Slide # 1

NEED FOR SPEED RIVALS ® නොමිලේ

මේක Need For Speed ක්‍රීඩා මාලාවේ අලුත්ම එළිදැක්වීම..''RIVALS'' තමයි නම.. මේ ක්‍රීඩාව Action හා Racing කියන කොටසට තමයි අයත් වෙන්නේ Read More

Slide # 2

Desktop එක ලස්සන කරගමු

හැමදාම දකින කුකුලගේ කරමලේ සුදුයි වගේ දැකල දැකලම වින්ඩෝස් 7 වල Default View එක එපා වෙලාද? එහෙනම් පොඩ්ඩක් බැලුවනම් ඔය උඩ තියන පින්තූරය දිහා :D හොදයිද? Read More

Slide # 3

100%ක් INTERNET SPEED එක සුපිරියට වැඩි කරගමු

මම දන්නවා ගොඩක් අය තමන්ගේ අන්තර්ජාල වේගය කොච්චර තිබ්බත් මදි කියලනේ හිතන්නේ Read More

Slide # 4

PEN DRIVE එකෙන් ඕනෑම වින්ඩෝස් එකක් දාමු

ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි වින්ඩෝස් දාන්න CD/DVD අවශ්‍ය එක.. ඔන්න අද කියන්න යන්නේ Pen Drive එකකින් වින්ඩෝස් දාන විදිහයි Read More

Slide # 5

ඔබේ කාමරය WI-FI කලාපයක් කරගන්න

කොහොමද ඔයාගේ කාමරේ Wi-Fi Zone එකක් කරගන්න තියනවනම් නේද? ආව් ආව් කටට ආව හිනාව නේද? ඔව් ඔව් එක තමයි මේ කරන්න හදන්නේ Read More

Saturday, December 22, 2012

Photoshop කුප්පිය #2 - Art Paper එකක් හදාගමු


හරි එහෙනම් ඔන්න අපි අද දෙවෙනි කුප්පියෙන් හම්බ උනා නේද? පලවෙනි කුප්පිය එහෙම හොදට කියවන්න ඇතිනේ නේද? අද කරන්න යන්නේ කලාත්මක Art Paper එකක් හදාගන්න විදිහ.. එහෙනම් වැඩි කතාවට වෙලාව යවන්නේ නැතුව කෙලින්ම වැඩේට බහිමු...

මේක හරියට අර චිත්‍ර අදින කැන්වස් තියෙන්නේ.. අන්න ඒ වගේ එකක්.. ඔන්න එහෙනම් කරන විදිහ බලාගන්නකෝ.. පැහැදිලි නැහැ වගේනම් අන්තිමට තියන වීඩියෝ එකත් බලන්න...

ඔන්න එහෙනම් කුප්පිය දිග ඇරියා...
............................................................................................................

1.ඉස්සෙල්ලාම අලුත් ලේයර් එකක් ගමු. Keyboard එකේ Ctrl+N මගිනුත් පුළුවන්. නැත්නම් File - New යන්න. එතකොට මේ පහල තියන Dialog Box එක එනවා.. අපි තවම අලුත් නිසා ඉස්සෙල්ල පොඩි පොඩි වැඩ කරමු නේද? එහෙනම් ඕකට ඕන නමක් දීල Preset එක Custom දීලා ඔය පහල තියනවා වගේ Settings ටික හදාගන්නකෝ.. දැන් OK කරලා අලුත් ලේයර් එක ගමුකො බලන්න...


දැන් අපි ගත්ත ලේයර් එක උඩ ඩබල් ක්ලික් කරලා OK කරන්න. නැත්තම් මේ ලේයර් එක ලොක් වෙලා තියෙන්නේ. 



2.දැන් Filter - Noise - Add Noise යන්න..


3.දැන් මේ පහල වගේ එකක් එයි. ඒකේදී Amount එක 20ක් වගේ දීලා Disthibution එක Gaussian විදිහට හදලා පහලම තියන Monochromatic කියන එකට ටික් එකක් දාන්න. ගොඩක් වෙලාවට Amount එක ඇරෙන්න අනිත් Settings ටික හදන්න වෙන එකක් නැහැ ඒ විදිහටමයි තියෙන්නේ..


4.දැන් Filter - Filter Gallery යන්න. එතන තියන Sketch Option එකට ගිහින් Halftone Pattern ක්ලික් කරලා ඔය පහල තියනවා වගේ ඒකේ Amount ටික හදාගන්න..
Size-8
Contrast-7
Pattern Type-Dot

දැන් Ok ක්ලික් කරන්න...

5.දැන් ඊලට Filter එකට යමු.. ආයෙත් Filter - Filter Gallery යන්න.. මේ වතාවේ දාගන්න Filter Option එක තමයි Sketch යටතේ Waterpaper කියන එක..
එකෙත් මේ පහල වගේ Amount ටික හදාගෙන OK කරන්න...
Fiber Length-50(උපරිමය)
Brightness-84
Contrast-75


6.ඊලගට ආයෙත් Filter - Filter Gallery යන්න. මේ වතාවේ තෝරාගන්න Filter Option එක තමයි Brush Strokes යටතේ තියන Sprayed Strokes කියන එක. එකෙත් Amount ටික පහල වගේ හදාගෙන OK කරන්න.
Stroke Length-6
Spray Radius-11


7.හරි ඔන්න දැන් ටිකක් ලගට ඇවිත් වගේ තේරෙනවා නේද? පේනවා නේද වටේ පොඩ්ඩක් අවුල් ගතියක් තියනවා කියලා.. ඒක නිසා 
Edit - Free Transform(Ctrl+T) යන්න.



දැන් පොඩ්ඩක් එහෙට මෙහෙට ඇදලා අර වටේ තීරුව පේන්නේ නැති වෙන්න හදාගන්න..


8.ඔන්න එහෙනම් අපේ වැඩේ ඉවරයි.. ඔය තියෙන්නේ අවසන් ප්‍රතිපලය... 


දැන් එහෙනම් File - Save As ගිහින් සේව් කරගන්න.


ඔය තියන File Format එක PSD විදිහට දුන්නොත් ආයෙත් වෙලාවක Edit කරන්න පුළුවන් පරිදි ෆොටෝෂොප් ෆයිල් එකක් විදිහට සේව් වෙනවා... සාමාන්‍යයෙන් ඉතින් සේව් කරගන්නේ JPEG විදිහටනේ.. ඒක නිසා ඕනනම් PSD විදිහටත් සේව් කරගන්න. එහෙම ඕන නැහැ කියල හිතෙනවනම් JPEG එක විතරක් සේව් කරගන්න.....

ඕනනම් ඕකට තවත් වැඩ ටිකක් කරන්න පුළුවන්. එව්වා අපි ඉදිරියේදී කතා කරමු.. 

මෙන්න තියනවා වීඩියෝ එකත්...



ආයෙත් එහෙනම් තවත් කුප්පියකින් හම්බවෙමු..
එහෙනම් අපි ගියාවේ...
ඔබට ජය වේවා..!!

6 comments:

  1. ela sahooo digalama karagena yamu

    ReplyDelete
    Replies
    1. අනිවා යාලුවා.. ඔයාලගේ ප්‍රතිචාර තමයි මේක තවත් ඉස්සරහට කරගෙන යන්නේ.. ස්තුතියි..

      Delete
  2. Attatama meka digatama karagena yanna sahooo

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම .. ස්තුතියි.....

      Delete
  3. Digatama kragena yamu sahooo attatama godak watinawa nodanna apita....

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම .. ස්තුතියි.....

      Delete

හිතේ තියන ටික මෙතන කොටලම හිටියනම්...