Slide # 1

NEED FOR SPEED RIVALS ® නොමිලේ

මේක Need For Speed ක්‍රීඩා මාලාවේ අලුත්ම එළිදැක්වීම..''RIVALS'' තමයි නම.. මේ ක්‍රීඩාව Action හා Racing කියන කොටසට තමයි අයත් වෙන්නේ Read More

Slide # 2

Desktop එක ලස්සන කරගමු

හැමදාම දකින කුකුලගේ කරමලේ සුදුයි වගේ දැකල දැකලම වින්ඩෝස් 7 වල Default View එක එපා වෙලාද? එහෙනම් පොඩ්ඩක් බැලුවනම් ඔය උඩ තියන පින්තූරය දිහා :D හොදයිද? Read More

Slide # 3

100%ක් INTERNET SPEED එක සුපිරියට වැඩි කරගමු

මම දන්නවා ගොඩක් අය තමන්ගේ අන්තර්ජාල වේගය කොච්චර තිබ්බත් මදි කියලනේ හිතන්නේ Read More

Slide # 4

PEN DRIVE එකෙන් ඕනෑම වින්ඩෝස් එකක් දාමු

ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි වින්ඩෝස් දාන්න CD/DVD අවශ්‍ය එක.. ඔන්න අද කියන්න යන්නේ Pen Drive එකකින් වින්ඩෝස් දාන විදිහයි Read More

Slide # 5

ඔබේ කාමරය WI-FI කලාපයක් කරගන්න

කොහොමද ඔයාගේ කාමරේ Wi-Fi Zone එකක් කරගන්න තියනවනම් නේද? ආව් ආව් කටට ආව හිනාව නේද? ඔව් ඔව් එක තමයි මේ කරන්න හදන්නේ Read More

Thursday, January 31, 2013

Samsung Galaxy S 4 පිලිබදව ලැබී ඇති රහස් තොරතුරු



ඔන්න අද පොඩි ඩිජිටල් ඕපාදුපයක් කියන්නයි හදන්නේ.. අපි හැමෝම දන්නා අදුරන දුරකථන මාදිලියක්නේ සැම්සුන් ගැලැක්සි කියන්නේ.. මේ වෙනකොට ගැලැක්සි S කාණ්ඩය යටතේ Galaxy S, Galaxy S2, Galaxy S3 කියන මාදිලි ටික තමා මූලිකව තියෙන්නේ.. (මෙම කාණ්ඩ යටතේ තවත් අනුමාදිලි විශාල ප්‍රමාණයක් ඇත)  ඔන්න ඊලගට එන්න හිටිය ලොකු අයියා තමා Galaxy S4 කියන්නේ.. මෙයාව වෙළදපොලට අදුන්වාදීමට නියමිත වෙලා තියෙන්නේ මේ වසරේදීය.(2013) සැම්සුන් ආයතනය නිල වශයෙන් 2013 මාර්තු අග හෝ අප්‍රේල් මුල බාගයේ මෙම දුරකථනය එළිදැක්වීමට සූදානම් බව Samsung Unpacked Press Conference හිදී පවසා තිබුණි.. නමුත් මෙම දුරකතනයේ 100%ක්ම නිවැරදි පින්තූරයක් සහ තොරතුරු නිල වශයෙන් තවම පිටවී නැත.. නමුත් රහස් ආරංචි මාර්ග ඔස්සේ පිටවී ඇති තොරතුරු රාශියකි. අපි එහෙනම් මෙම දුරකතනයේ ඇතුලාන්තය හා ක්‍රියාකාරිත්වය ගැන බලමු.. 


ජාලය පිළිබද තොරතුරු
2G Network - GSM 850 / 900 / 1800 / 1900
3G Network - HSDPA 850 / 900 / 1900 / 2100
4G Network - LTE

සිම්පත 
Micro-SIM

තිරය 
මාදිලිය - Super AMOLED capacitive touchscreen, 16M colors
ප්‍රමාණය - 1080 x 1920 pixels, 5.0 inches (~441 ppi pixel density)
ආරක්ෂාකාරිත්වය - Corning Gorilla Glass 2 - TouchWiz UI
(බහු ස්පර්ශ සංවේදී තීරයකි)

නාද රටා
සඥා මාදිලි - Vibration; MP3, WAV ringtones
ශබ්ද විකාශකයක්(Loudspeaker) සහ 3.5mm ජැක් එකක් සහිතය.

මතක ධාරිතාවය
කාඩ්පත - microSD, up to 64 GB
අභ්‍යන්තර මතකය - 16 GB storage, 2 GB RAM

දත්ත
GPRS/EDGE ඇත.
වේගය -HSDPA, 42.2 Mbps; HSUPA, 5.76 Mbps;
            LTE, Cat3, 50 Mbps UL, 100 Mbps DL
රැහැන්මුක්ත ජාල(WLAN) - Wi-Fi 802.11 a/b/g/n, dual-band, 
                                        DLNA, Wi-Fi Direct, Wi-Fi hotspot
බ්ලූටූත් - v4.0 with A2DP, EDR
යූඑස්බී - microUSB v2.0 (MHL), USB On-the-go
NFC(Near Field Communication) තාක්ෂණය සහිතයි.

කැමරාව
මූලික කැමරාව - 13 MP, autofocus, LED flash
විශේෂාංග - Simultaneous HD video and image recording, geo-
                 tagging, touch focus, face and smile detection, image 
                 stabilization, HDR
වීඩියෝ - 1080p@30fps
ද්විතීක කැමරාවක්ද සහිතයි 

අනෙකුත් විශේෂාංග
මෙහෙයුම් පද්ධතිය -Android OS,v4.2 Jelly Bean නවතම සංස්කරණය
පරිපථ - Exynos 5450 Quad
මධ්‍යම සැකසුම් ඒකකය -Quad-core 2 GHz Cortex-A15
සංවේදක - Accelerometer, gyro, proximity, compass, barometer
පණිවුඩ - SMS(threaded view), MMS, Email, Push Mail, IM, RSS
Browser - HTML5, Adobe Flash
GPS තාක්ෂණය - Yes, with A-GPS support and GLONASS
ජාවා - via Java MIDP emulator
වර්ණ - Titanium Gray, Sapphire Black


- S-Voice natural language commands and dictation
- Smart Stay eye tracking
- Dropbox (50 GB storage)
- Active noise cancellation with dedicated mic
- TV-out (via MHL A/V link)
- SNS integration
- MP4/DivX/XviD/WMV/H.264/H.263 player
- MP3/WAV/eAAC+/AC3/FLAC player
- Organizer
- Image/video editor
- Document viewer (Word, Excel, PowerPoint, PDF)
- Google Search, Maps, Gmail,
YouTube, Calendar, Google Talk, Picasa
- Voice memo/dial/commands
- Predictive text input (Swype)

බැටරිය 
Li-Ion 2600 mAh battery
(බැටරි ආයු කාලය පිළිබද තොරතුරක් නැත)


ඔන්න එහෙනම් ඒ විස්තරෙත් දැනට ඉවරයි.. මේ පිලිබදව අලුත් තොරතුරු හම්බුනොත් තවත් කුප්පියක් දාමුකෝ.. එහෙනම් වැඩේ ඉවර කළා ඔන්න..

එහෙනම්..
ඔබට ජය වේවා..!!

0 comments:

Post a Comment

හිතේ තියන ටික මෙතන කොටලම හිටියනම්...