ඔන්න එහෙනම් අදත් තවත් කුප්පියක් දාන්න හදන්නේ.. අද ඉදන් ඉදිරියට Android Rooting / Custom Rom ගැනත් ටිකක් කතාකරන්න තමයි හිතන් ඉන්නේ.. අද තමා ඔන්න මුලින්ම පටන්ගන්නේ.. නොදන්නා අයට ප්‍රශ්නයක් ඇති මොකක්ද මේ Root කරනවා කියන්නේ කියලා..
Root කරනවා කියන්නේ ඉතින් Android උපාංගයේ සම්පූර්ණ බලය අපි අතට ගන්නවා කියන එක තමයි.. මොකද අලුතින් ගන්න Android උපාංගයේ සම්පූර්ණ බලය අපිට නැහැ.. තව ටිකක් පැහැදිලි වෙයි පහල තියන ටික බැලුවාම..
Root කිරීමේ වාසි
*Android උපාංගයේ සම්පූර්ණ පාලක බලය ලැබීම
*යම්තාක් දුරට ක්‍රියාකාරිත්වය වැඩි වීම
*Super User බලතල ලැබීම
*කලින් නොහැකි වූ සියලුම මෘදුකාංග ස්ථාපනය කරවීමේ හැකියාව
*නවතම Android මෙහෙයුම් පද්ධති යාවත්කාලීන කිරිමේ හැකියාව
*System එක තුල අවශ්‍ය සියලුම වෙනස්කම් සිදුකිරීමේ හැකියාව
*මෘදුකාංග සිත්සේ බාහිර මතක චිපයට ස්ථාපනය කල හැකි වීම
*Themes, Calenders වැනිදේ සංස්කරණය කිරීමේ හැකියාව
*බැටරි ආයු කාලය සහ බලය වැඩි වීම
*Boot Screen සහ Animation වෙනස් කිරීමේ ඇති හැකියාව
*නිල නොවන Android සංස්කරණ ස්ථාපනය කිරීමේ හැකියාව
Root කිරීමේ අවාසි
*උපාංගයේ වගකීම් කාලය අහෝසි වීම
*සමහර උපාංග වලට නිල යාවත්කාලීන හැකියාව නැතිවී යාම
*නොගැලපෙන ස්ථිරාංග(Firmware) දැමීමෙන් උපාංගයේ වේගය අඩු වීම
*උපාංගය නිවැරදිව Root නොකලොත් අනවශ්‍ය පරිදි ක්‍රියාකාරකම් සිදුවීම(ඔබගේ අනුදැනුමකින් තොරව)
.............මෙහි අඩංගු නොවූ කරුණුද ඇත.............
Android සංස්කරණ වල පරිනාමනය
Android 1.0
Android 1.6 (Donut)
Android 2.0/2.1 (Eclair)
Android 2.2 (Froyo)
Android 2.3 (Gingerbread)
Android 3.0 (Honeycomb)
Android 4.0 (Ice Cream Sandwich)
Android 4.1 (Jelly Bean)
තවද ඔබගේ Android උපාංගය නිසිපරිදි Root නොකිරීමෙන් එය "BRICK" යන තත්වයට, එනම් කිසිවක් කල නොහැකි තත්වයට පත්වීමට පවා ඉඩකඩ ඇත.
එමනිසා ඔබ Android සදහා නවකයෙක්නම් Root කිරීමේදී ඔබ එය නිසිපරිදි කරන්නේද යන්න පිලිබදව මනා අවබෝධයකින් යුතුව මෙය සිදුකරන්න.
ඉදිරියේදී විවිධ Android උපාංග Root කිරීම හා නිල නොවන සංස්කරණ (Custom Rom) ස්ථාපනය කිරීම පිලිබදව සාකච්චා කිරීමට බලාපොරොත්තුවක් තිබේ. එමනිසා ඔබට යම් උපාංගයක් Root කිරීම හෝ ඒ ආශ්‍රිතව දැනගැනීමට අවශ්‍යනම් එහි මාදිලිය සමග කමෙන්ටුවක් යොදන්න.. එවිට එම උපාංගය ආශ්‍රිත තොරතුරු අප විසින් ලබාදීමට කටයුතු කල හැක..
ඉක්මනටම තවත් අලුත් කුප්පියකින් හමුවෙමු..
එහෙනම්..
ඔබට ජය වේවා..!!
මගේ තියෙන්නේ huawei ideos s7 වර්ගයේ tablet එකක්..,slim එක නෙමේ....එකේ මුලින්ම අවේ android 2,1 නමුත් ඒක chip එකක් මාර්ගයෙන් මම 2,2,2 වලට update කලා...දැන් ඒක කිසි අවුලක් නැතුව වැඩ....මට ඒක නිවැරදිව root කර ගන්න කියල දෙන්න...
ReplyDeleteගොඩක් තෑ...න්කු SK මේ පෝස්ට් එක දැම්මට...
http://www.mediafire.com/download.php?4ypsfuyj0fq8na7
Deleteඉහත ලින්කුව ඔස්සේ ගිහින් SuperOneClick බාගන්න.. ඉන්පසු Android උපාංගයට අදාළ Cable Drivers Install කරගන්න.. දැන් උපාංගය පරිගණකයට සම්බන්ද කර බාගත් Superoneclick ගොනුව තුල ඇති SuperOneClick.exe ඕපන් කල විට ලැබෙන අතුරුමුහුනතෙන් Root යන්න ලබාදෙන්න.. Root වී නම් Successfully Rooted Android යනුවෙන් පණිවිඩයක් දිස්වනු ඇත. Root නොවුනිනම් (Vol-)+(Home)+(Power) යන බොත්තම් එකවර තදකර නැවත උපාංගය පනගන්වන්න. එවිට Download Mode වෙත පිවිසෙනු ඇත. දැන් නැවත කලින් පරිදි SuperOneClick හරහා උත්සාහ කර බලන්න..
ගැටළු තිබේනම් ඉදිරි ලිපියකින් කතා කරමු..
Root කිරීමේ ක්‍රියාවලියේදී ඇතිවිය හැකි කිසිදු දෝෂයක් සදහා පරිගණක අත්වැල™ වගකීමක් නොගනී... ස්තුතියි ..
නිකන් google එකේ හොයපුවාම එන www.huaweidevice.com/worldwide/downloadCenter.do?method=toDownloadFile&flay=software&softid=MzUyODU= මේ ලින්කුවෙන් බා ගත්තා..ඒක මගෙ එකට හරි යයිද..?
ReplyDeleteඔව් හරියටම හරි.... (y)
Deletegalaxy y 4n aka root karanne kohomada
ReplyDeleteඅපි රූට් කරන විදිහ ඉස්සරහට කතා කරමු... SuperOneClick මෘදුකාංගය හරහා රූට් කරගන්න පුළුවන්.. මෙන්න ලින්කුව..
Deletehttp://www.mediafire.com/download.php?4ypsfuyj0fq8na7
galaxy y root karanne kohomada.mama jelly been daganna puluwanda
ReplyDeleteOfficial නම් තවම JellyBean නැහැ.. එත් මෙතන ඔයාට උත්තරයක් තියෙනවා...
Deletehttp://forum.xda-developers.com/showthread.php?t=1679563
ඒක වින්ඩොස් 7 වල නොමල් වැඩ නේද.,?bit එක අවුලක් නැහැ නේද?
ReplyDeleteඔව් වැඩ කරනවා.. බිට් ප්‍රශ්නයක් නැහැ...
DeleteD
Deleteමගෙ samsung galaxcy s dous gt-s7562 phone එක root කරන හැටි පියවරෙන් පියවර කියල දෙන්නකො...
ReplyDeleteඉදිරියට කතා කරමු අනිවාර්යෙන්ම යාලුවා... නමුත් ඔබට පහත ලින්කුව මගින් ඇති මෘදුකාංගය බාගත කරගෙන ඉතා පහසුවෙන් රූට් කරගත හැක.. ස්තුතියි...
Deletehttp://www.mediafire.com/download.php?4ypsfuyj0fq8na7
මම ඉතාම සාර්ථකව රෑට් කලා.
ReplyDeleteතෑන්කූ sk
ජය වේවා....
DeleteAchila
ReplyDeletesony ericsson xperia ray
mage laga thyenne sony ericsson xperia ray 1k.kohomad root karanne?
ReplyDeleteකලින් කොමෙන්ටු ටික බලන්නකෝ... මෙන්න තියනවා ඊට පස්සේ යන්න ඕනා තැන...
Deletehttp://www.mediafire.com/download.php?4ypsfuyj0fq8na7
4n 1ka root karata passe .updata karanda puluwanda?
DeleteThis comment has been removed by a blog administrator.
DeleteOfficial නම් බැහැ.. Custom ROM තමා...
Deletedell streak 7 tab eka root karanna puluwanda
ReplyDeleteඔව් පුළුවන්...
DeleteSony Ericsson Xperia X10 Mini Pro ekata meka set weida ? ehema neththam wenath wikalpa tiyenawada ?
ReplyDeleteඋත්සාහ කරලා බලන්න.. ගොඩක් එව්වට මේක හොදටම වැඩ.... වැඩ නොකලොත් තව කොමෙන්ටුවක් දාන්නකෝ...
DeleteSamsung galaxy s i9000 4n 1 root krala tibbe gannakotama.den ekata ics danne kohomada.nettam aye unroot karala aye mula idan root karanna berida
ReplyDeleteරූට් කරන එක ගැන ප්‍රශ්නයක් නැහැ.. මෙන්න තියනවා ඔයාට අවශ්‍ය ICS ROM එක.. අරගෙන දාගන්න.. http://forum.xda-developers.com/showthread.php?t=1488096
Deletemage laga korean S ekak thiyenne.
ReplyDeleteme phone eka peya 5,6k normaly use kalata passe struk wenna gannawa.
run karanne andro. 2.3.6
nedda mukuth wisadumak
Software Update කරලා බලන්න.. Official හොදද...
Deletethanks
ReplyDelete