Slide # 1

NEED FOR SPEED RIVALS ® නොමිලේ

මේක Need For Speed ක්‍රීඩා මාලාවේ අලුත්ම එළිදැක්වීම..''RIVALS'' තමයි නම.. මේ ක්‍රීඩාව Action හා Racing කියන කොටසට තමයි අයත් වෙන්නේ Read More

Monday, February 4, 2013

පරිගණක අත්වැල Android App එක නිකුත් වුනා



ඔන්න ඉතින් අදත් ටිකක් හැපී දවසක් කියමුකෝ බලන්න... මොකෝ දන්නවද..? ඔන්න ටිකක් මහන්සි වෙලා හැදුවා අපේ පරිගණක අත්වැලට Android Application එකක්.. ඔන්න ඕක තමා මේ ටිකේ පෝස්ට් එහෙම අඩු වෙන්න හේතුව.. ටිකක් අඩුපාඩු එහෙම ඇති ගණන් ගන්න එපා හොදද.. ඉස්සරහට අප්ඩේට් එහෙම දාලා ඇදලා හදලා ගමු නේද? මේ Application එකේ විස්තර එහෙම පොඩ්ඩක් බලමුකෝ බලන්න...

ඉස්සෙල්ලාම කියන්න පුළුවන් මේක 100%ක්ම SK, ඒ කියන්නේ මගේ වැඩක් කියලා.. SKගේ කියන්නේ ඉතින් ඔයාලගේ කියන එකම තමා..



මේකේ Developing වැඩ ටිකත් ඔක්කොම Skගේම තමා ඉතින්..


ඔන්න අප්ඩේට් කර කර දුක් විදින්න දේකුත් නැහැ කියමුකෝ. මේක 100%ක්ම Auto Update වෙනවා.. ඒක නිසා මම මෙහෙන් Update කරපු ගමන්ම ඔයාලගෙත් අප්ඩේට් වෙනවා..


මේකේ Interface එක මෙන්න මේ පහල තියනවා වගේ..



(අප්ඩේට් වලදී මේක තවත් අලුත් වෙනවා.. වැඩ කෑලි එහෙම වැඩි වෙනවා.)

එක පාරින්ම ෆේස්බුකියට Share කරන්නත් පුළුවන්..


ඔන්න තවත් එල පහසුකමක් දීලා තියනවා.. කෙලින්ම පරිගණක අත්වැලට E-Mail කරන්නත් පුළුවන්.. ඔය තියෙන්නේ පහල.. බලන්නකෝ..


ඔන්න ඉතින් දැනට මේ කතාව පොඩ්ඩකට නවත්තමු.. මොකද ඉස්සරහට IOS,Symbian,Java,Windows Mobile කියන මාදිලි වලටත් මේක හදන්න තමයි හිතන් ඉන්නේ.. එතකොට හැමෝටම හොදයිනේ.. ඔන්න ඉතින් අද 65 වන නිදහස් දවසනේ.. එහෙම කිව්වට SK ඉන්නෙනම් සිරිලංකාවේ නෙමෙයි දැන්.. ඒ වුනාට ඉතින් නිදහසනම් සමරනවා...  ඒක නිසා හැමෝටම අභිමානවත් නිදහස් දිනයක් වේවා කිව්වා ඈ.. :D එහෙනම් දැනට කුප්පියට පොඩි බ්රේක් එකක් දෙමු ඉස්සරහට Continue කරන බලාපොරොත්තුවෙන්.. 

පරිගණක අත්වැල Android App එක නොමිලේ මෙතනින් ගන්න.

එහෙනම්..
ඔබට ජය වේවා..!!

3 comments:

හිතේ තියන ටික මෙතන කොටලම හිටියනම්...