Slide # 1

NEED FOR SPEED RIVALS ® නොමිලේ

මේක Need For Speed ක්‍රීඩා මාලාවේ අලුත්ම එළිදැක්වීම..''RIVALS'' තමයි නම.. මේ ක්‍රීඩාව Action හා Racing කියන කොටසට තමයි අයත් වෙන්නේ Read More

Slide # 2

Desktop එක ලස්සන කරගමු

හැමදාම දකින කුකුලගේ කරමලේ සුදුයි වගේ දැකල දැකලම වින්ඩෝස් 7 වල Default View එක එපා වෙලාද? එහෙනම් පොඩ්ඩක් බැලුවනම් ඔය උඩ තියන පින්තූරය දිහා :D හොදයිද? Read More

Slide # 3

100%ක් INTERNET SPEED එක සුපිරියට වැඩි කරගමු

මම දන්නවා ගොඩක් අය තමන්ගේ අන්තර්ජාල වේගය කොච්චර තිබ්බත් මදි කියලනේ හිතන්නේ Read More

Slide # 4

PEN DRIVE එකෙන් ඕනෑම වින්ඩෝස් එකක් දාමු

ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි වින්ඩෝස් දාන්න CD/DVD අවශ්‍ය එක.. ඔන්න අද කියන්න යන්නේ Pen Drive එකකින් වින්ඩෝස් දාන විදිහයි Read More

Slide # 5

ඔබේ කාමරය WI-FI කලාපයක් කරගන්න

කොහොමද ඔයාගේ කාමරේ Wi-Fi Zone එකක් කරගන්න තියනවනම් නේද? ආව් ආව් කටට ආව හිනාව නේද? ඔව් ඔව් එක තමයි මේ කරන්න හදන්නේ Read More

Friday, December 27, 2013

ටොරන්ට් භාවිතය



ඔන්න ගොඩාක් කාලෙකට පස්සේ තමයි බ්ලොග් එකට පෝස්ට් එකක් දාන්න යන්නේ.. ඔන්න ආයෙත් බ්ලොග් එක දිගටම කෙරෙන්න යන්නේ හොදේ.. මාත් එක්ක තව Author කෙනෙක් එකතු වුනා.. චතු මල්ලි තමයි ඒ.. හරි එහෙනම් ඔන්න වැදගත් පෝස්ට් එකක් එක්කම වැඩේ පටන් ගන්න යන්නේ..

ටොරන්ට්... ටොරන්ට්... ටොරන්ට්...
හැමතැනම හැමවෙලේම ඇහෙන වචනයක් තමයි දැන් ඒක.. සමහර අයට මේක නුහුරු වචනයක්.. ඒත් ගොඩක් අය දන්නවා... හැබැයි මේ පෝස්ට් එක දාන්නේ නොදන්නා අයට මුලික දැනුමක් ගන්න විතරයි.. දන්න අය මේකේ වැරදි එහෙම තියනවනම් කියන්න මම ඒවා හරිගස්සන්නම්..

ටොරන්ට් එකක් කියන්නේ අපිට අවශ්‍ය යම්කිසි ගොනුවක අන්තර්ගතය හා එහි භාගත කිරීමේ තොරතුරු අඩංගු (.torrent) ආකාරයේ ගොනුවකි..
උදාහරණයක් දෙන්නම් මෙන්න මෙහෙම...
ටොරන්ට් එකක් කියන්නේ හරියට Zip ෆයිල් එකක් වගේ දෙයක්.. හැබැයි Zip ෆයිල් වගේ බරක්නම් නැහැ.. පොඩි Kilobytes ප්‍රමාණයක් තමයි තියෙන්නේ... අන්න ඒ වගේ පොඩි ගොනුවක් තමයි ටොරන්ට් එකක් කියන්නේ..

Zip ෆයිල් එකක් Extract කරගන්න අපි Winrar පාවිච්චි කරනවනේ.. අන්න ඒ වගේම මේ ටොරන්ට් ගොනුවේ තියන ටික Extract කරගන්න Client මෘදුකාංගයක් පරිගණකයේ ස්ථාපිත කරගන්න ඕනා.
ඒ වගේ Client මෘදුකාංග කීපයක් තියනවා.. නමුත් මගේ අදහසනම් uTorrent කියන මෘදුකාංගය තමයි හොද. එක නිසා මම එකෙන් වැඩ කරන විදිහ කියලා දෙන්නම්... 
මුලින්ම uTorrent නැති අය මෙතනින් ගන්නකො..

අපිට අවශ්‍ය ටොරන්ට් ගොනු බාගන්න හොදම තැන තමයි මම හිතන විදිහට Kickass Torrents කියන්නේ.. මෙන්න මේ වගේ තමයි පෙනුම..



අපිට අවශ්‍ය දෙයක් Search box එකේ ටයිප් කරලා හොයාගන්න පුළුවන්...එතකොට පහලින් එනවා Search Results ටික. ඒකෙන් අපි හොද ෆයිල් එකක් තෝරා ගන්නේ කොහොමද කියන එක ගැන සැලකිලිමත් වෙන්න ඕනා.. අපිට දකින්න පුළුවන් Seeds කියන කොටස.. හොද ටොරන්ට් ගොනුවක් කියලා තෝරගන්නනම් අනිවාර්යෙන්ම සීඩ්ස් 10,20 කටවත් වැඩි වෙන්න ඕනා... Seeders කියනෙන් මේ වනවිට එම ගොනුව භාගත කරගෙන තියන අය.. Peers කියන්නේ එම ගොනුව භාගත කිරීම ආරම්භ කල නමුත් තවමත් අවසාන නොකළ අය.. ඒ මගින් එම ටොරන්ට් ගොනුවේ ගුනාත්මකතාවය පිලිබඳ අදහසක් ලබාගන්න පුළුවන්.. තවත් එම ටොරන්ට් එක ගැන ඔබට දැනගැනීමට ප්‍රබල සාධකයක් තමයි Comments. ඒ මගිනුත් ඔබට එම ටොරන්ට් ගොනුව ගැන තොරතුරු ලබාගත හැකියි..
මෙම පහල ඊතලයෙන් තියන තැනින් තමයි අවශ්‍ය ටොරන්ට් ගොනුව බාගන්න ඕනා...




හරි එහෙනම් ටොරන්ට් ගොනු ලබාගැනීම ගැන දැන් දන්නවනේ.. දැන් අපි බලමු uTorrent වලින් ගන්න වැඩේ ගැන.. අපි භාගත කරගත්ත ටොරන්ට් ගොනුව දැන් අපිට පෙන්නන්නේ uTorrent ගොනුවක් විදිහට. ඒ අපි අවශ්‍ය Client මෘදුකාංගය ස්ථාපනය කරලා කියන නිසයි..

                       මෙන්න මේ වගේ තමයි uTorrent වල පෙනුම..


දැන් අපි අපේ අවශ්‍ය ටොරන්ට් ගොනුව ඩබල් ක්ලික් කලාම එක uTorrent වලින් Open වෙනවා..
               
                        මෙන්න මේ වගේ තමයි දකින්න හම්බවෙන්නේ..


එතනින් අපිට පුළුවන් ඒ ටොරන්ට් ගොනුව ඇතුලේ අපිට අවශ්‍ය නැති දේවල් තියනවනම් එතන තියන Chechbox එකේ හරිය ඉවත් කරන්න.. එතකොට අපිට පුළුවන් අනවශ්‍ය දත්ත භාවිතයක් නැතුව අවශ්‍ය වැඩේ විතරක් කරගන්න.. 

ඔන්න ඉතින් ටොරන්ට් ගැන කියන්න පුළුවන් තරම් කෙටියෙන් කිව්වා.. ඔයාලට මොනවහරි ප්‍රශ්න තියනවනම් අහන්න කමෙන්ට් එකකින්..
එහෙනම් මම හිතනවා ඔයාලට ටොරන්ට් ගැන මූලික දැනුම ලැබෙන්න ඇති කියලා..

ආයෙත් කුප්පියක් දානවා ඉක්මනටම..
එතෙක්.. ඔබට ජය.....

2 comments:

හිතේ තියන ටික මෙතන කොටලම හිටියනම්...