක් නැතුව අවශ්‍ය වැඩේ විතරක් කරගන්න.. 

ඔන්න ඉතින් ටොරන්ට් ගැන කියන්න පුළුවන් තරම් කෙටියෙන් කිව්වා.. ඔයාලට මොනවහරි ප්‍රශ්න තියනවනම් අහන්න කමෙන්ට් එකකින්..
එහෙනම් මම හිතනවා ඔයාලට ටොරන්ට් ගැන මූලික දැනුම ලැබෙන්න ඇති කියලා..

ආයෙත් කුප්පියක් දානවා ඉක්මනටම..
එතෙක්.. ඔබට ජය.....

Thursday, March 28, 2013

YouTube විඩියෝස් නොනවත්වා බලන්න.



දැනට අප රටේ පවතින අන්තර්ජාල වේගයත් සමග අපට හරි හැටියට YouTube එකෙන් සින්දුවක්වත් බලන්න බැහැ නේද??????? ඔබත් YouTubeහි මෙම සලකුණට වෛයිර කරනවද? (අංක එක රුපය)
                                                                    අංක එක රුපය

Welcome to www.FreeSmileys.orgdancing smiley courtesy of www.freesmileys.org
සමහර අය මේ සලකුණ දකිනකොට Steve Chenගේ මවුතුමිය සමග චැටක්  දාගෙන ඉන්නවා ඇති....ලොල් ඔයාලට අද ඉදන් එහෙම කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. මොකද මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ YouTube වීඩියෝ හිර නොවී බලන විදියයි... එහෙනම් මෙන්න ක්‍රමේ                      
Welcome to The Smiley Guide!

                             http://www.youtube.com/feather_beta
ඔය මම දීලා තියෙන ලින්ක් එකට යන්න එතකොට ඔයාලට මේ වගේ එකක් පෙනෙයි (අංක දෙක රුපය)

අංක දෙක රුපය
දැන් කරන්න තියෙන්නේ ඔය   Join the "Feather"Beta කියල තියෙන්නේ ඒ එක උඩකොටලා දාන්න දැන් 
ඔයාලට පෙන්නේ මේ විදියට (අංක තුන රුපය).


                                                                   අංක තුන රුපය


අහ්හ්හ්හ්හ්හ්හ් තව දෙයක් කියන්න අමතක උනා මේ එක දාගත්තම ඒ වීඩියෝ එකට Vote කරන්න බැහැ.Comment කරන්න බැහැ. ඒ වගේ ගොඩක් දේවල් අහිමි වෙනවා ඒ දේවල් නැති වෙන්නේ ඒවා වලට වැඩිපුර Bandwidth එකක් ගන්න නිසයි...... ඔයාලට මේ එක නැති කරගන්න ඕනේ නම්. අර මම දුන්න ලින්කුවට ගියාම තියෙනවා Leave the Feather Beta කියන එක උඩ කොටන්න. 
හෆ්ෆේ රැ එකොළහත් උනා අදවත් ටිකක් වේලාසනින් දොයියන්න ඕනේ.................. එහෙනම් යාලුවනේ මම යන්නද බොලට මොකක් හර්ය් අවුලක් තිබුනොත් කොමෙන්ටුවක් දාපල්ලා.

Wednesday, March 27, 2013

හැමදාම දකින ෆෙස්බුකිය වෙනස් කරගමු........



හේයි යාලුවනේ  මම ඔයාලට කිව්වනේ ඊයේ උදේම එකෙක්   මාව හැක් කොරන්න දැගලුව කියලා....... ඉතින් මම හිතුව   මුහුණුපොතට පොඩි වෙනසක් කොරන්න 
smiley face lol smiley

හරි වැඩිය වැල් වටාරම් ඕනේ නැහැ කෙලින්ම ගේමට එන්ටර් වේමු.. 

මෙහෙමයි අපේ ෆෙස්බුකියට ලොග් වෙන තැන තියෙනවා නේ. අපිට මේ Extension එකෙන් අපිට ඕනෙම රුපයක් දාල ලොග් ඔන් තිරය වෙනස් කරගන්න පුළුවන්. හැබැයි මේ Extension එක වැඩ කරන්නේ  Google Chrome, Comodo Dragon වගේ සුළු Browser වලට විතරයි එහෙනම් ජය වේවා..... අපි කැපෙනවා  

හුටා මම ලින්කුව දීලා නැහැ නේ
wtf emoticonrunning man lol smileyමට යනකොට මතක් උනේ ඔන්න එහෙනම් බාගනටකෝ
https://chrome.google.com/webstore/detail/fb-refresh/bdlfdaajmclngiomogmleihllaejcnni?hl=en

එහෙනම් දැන්වත් මම යන්නම් නේ වෙන මොකවත් නැහැ නේ අහන්න අහන්න දෙයක් තිබුනෝත් කොමෙන්ටුවක් දාන්නකෝ   
sad bye emoticon


smiley says thank you emoticon
                                                 

Tuesday, March 26, 2013

Addmefast එකෙන් ඔයාලගේ Facebook එකේ Page Like, Status Like,Pictures Like හා තවත් දේවල් වලට ලයික් ගමු නිකම්ම


හායි යාලුවනේ ඔන්න අදත් මම ආවා මට හිතුන අද ඔයාලට වටිනා කියන දෙයක් දෙන්න ඔයාල කවුරුත් මේ ගැන දන්නවත් ඇති මොකද පොස්ට් 1 ටයිට්ල් දැක්කනේ. එහෙනම් කස්ටිය වැඩේට බහිමුකො. මේ වැඩේ කරද්දී ඕනේ වෙන දේවල් තමයි
                                           1.Addmefast account 1 මෙතනින් හදාගන්න
                                           2.Mozila Firefox  මෙතනින් ගන්න
                                           3.Mozila Firefox addon 1 iMacros  මෙතනින් බාගන්න
                                           4.Facebook Like Bot 1 මෙතනින් ගන්න

 හරි දැන් අපේ මුල් පියවර ටික ඉවරයි දැන් තියෙන්නේ අපේ වැඩේට බහින්න. දැන් යන්නකෝ අපි හදාගත්ත Addmefast account 1ට. දැන් ඔකේ  තියෙනවා නේ Add Sites 1ට යන්නකෝ (අංක 1 රුපය)
                                                     

අංක 1 රුපය


හරි දැන් ඔයාලගේ Page 1ත් එකතු කරගත්තානේ දැන් කරන්න තියෙන්නේ අර බාගත්ත නේද Facebook like bot එක දැන් ඒ bot එක මෙන්න මේ Directory 1ට දාන්න \Documents\iMacros\Macros හරි දැන් යන්න ඔයාලගේ addmefast account එකේ තියෙනවා නේ Free Points කියලා එකක් අන්න එතනට යන්න.  දැන්  ඔයාලා Facebook Like කියන එකට යන්න ගිහිල්ල  අර iMacros එක උඩ කොටන්න  ඊට පස්සේ පැත්තෙන් ආවා නේද Bar එකක් දැන් ඒ එකේ තියෙනවා අපි දැම්ම Bot එක ඒ Bot එක උඩ කොටන්න. (අංක 02 රූපය)

හරි දැන් අපි ඇවිල්ලා තියෙන්නේ වැඩේ ඉවරවෙන කොටසට. දැන් කරන්න තියෙන්නේ ඔකේ Max කියලා තියෙන 1ට ඔයාල කැමති ගානක් දාල ඔය Play (Loop) බට්න් එක කොටන්න එතකොට පිටුව Refresh වෙයි ඊට පස්සේ නිකම්ම Page වලට Like  වැටිලා අපිට Coins එකතු වෙයි. හරි නේ මම මීලග ලිපියෙන් කියලා දෙන්නේ මේ විදියටම Click4fans පිටුවෙන් Conis එකතු කරගන්න හැටි එහෙනම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරකුත් දාලම යන්නකෝ   

ෆෙස්බුකිය හැක් නොවී බේරාගනිමු [[Hacking Part II]]


මම මේ පොස්ට් එක දාන්නේ අද පෝය දවසක් වෙලත් උදේ පාන්දරම එකෙක් මට පිශින් පාරක් දීලා මාව හැක් කොරන්න හැදුව.....................
උගේ හිතේ මම පිශින්ග් කන්න තරම් ඔටුවෙක් කියල. ලෝල්
දැන් කාලේ ම(ර්)කා වත් හැක් වෙන සයිස් එකක් තියෙන්නේ හෙහෙ :P






බය වෙන්න ඔනේ නැහැ මම අද කියල දෙන්න යන්නේ ඔය මහා ලොකු හැක් කෙරුවාවෙන් බේරෙන හැටි........
මේ එක කරන විදිය ගොඩ දෙනෙක් දන්නවත් ඇති එත් මේක කියල දෙන්නේ නොදන්නා අයටයි..... එහෙනම් අපි වැඩේට බහිමු.........
මුලින්ම ඔයාලගේ Facebook Account එකට ලොග් වෙන්න.......
දැන් මෙන්න මේ ලින්ක් එකට යන්න ............. https://www.facebook.com/settings?tab=security
ඊට පස්සේ ඕකේ තියෙන Secure Browsing  කියන එකට හරියක් දාන්න.
දැන් Login Notification යන්න. ඒකේ තියෙන Email/Text Massege,Push Notification කියන තුනටත් හරියක් දාන්න........ දැන් Login Approvals ගිහින් Require a Security code to access my account  from unkonwn browsers කියන එකට හරියක් දාල ඊළගට එන බොක්ස් එකේ ඔයාගේ දුරකථන අංකය දාල Next කොරන්න.
දැන් ඔයාගේ ෆෝන් එකට +32665 කියන නම්බර් එකෙන් පණිවිඩියක් එයි......
ඊට පස්සේ පණිවිඩයේ තියෙන රහස්‍ය අංකය ඇතුලත් කරලා Submit කරන්න.........
දැන් ඔයාගේ කොමේ නම ඉල්ලනවා ඒකට ඔය මොකක් හරි එකක් දීල... Next කරන්න
හරි අපේ වැඩේ ඉවරයි

දැන් උබල ඕන එකෙක්ට චැල්ලේන්ජ් කරපල්ලා.......



එහෙනම් මම කැපෙන්නම් නේ අහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් මොකක් හරි අවුලක් ගියොත් කොමෙන්ටුවක් දාන්න..  මම ගියෝ




Saturday, February 9, 2013

ලොව වටා CCTV හැක් කරමු



ඔන්න ඉතින් තව පොඩි කුප්පියක් අරගෙන ආවා.. පොඩි කුප්පියක් කිව්වට මේකෙත් අමුතුම ගතියක් තියනවා.. මොකෝ කියන්නේ ඕනෑම කෙනෙකුට ලෝකේ වටේ තියන CCTV ගෙදර ඉදන්ම බලන්න පුළුවන් චාන්ස් එකක් දෙනවා කිව්වොත්... ම්ම්ම්ම් එහෙමද ආස.. :D ලොලේ ලොල් කියල එහෙනම් අද කුප්පියෙන් දෙන්න යන්නේ එක එක තැන්වල තියන CCTV වලින් බලන්නේ කොහොමද කියලයි.. ඈ ඈ .. එතකොට ආව හිනාව නේද.. ඇති ඇති පැණි හිනාව.. යාපනේ ඉදලා හම්බන්තොටට පේනවා.. :D හරි එහෙනම් මෙන්න මෙහෙමලු වෙන්නේ හරිද.. මේක වෙන්නේ ඔන්ලයින් හොදද.. නැතුව ඉතින් Live CCTV අහවල් විදිහට බලන්නද නේද ... :D 

බීච් වල, හොටෙල් වල, රෙස්ටෝරන්ට් වල, මහා පාරවල්වල, පාක් වල, නයිට් ක්ලබ් වල(ත් ඇති :D) එහෙම තියන CCTV,LiveCam විවිධ ආරක්ෂක හා වෙනත් හේතු උඩ සජීවීව අන්තර්ජාලයට යොමු කරලා තියනවා.. ඔන්න අපි කොරන්ට හදන්නේ අන්න එව්වට හොම්බ දාන එකයි... අනුන්ගේ එව්වට හොම්බ දාද්දීත් අමුතුම පාට පාට ගතියක් තියනවනේ.. :D එහෙනම් වැඩේ පටන්ගමු නේද ? 

දැනට ඉතින් ලංකාවේ කියල CCTV තියෙන්නේ කොලොම්පුරේ විතරනේ.. තව ඉස්සරහට මුළු ලංකාවේම වැඩ කෑලි ගෙදර ඉදලම බලාගන්න පුළුවන් වේවි..

මෙන්න මෙතන කොටන්න.. Search Result එකින් එක බලන්නකෝ.. එක එක CCTV හම්බ වෙයි..

එහෙම නැතිනම් අපේ සයිබර් දෙයියා ගූගල් ගොයියා වෙතට ගිහින් පහල තියන ටික කොටන්න.. එතකොට එන Result වලින් තියෙන්නේ ඔය කලින් කිව්ව CCTV තමා.. පොඩ්ඩක් කරක් ගහල හොයාගන්න පුළුවන් අවශ්‍ය දේවල්... (මමනම් දන්නේ නෑ මොනවද කියලා) 

මෙන්න තියනවා කොටන්න ඕන ටික..
inurl:view/index:shtml

හරි එහෙනම් ඔන්න ඒ කුප්පියත් ඉවර කළා හොදේ.. ඉතාමත් ඉක්මනට තවත් ආස හිතෙන මේ වගේම එල ලිපියකින් සෙට් වෙමු ඈ..

එහෙනම්..
ඔබට ජය වේවා..!!

Monday, February 4, 2013

පරිගණක අත්වැල Android App එක නිකුත් වුනා



ඔන්න ඉතින් අදත් ටිකක් හැපී දවසක් කියමුකෝ බලන්න... මොකෝ දන්නවද..? ඔන්න ටිකක් මහන්සි වෙලා හැදුවා අපේ පරිගණක අත්වැලට Android Application එකක්.. ඔන්න ඕක තමා මේ ටිකේ පෝස්ට් එහෙම අඩු වෙන්න හේතුව.. ටිකක් අඩුපාඩු එහෙම ඇති ගණන් ගන්න එපා හොදද.. ඉස්සරහට අප්ඩේට් එහෙම දාලා ඇදලා හදලා ගමු නේද? මේ Application එකේ විස්තර එහෙම පොඩ්ඩක් බලමුකෝ බලන්න...

ඉස්සෙල්ලාම කියන්න පුළුවන් මේක 100%ක්ම SK, ඒ කියන්නේ මගේ වැඩක් කියලා.. SKගේ කියන්නේ ඉතින් ඔයාලගේ කියන එකම තමා..



මේකේ Developing වැඩ ටිකත් ඔක්කොම Skගේම තමා ඉතින්..


ඔන්න අප්ඩේට් කර කර දුක් විදින්න දේකුත් නැහැ කියමුකෝ. මේක 100%ක්ම Auto Update වෙනවා.. ඒක නිසා මම මෙහෙන් Update කරපු ගමන්ම ඔයාලගෙත් අප්ඩේට් වෙනවා..


මේකේ Interface එක මෙන්න මේ පහල තියනවා වගේ..



(අප්ඩේට් වලදී මේක තවත් අලුත් වෙනවා.. වැඩ කෑලි එහෙම වැඩි වෙනවා.)

එක පාරින්ම ෆේස්බුකියට Share කරන්නත් පුළුවන්..


ඔන්න තවත් එල පහසුකමක් දීලා තියනවා.. කෙලින්ම පරිගණක අත්වැලට E-Mail කරන්නත් පුළුවන්.. ඔය තියෙන්නේ පහල.. බලන්නකෝ..


ඔන්න ඉතින් දැනට මේ කතාව පොඩ්ඩකට නවත්තමු.. මොකද ඉස්සරහට IOS,Symbian,Java,Windows Mobile කියන මාදිලි වලටත් මේක හදන්න තමයි හිතන් ඉන්නේ.. එතකොට හැමෝටම හොදයිනේ.. ඔන්න ඉතින් අද 65 වන නිදහස් දවසනේ.. එහෙම කිව්වට SK ඉන්නෙනම් සිරිලංකාවේ නෙමෙයි දැන්.. ඒ වුනාට ඉතින් නිදහසනම් සමරනවා...  ඒක නිසා හැමෝටම අභිමානවත් නිදහස් දිනයක් වේවා කිව්වා ඈ.. :D එහෙනම් දැනට කුප්පියට පොඩි බ්රේක් එකක් දෙමු ඉස්සරහට Continue කරන බලාපොරොත්තුවෙන්.. 

පරිගණක අත්වැල Android App එක නොමිලේ මෙතනින් ගන්න.

එහෙනම්..
ඔබට ජය වේවා..!!

Friday, January 25, 2013

FBI එකේ ඇස් වහලා කැමති නමකින් E-Mail යවමුද ?



ඔන්න ඉතින් අදනම් පරිගණක අත්වැල බ්ලොගය කරන මට, ඒ කියන්නේ SKට බොහොම සතුටු දවසක් කියමුකෝ... මොකද එහෙන් මෙහෙන් හොරට විසිටර්ස්ලා ගෙන්නගෙන අපිවම රවට්ටගන්නේ නැතුව අපේ බ්ලොග් එකේ Traffic එක 10000 පැන්නා.. ඉතින් බ්ලොග් එකක මේ වගේ අවස්ථාවක සතුට 100% දැනෙන්නේ තවත් බ්ලොගයක් කරන කෙනෙකුටම තමා.. ඔන්න අපිත් එක්ක මෙච්චර කාලයක් එකට හිටිය හැමෝටම ගොඩක්ම ගොඩාක් ස්තුතියි කියනවා බොක්කෙන්ම.. ඒ වගේම ඉස්සරහටත් අපිත් එක්කම ඉන්න කියලා සාදරයෙන් ඉල්ලනවා..  

එහෙනම් කුප්පිය අදුරගමු නේද? අද කියල දෙන්න යන්නේ හොරාට E-Mail යවන විදිහ.. ක්‍රම දෙකකින්ම කියල දෙනවා.. මේ දෙකේ තියන විශේෂය තමා FBI එකට මාට්ටු නොවෙන විශ්වාසවන්තම අඩවි දෙක වීම... 

කෙටියෙන්ම කිව්වොත් මේකට කියන්නේ Anonymous E-Mail කියලා. මේකෙන් ඉතින් පුළුවන් තමන්ට ඕනා කෙනෙකුට ඔයාගේ E-Mail Address එක හොයාගන්න බැරිවෙන්න E-Mail යවන්න.. ඒ වගේම ඔයාල කැමති නමක් දාලා යවන්නත් පුළුවන්....

අපි එහෙනම් පිළිවෙලට බලමු නේද මොනවද මේ අඩවි.. ඒ වගේම කරන්නේ කොහොමද කියලා එහෙම...

1. DEADFAKE

මෙන්න පහල තියනවා Screenshot එකක්... එක බැලුවහම තේරෙයි...



2. ANONYMAILER

මෙන්න එකෙත් Screenshot එකක් තියනවා.. බලන්නකෝ හරිම ලේසි වැඩේ.. 




කොහොමද වැඩේ එල නේද? එහෙනම් ඔන්න අපි කැපුනා... ආයෙත් එල කුප්පියකින් සෙට් වෙමු .... එතකල් අපිත් එක්කම ඉන්න හොදේ... 

එහෙනම්..!!
ඔබට ජය වේවා..!!

Monday, December 17, 2012

Facebook Chat වලින් ෆොටෝ යවමු



ඔන්න චුට්ටන් පෝස්ට් එකක් දාන්න කියලා ආවා.. වැස්සයි අරවා මේවා නිසා මේ දවස් කීපයේ බ්ලොග් එකට මොනවත් වනන්න බැරි වුනත් එක්කනේ. දැන් ඉතින් ටිකක් වෙලාව තියන නිසා ලග ලග තවත් පෝස්ට් වැටෙයි හොදද.? මේ දෙන්න යන එකෙන් කරන්නේ මේකයි... අපිට ඕනා ෆොටෝ එකක් චැට් කෝඩ් එකකට Convert කරලා මුහුණු පොතේ චැට් කරද්දී වැඩ දාල යවන එකයි. පියවර තුනක පොඩි සිද්දියක් තියෙන්නේ.. ෆොටෝ එක දුන්නා, කෝඩ් එක ගත්තා, කොපි පේස්ට් කළා. එච්චරයි. මුලින්ම මෙතන ක්ලික් කරන්න. එතන තියන Choose File ගිහින් ඔයාගේ ෆොටෝ එක දීලා Upload කරන්න.



එතකොට ඔයාගේ ෆොටෝ එක Convert වෙලා මේ පහල වගේ කෝඩ් එකක් එයි..



දැන් ඉතින් ඕක ගිහින් මුහුණු පොතේ චැට් කරද්දී වැඩ දාලා පේස්ට් කරලා යවලා බලන්නකෝ.. 

අවුලක් තියේනම් කමෙන්ටුවක් මගින් අහන්න. එහෙනම්..
ජය වේවා..!!

Tuesday, December 11, 2012

Samsung ATIV Smart PC එකද Microsoft Surface එකද


කවදත් ටිකක් අමුතු වැඩ කරන Samsung මහත්වරු මෙන්න Microsoft එක එක්කත් ගේමක් දාගන්නද මන්දා හදන්නේ. Microsoft කෂ්ටියගේ අලුත් අයිටම් එකනේ Surface ටැබ් එක. ඔන්න දැන් Samsung මාමලත් Samsung ATIV Smart PC කියලා වණ්ඩියක් එලියට දාලා තියනවා නොවැ. ඇටිව් එක කෙලින්ම ගේමට බස්සලා තියෙන්නේ Surface එකේ Windows 8 RT දුවන ටැබ එක්කලා කියලා තමයි කියන්නේ.. මොකෝ තවම Windows 8 PRO දුවන Surface ටැබ එක්ක හැප්පෙන්න එකක් නැහැනේ..  එහෙනම් පොඩ්ඩක් මේවගේ වැඩ කෑලි එහෙම අවුස්සලා බලමුද?

O/S
සැම්සුන් ඇටිව් එකේ වැඩ කරන්නේ වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතියයි. ඒකත් 32bit කියලා තමයි කියන්නේ... Surface එකනම් වින්ඩෝස් 8 RT වගේම PRO දෙකම වැඩ කරන විදිහට ටැබ් දෙකක් තියනවනේ..


PROCESSOR
ඇටිව් එකේ ප්‍රොසා Intel® Atom™ Processor Z2760 With Integrated Intel® SGX545 Graphics Media Accelerator. උපරිම Clock Speed එක 1.80GHz හා CPU Cache එක 2x512KB කියලා තමයි තියෙන්නේ.
RT ටැබ් එකේ ප්‍රොසා Quad-core NVIDIA Tegra 3. ඒ වගේම PRO ටැබ් එකේ ප්‍රොසා 3rd Gen Intel Core i5 Processor with Intel HD Graphics 4000 එකක්. අඩෙනවා නේද අහද්දිත්..

DISPLAY
සයිස් එකෙන්නම් ඇටිව් එක Surface ටැබ් දෙකටම වැඩේ දීල තියෙන්නේ. ඇටිව් එකේ ඩිස්ප්ලේ සයිස් එක 11.6". නමුත් Surface ටැබ් දෙකේම ඩිස්ප්ලේ සයිස් එක 10.6". ඇටිව් එකෙයි RT ටැබ් එකෙයි Resolution 1366x768 විදිහට තියෙන්නේ. නමුත් PRO ටැබ් එකේ Resolution ඒක 1920x1080 විදිහට පොඩ්ඩක් මොඩිෆයි කරලා තියනවා.

RAM
ඇටිව් එකේ RAM එක 2GB. ඒ වගේම ඒක තමා උපරිමය. RT ටැබ් එකෙත් එහෙමමයි. නමුත් PRO ටැබ් එකේ RAM එක 4GB- Dual Channel Memory.

STORAGE
ඇටිව් එකේ Storage එක 64GB විදිහට තමයි තියෙන්නේ. RT ටැබ් එක 32GB සහ 64GB විදිහට මාදිලි දෙකකින් තියනවා. PRO ටැබ් එකත් 64GB සහ 128GB විදිහට මාදිලි දෙකකින් ලබාගන්න පුළුවන්.

POWER SUPPLY
ඇටිව් එකේ පවර් සප්ලයි එක 40W විදිහට තමයි තියෙන්නේ.  ඒ වගේම RT ටැබ් එකේ පවර් සප්ලයි එක 24W වන අතර PRO ටැබ් එකේ පවර් සප්ලයි ඒක 48W විදිහට තමයි සදහන් වෙන්නේ.

USB PORTS
ඇටිව් එකෙයි RT ටැබ් එකෙයි දෙකේම තියෙන්නේ USB 2.0 පෝට්ස්. නමුත් PRO ටැබ් එකේ තියෙන්නේ USB 3.0 විදිහට.

මූලික තොරතුරු ටිකක් විතරයි ඔය කියලා තියෙන්නේ. වැඩිදුර තොරතුරු සදහා පහල ඇති ලින්ක් ටික බලන්න.


SAMSUNG ATIV SMART PC 500T




MICROSOFT SURFACE WITH WINDOWS PRO

එහෙනම් ආයෙත් ඉක්මනටම කුප්පියක් අරන් එන්නම්. දන්නවනේ ඉතින් නත්තල් මාසේ නිසා පොඩ්ඩක් වැඩ එහෙම වැඩිනේ..

එහෙනම් අපි ගියා..
ඔබට ජය වේවා..!!

Wednesday, December 5, 2012

Password කඩමු



කම්පියුටර් එකේ ඇඩ්මින් පාස්වර්ඩ් ඒක අමතක වුනාද? නැත්තම් ගෙදර හරි නැත්තම් කාගෙහරි වෙන PC එකක් තියනවා එකේ පාස්වර්ඩ් දාල ඒක ඇරගන්න බැරිද? ( ආතල් එකට හා දැනුමට පමණි. චා වැඩ වලටනම් නෙමෙයි හොදද ) එහෙනම් මෙන්න මේක තමා ඔයාට කරන්න තියෙන්නේ.. පොඩි සිම්පල් කේස් එකක් තියෙන්නේ.

ක්‍රම දෙකක් තියනවා..

ක්‍රමය 1 

1. මැෂින් ඒක DOS වලින් ඔන් කරගන්න.
2.ඊට පස්සේ වින්ඩෝස් තියන හාඩ් ඩ්‍රයිව් එකේ windows/system32/config පාත් එකෙන් ගිහින් sam.exe සහ sam.log කියන ෆයිල් දෙක මකලා දාන්න.

3.හරි දැන් DOS වලින් අයින් වෙලා වින්ඩෝස් වලින් මැෂින් ඒක Restart කරන්න.
4.හෑ... දැන් ඇඩ්මින් එකවුන්ට් එකේ පාස්වර්ඩ් එකක් නෑ නේද?
එල එල........
(සැ.යු- මෙය සාර්ථක වන්නේ හාඩ් ඩ්‍රයිව් එකේ ෆෝමැට් ඒක FATනම්  පමණි. එසේ නැත්නම් දෙවන ක්‍රමයට යන්න.)

ක්‍රමය 2 

1.සිස්ටම් එක තියන හාඩ් ඩ්‍රයිව් එක ගලවලා වෙන කම්පියුටර් එකකට සවි කරන්න.
2.ඒක Secondry හාඩ් ඩිස්ක් එක විදිහට හදලා කම්පියුටර් එක බූට් කරන්න. (Primary විදිහටනම් බූට් කරන්න එපා)
3.දැන් අපිට පාස්වර්ඩ් ඒක කඩන්න ඕනා හාඩ් ඩිස්ක් එකේ මේ ලොකේෂන් එකට යන්න.
"windows/system32/config"
4.ඕක ඇතුලේ තියන SAM.exe හා SAM.log කියන ෆයිල් දෙක මකලා දාන්න.
5.දැන් හාඩ් ඩිස්ක් එක ගලවලා මුලින් තිබ්බ මැෂින් එකටම ගහන්න (Primary විදිහට)
6.දැන් බලන්න එහෙනම් මැෂින් එක පොඩ්ඩක් ඔන් කරලා බලමුකෝ...
පාස්වර්ඩ් එකක් අහන්නෙවත් නැහැ නේද දැන්..


එහෙනම්..
ඔබට ජය වේවා..!!

Tuesday, December 4, 2012

100%ක් Internet Speed එක සුපිරියට වැඩි කරගමු



මේකනම් සුප්පා වැඩක්. මම නිදාගන්න ගිහින් ඉද්දි මතක් වුන ගමන් තමයි ආයෙත් ඇහැරලා ඇවිත් මේ පෝස්ට් ඒක මේ ලියන්නේ.. 
මම දන්නවා ගොඩක් අය තමන්ගේ අන්තර්ජාල වේගය කොච්චර තිබ්බත් මදි කියලනේ හිතන්නේ. ඔයාලට කිව්වට මොකෝ 15.9MB/s තිබිලත් මට මදි කියල හිතෙනවනෙ. මොනවා කරන්නද ඕක ඉතින් අපේ හැටිනේ.. මමනම් සෙල්ලම දාල තියෙන්නේ.. දැන් මගේ අන්තර්ජාල පිරික්සුම් වේගය තිබ්බට වඩා හුගාක් වැඩි.. ඔයාල හැමෝම දන්නා දෙයක්නේ මේ SK ඉතින් තනියම කන කෙනෙක් නෙමෙයි කියලා.. ඔන්න ඉතින් මැද්දෙන් පණ්ඩිත වැකියකුත් දාල නේද? හික් හික්.. හරි හරි ඔන්න එහෙනම් වැඩේට බහිමු කෝලම් කරන ඒක නවත්තල.. 

කොටින්ම මමත් පුදුම වුනා මේ වැඩේ කලාට පස්සේ.. මම හිතනවා ඔයාලටත් මගේ ප්‍රතිපලයම හම්බවෙයි කියලා... එහෙනම් දෙයියෝ බුදුන් සිහිකරලා වැඩේ පට්ටාන් ගම්මු... ගුඩ් ලක්...

1.ඉස්සෙල්ලම ස්ටාට් ගිහින් gpedit.msc කියලා ටයිප් කරලා Local Group Policy Editor ඒක ගන්න..

2.දැන් ඒකෙ තියන වම් පැත්තේ මෙනුවෙන් Computer Configuration යටතේ තියන Administrative Templetes ක්ලික් කරන්න.

3.දැන් Network ක්ලික් කරන්න. ඒක යටතේ ආව ලිස්ට් එකෙන් Q0S Packet Scheduler කියන ඒක උඩ ඩබල් ක්ලික් කරන්න. පහල තියනවා ඔන්න බලන්නකෝ....



4.ඕක උඩ ඩබල් ක්ලික් කරහම එන ලිස්ට් එකෙන් Limit Reservable Bandwidth කියන එක උඩ ඩබල් ක්ලික් කරන්න.. දැන් මෙන්න මෙහෙම එකක් එයි..



5.දැන් ඔතන Not Configured කියලා තියන ඒක Enabled කියන එකට මාරු කරලා පහල Options වල 80%ක් විදිහට තියන Bandwidth Limit ඒක 0 ටම අඩු කරන්න. දැන් තේරෙනවා නේද කොච්චර වේගයක් කකාද ඉදල තියෙන්නේ කියලා කම්පියුටර් ඒක.. 

6.හරි එහෙනම් දැන් Apply කරලා OK කරන්න. ඊට පස්සේ කම්පියුටර් ඒක Restart කරන්න. පොඩ්ඩක් දැන් බලන්නකෝ එහෙනම් Internet Surfing Speed ඒක එහෙම.. පට්ට නේද? 

තවත් සාර්ථක ප්‍රතිපල සදහා හොද ඇන්ටිවයිරස් සොෆ්ට්වෙයාර් එකකින් ස්කෑන් පාරකුත් දාල, C Cleaner වගේ එකකින් හාඩ් ඩිස්ක් වල Error, Junks වගේ එව්වා තියනවනම් එව්වා ටිකත් හරිගස්සගත්තනම් ඉතින් වැඩේ සුප්පා නෙමෙයි සුප්පගේ අයියා වගේ තමයි.. 

ඔන්න එහෙනම් ඒ කුප්පියත් ඉවරයි... දැන්වත් නිදාගන්න ඕන එහෙනම්..
ඔබට ජය වේවා..!!

(SOLVED/UPDATED) Windows 8 ඕනෑම සංස්කරණයක් 100% Free Activate කරමු



කොහොමද මම කලින් දුන්න කුප්පිය වින්ඩෝස් 8 නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න.? පට්ට නේද? ගන්න බැරි වුනානම් මෙතනින් ගන්න. එතනම සීරියල් නම්බරුත් තියනවනේ නේද? ඒ වුනාට ගොඩක් අයට වින්ඩෝස් ඇක්ටිවේට් කරද්දී පොඩි කචල් එකක් ඇවිත් තියනවා. එකටත් නියම විකල්පයක් තියනවා. මේක සුපිරි ඇක්ටිවෙටර් එකක්. මාස 6කට එකපාර ඇක්ටිවේට් වෙනවා. අහ්හ්හ්හ් එච්චරද කියල හිතුවද? නෑ නෑ... මාස හයෙන් හයට වින්ඩෝස් ඕන තාක් කල් සදාකල් ඔබ මගේ කිය කියා ඇක්ටිව් කරන්න පුළුවන් ජීවිත කාලයම.. තවත් ඕනනම් ඒකෙ Service ඉන්ස්ටෝල් කරලා ඇක්ටිවෙටර් එක තියන ලොකේෂන් එක වෙනස් නොකර තිබ්බනම් ඔටෝ මාස 6න් 6ට අප්ඩේට් කරගන්නවා. එහෙනම් බඩු බාගමු. හැබැයි ඒක කෙලින්ම මෙතන දැම්මොත් අනිත් එව්වට වගේ බබා හම්බ වෙනවා..ඒක නිසා අපි මේක Publisher ගේ සයිට් එකෙන්ම ගමු නේද? මොකෝ වැඩේ හොදානේ... එහෙනම් පහලම ඇති ලින්කුව නොමිලේ ගිහින් බාගන්න.. එහෙනම් ඔන්න පහල Prove  කරලා තියනවා වැඩේ සාර්ථකත්වය..




Windows 8 All In One Activator Free Download

එහෙනම් අපි ගියා..
ඔබට ජය වේවා...!!


Saturday, December 1, 2012

Windows 8 Professional 64 bit සංස්කරණය 100% නොමිලේ..



ඔන්න කාලයක් තිස්සේ හොයලා හොයලා ජනේල 8 Pro 64bit හොයාගත්තා. ඔන්න තියනවා සීරියල් නම්බර් තොගයක් ඇක්ටිවේට් කරගන්න ඔය එකක් දාලා. ඇක්ටිවේටර් එකත් තියනවා . *** දාල තියන දෙක ඉස්සෙල්ලම ට්‍රයි කරන්න.

NG4HW-VH26C-733KW-K6F98-J8CK4
XKY4K-2NRWR-8F6P2-448RF-CRYQH
NK9CK-978CT-FQ7F7-RC8FQ-488X2***
MPHYQ-6NDGH-KY23Q-T2TJF-HQR9Q
N3DBK-TT4QR-C3TWM-W6CGT-H8MQD
NW388-MFMCX-DRF3V-QXG72-DC73D
NY87D-VCK7D-WM77C-K77V8-RX49Q
PCMTP-7PNHM-JCBQF-DTYH6-TJCKQ
TP2X7-NQ2MR-WGJMG-XWB7K-WTV3D
YGB8N-6RFBV-6X3MG-J27FX-V2WXQ
VMNVQ-VH6XM-GCYW7-4X8VM-8FDG3***

හරි දැන් එකනම් හරි. අර ඩෙස්ක්ටොප් එකේ තියන වෝටමාක් ටික අයින් කරන විදිහ මම කලින් පොස්ට් එකක දැම්මා.. ඒක මෙතනින් බලන්න. 

එහෙනම් පහලින් තියනවා ජනේල 8 නොමිලේ බාගන්න ලින්ක් එක. 

මතක ඇතුව මේ ලිපියත් කියවලම ඉන්න.

එහෙනම්..
ඔබට ජය වේවා..!!

සැ.යු.- මතක ඇතුව මේක DVD එකකට Burn කරලම බූට් කරලා ඉන්ස්ටෝල් කරන්න හොදද?

Windows 8 PRO 64Bit සංස්කරණ Free පහලින් බාගන්න.


ටොරන්ට් දන්නේ නැතිනම් මෙතනට යන්න.

Tuesday, November 27, 2012

ලැප්ටොප්වල බැටරි ආයු කාලය වැඩි කරමු



මුලින්ම කියන්නම් මේක 100%ක් ම සාර්ථක වෙන්නේ Samsung ලැප් වලට තමයි ඉතින්. මේක දාලම බලන්නකෝ කොහොමද වැඩ කියලා. මගෙත් යන්න ඔන්න මෙන්න තිබ්බ බැටරියක් ඕක දාලා යන්තම් බේරගත්තා. මේකෙන් වෙන්නේ AC පවර් එකෙන් හෝ Battery පවර් එකෙන් මැෂින් එක රන් වෙන වෙලාවට බැටරියට හානියක් නොවී බල කළමනාකරණය කරගන්න එකයි. මේක ගොඩක් වටිනා සොෆ්ට්වෙයා එකක්.. ඔයාගේ තියෙන්නෙත් Samsung ලැප් එකක් නම් වැඩේ ටක්කෙටම හරි කියලා හිතලා මේක කිසි කිසි ගාලා බාගන්න. 
එහෙනම්..
ඔබට ජය වේවා...

Battery Life Extender මෙතනින් බාගන්න