Slide # 1

NEED FOR SPEED RIVALS ® නොමිලේ

මේක Need For Speed ක්‍රීඩා මාලාවේ අලුත්ම එළිදැක්වීම..''RIVALS'' තමයි නම.. මේ ක්‍රීඩාව Action හා Racing කියන කොටසට තමයි අයත් වෙන්නේ Read More

Slide # 2

Desktop එක ලස්සන කරගමු

හැමදාම දකින කුකුලගේ කරමලේ සුදුයි වගේ දැකල දැකලම වින්ඩෝස් 7 වල Default View එක එපා වෙලාද? එහෙනම් පොඩ්ඩක් බැලුවනම් ඔය උඩ තියන පින්තූරය දිහා :D හොදයිද? Read More

Slide # 3

100%ක් INTERNET SPEED එක සුපිරියට වැඩි කරගමු

මම දන්නවා ගොඩක් අය තමන්ගේ අන්තර්ජාල වේගය කොච්චර තිබ්බත් මදි කියලනේ හිතන්නේ Read More

Slide # 4

PEN DRIVE එකෙන් ඕනෑම වින්ඩෝස් එකක් දාමු

ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි වින්ඩෝස් දාන්න CD/DVD අවශ්‍ය එක.. ඔන්න අද කියන්න යන්නේ Pen Drive එකකින් වින්ඩෝස් දාන විදිහයි Read More

Slide # 5

ඔබේ කාමරය WI-FI කලාපයක් කරගන්න

කොහොමද ඔයාගේ කාමරේ Wi-Fi Zone එකක් කරගන්න තියනවනම් නේද? ආව් ආව් කටට ආව හිනාව නේද? ඔව් ඔව් එක තමයි මේ කරන්න හදන්නේ Read More

Friday, February 8, 2013

"Android Root කිරීම යනු" පරිසමාප්ත අර්ථ දැක්වීම


ඔන්න එහෙනම් අදත් තවත් කුප්පියක් දාන්න හදන්නේ.. අද ඉදන් ඉදිරියට Android Rooting / Custom Rom ගැනත් ටිකක් කතාකරන්න තමයි හිතන් ඉන්නේ.. අද තමා ඔන්න මුලින්ම පටන්ගන්නේ.. නොදන්නා අයට ප්‍රශ්නයක් ඇති මොකක්ද මේ Root කරනවා කියන්නේ කියලා..
Root කරනවා කියන්නේ ඉතින් Android උපාංගයේ සම්පූර්ණ බලය අපි අතට ගන්නවා කියන එක තමයි.. මොකද අලුතින් ගන්න Android උපාංගයේ සම්පූර්ණ බලය අපිට නැහැ.. තව ටිකක් පැහැදිලි වෙයි පහල තියන ටික බැලුවාම..

Root කිරීමේ වාසි
*Android උපාංගයේ සම්පූර්ණ පාලක බලය ලැබීම
*යම්තාක් දුරට ක්‍රියාකාරිත්වය වැඩි වීම 
*Super User බලතල ලැබීම
*කලින් නොහැකි වූ සියලුම මෘදුකාංග ස්ථාපනය කරවීමේ හැකියාව 
*නවතම Android මෙහෙයුම් පද්ධති යාවත්කාලීන කිරිමේ හැකියාව 
*System එක තුල අවශ්‍ය සියලුම වෙනස්කම් සිදුකිරීමේ හැකියාව
*මෘදුකාංග සිත්සේ බාහිර මතක චිපයට ස්ථාපනය කල හැකි වීම
*Themes, Calenders වැනිදේ සංස්කරණය කිරීමේ හැකියාව
*බැටරි ආයු කාලය සහ බලය වැඩි වීම
*Boot Screen සහ Animation වෙනස් කිරීමේ ඇති හැකියාව
*නිල නොවන Android සංස්කරණ ස්ථාපනය කිරීමේ හැකියාව


Root කිරීමේ අවාසි
*උපාංගයේ වගකීම් කාලය අහෝසි වීම
*සමහර උපාංග වලට නිල යාවත්කාලීන හැකියාව නැතිවී යාම
*නොගැලපෙන ස්ථිරාංග(Firmware) දැමීමෙන් උපාංගයේ වේගය අඩු වීම
*උපාංගය නිවැරදිව Root නොකලොත් අනවශ්‍ය පරිදි ක්‍රියාකාරකම් සිදුවීම(ඔබගේ අනුදැනුමකින් තොරව)

.............මෙහි අඩංගු නොවූ කරුණුද ඇත.............

Android සංස්කරණ වල පරිනාමනය 

Android 1.0 
Android 1.5 (Cupcake)
Android 1.6 (Donut)
Android 2.0/2.1 (Eclair)
Android 2.2 (Froyo)
Android 2.3 (Gingerbread)
Android 3.0 (Honeycomb)
Android 4.0 (Ice Cream Sandwich)
Android 4.1 (Jelly Bean)





තවද ඔබගේ Android උපාංගය නිසිපරිදි Root නොකිරීමෙන් එය "BRICK" යන තත්වයට, එනම් කිසිවක් කල නොහැකි තත්වයට පත්වීමට පවා ඉඩකඩ ඇත. 
එමනිසා ඔබ Android සදහා නවකයෙක්නම් Root කිරීමේදී ඔබ එය නිසිපරිදි කරන්නේද යන්න පිලිබදව මනා අවබෝධයකින් යුතුව මෙය සිදුකරන්න. 

ඉදිරියේදී විවිධ Android උපාංග Root කිරීම හා නිල නොවන සංස්කරණ (Custom Rom) ස්ථාපනය කිරීම පිලිබදව සාකච්චා කිරීමට බලාපොරොත්තුවක් තිබේ. එමනිසා ඔබට යම් උපාංගයක් Root කිරීම හෝ ඒ ආශ්‍රිතව දැනගැනීමට අවශ්‍යනම් එහි මාදිලිය සමග කමෙන්ටුවක් යොදන්න.. එවිට එම උපාංගය ආශ්‍රිත තොරතුරු අප විසින් ලබාදීමට කටයුතු කල හැක..

ඉක්මනටම තවත් අලුත් කුප්පියකින් හමුවෙමු..
එහෙනම්..
ඔබට ජය වේවා..!!

30 comments:

  1. මගේ තියෙන්නේ huawei ideos s7 වර්ගයේ tablet එකක්..,slim එක නෙමේ....එකේ මුලින්ම අවේ android 2,1 නමුත් ඒක chip එකක් මාර්ගයෙන් මම 2,2,2 වලට update කලා...දැන් ඒක කිසි අවුලක් නැතුව වැඩ....මට ඒක නිවැරදිව root කර ගන්න කියල දෙන්න...


    ගොඩක් තෑ...න්කු SK මේ පෝස්ට් එක දැම්මට...

    ReplyDelete
    Replies
    1. http://www.mediafire.com/download.php?4ypsfuyj0fq8na7
      ඉහත ලින්කුව ඔස්සේ ගිහින් SuperOneClick බාගන්න.. ඉන්පසු Android උපාංගයට අදාළ Cable Drivers Install කරගන්න.. දැන් උපාංගය පරිගණකයට සම්බන්ද කර බාගත් Superoneclick ගොනුව තුල ඇති SuperOneClick.exe ඕපන් කල විට ලැබෙන අතුරුමුහුනතෙන් Root යන්න ලබාදෙන්න.. Root වී නම් Successfully Rooted Android යනුවෙන් පණිවිඩයක් දිස්වනු ඇත. Root නොවුනිනම් (Vol-)+(Home)+(Power) යන බොත්තම් එකවර තදකර නැවත උපාංගය පනගන්වන්න. එවිට Download Mode වෙත පිවිසෙනු ඇත. දැන් නැවත කලින් පරිදි SuperOneClick හරහා උත්සාහ කර බලන්න..
      ගැටළු තිබේනම් ඉදිරි ලිපියකින් කතා කරමු..

      Root කිරීමේ ක්‍රියාවලියේදී ඇතිවිය හැකි කිසිදු දෝෂයක් සදහා පරිගණක අත්වැල™ වගකීමක් නොගනී... ස්තුතියි ..

      Delete
  2. නිකන් google එකේ හොයපුවාම එන www.huaweidevice.com/worldwide/downloadCenter.do?method=toDownloadFile&flay=software&softid=MzUyODU= මේ ලින්කුවෙන් බා ගත්තා..ඒක මගෙ එකට හරි යයිද..?

    ReplyDelete
  3. Replies
    1. අපි රූට් කරන විදිහ ඉස්සරහට කතා කරමු... SuperOneClick මෘදුකාංගය හරහා රූට් කරගන්න පුළුවන්.. මෙන්න ලින්කුව..
      http://www.mediafire.com/download.php?4ypsfuyj0fq8na7

      Delete
  4. galaxy y root karanne kohomada.mama jelly been daganna puluwanda

    ReplyDelete
    Replies
    1. Official නම් තවම JellyBean නැහැ.. එත් මෙතන ඔයාට උත්තරයක් තියෙනවා...
      http://forum.xda-developers.com/showthread.php?t=1679563

      Delete
  5. ඒක වින්ඩොස් 7 වල නොමල් වැඩ නේද.,?bit එක අවුලක් නැහැ නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් වැඩ කරනවා.. බිට් ප්‍රශ්නයක් නැහැ...

      Delete
  6. මගෙ samsung galaxcy s dous gt-s7562 phone එක root කරන හැටි පියවරෙන් පියවර කියල දෙන්නකො...

    ReplyDelete
    Replies
    1. ඉදිරියට කතා කරමු අනිවාර්යෙන්ම යාලුවා... නමුත් ඔබට පහත ලින්කුව මගින් ඇති මෘදුකාංගය බාගත කරගෙන ඉතා පහසුවෙන් රූට් කරගත හැක.. ස්තුතියි...
      http://www.mediafire.com/download.php?4ypsfuyj0fq8na7

      Delete
  7. මම ඉතාම සාර්ථකව රෑට් කලා.
    තෑන්කූ sk

    ReplyDelete
  8. mage laga thyenne sony ericsson xperia ray 1k.kohomad root karanne?

    ReplyDelete
    Replies
    1. කලින් කොමෙන්ටු ටික බලන්නකෝ... මෙන්න තියනවා ඊට පස්සේ යන්න ඕනා තැන...
      http://www.mediafire.com/download.php?4ypsfuyj0fq8na7

      Delete
    2. 4n 1ka root karata passe .updata karanda puluwanda?

      Delete
    3. This comment has been removed by a blog administrator.

      Delete
    4. Official නම් බැහැ.. Custom ROM තමා...

      Delete
  9. dell streak 7 tab eka root karanna puluwanda

    ReplyDelete
  10. Sony Ericsson Xperia X10 Mini Pro ekata meka set weida ? ehema neththam wenath wikalpa tiyenawada ?

    ReplyDelete
    Replies
    1. උත්සාහ කරලා බලන්න.. ගොඩක් එව්වට මේක හොදටම වැඩ.... වැඩ නොකලොත් තව කොමෙන්ටුවක් දාන්නකෝ...

      Delete
  11. Samsung galaxy s i9000 4n 1 root krala tibbe gannakotama.den ekata ics danne kohomada.nettam aye unroot karala aye mula idan root karanna berida

    ReplyDelete
    Replies
    1. රූට් කරන එක ගැන ප්‍රශ්නයක් නැහැ.. මෙන්න තියනවා ඔයාට අවශ්‍ය ICS ROM එක.. අරගෙන දාගන්න.. http://forum.xda-developers.com/showthread.php?t=1488096

      Delete
  12. mage laga korean S ekak thiyenne.
    me phone eka peya 5,6k normaly use kalata passe struk wenna gannawa.
    run karanne andro. 2.3.6
    nedda mukuth wisadumak

    ReplyDelete
    Replies
    1. Software Update කරලා බලන්න.. Official හොදද...

      Delete

හිතේ තියන ටික මෙතන කොටලම හිටියනම්...