Slide # 1

NEED FOR SPEED RIVALS ® නොමිලේ

මේක Need For Speed ක්‍රීඩා මාලාවේ අලුත්ම එළිදැක්වීම..''RIVALS'' තමයි නම.. මේ ක්‍රීඩාව Action හා Racing කියන කොටසට තමයි අයත් වෙන්නේ Read More

Wednesday, January 16, 2013

පරිගණකයට අධිපති දෙවියා වෙමුද?



කාලෙකින් නේ... එල එල ඈ.. එහෙනම් ඔන්න කුප්පියක් බස්සන්න හදන්නේ.. 

දෙයියෝ වදින්නත් පඩුරු දාන්න ඕනනේ මේ කාලේ නේද? මොකෝ කියන්නේ ගෙදර ඉදලම දෙවියෙක් වෙමුද? හිකිස්.... SK ගේ මොලේ කොලොප්පන් වෙලා කියලා හිතුවද.... නෑ නෑ.. අද කියල දෙන්න යන්නේ තමුන්ගේ පරිගණකයට අධිපති දෙයියා තමුන්ම වෙන විදිහ ගැන..

ඇන්ඩ්‍රොයිඩ් Device වල ROOT කතාව දන්නවනේ... රූට් නොකර Root Permission දෙන්නේ නැහැනේ... අන්න ඒ වගේ කට්ටිය හිතන් හිටියට අපේ කොමාගේ ලොක්ක අපි තමා කියලා,, ඒක සිරාවටම එහෙම නැහැ.. පරිගණකයේ Windows වල වැඩ ටික 100%ක්ම අපිට දෙන්නේ නැහැ.. ඒක අපි ගන්න ඕනා... ඒක කරන විදිහ තමා කියල දෙන්න හදන්නේ.. ඇන්ඩ්‍රොයිඩ් වලට Root Permission වගේ Windows වලට කියන්නේ GOD MODE කියලා.. මේකෙන් කරන්නේ කොමාගේ Setting තියන තැන් ඔක්කොම එකම තැනකට ගන්න එකයි... කරන්න තියෙන්නේ මේකයි.. 

*ඩෙස්ක්ටොප් එකේ New Folder එකක් ගන්න..
*දැන් පහල විදිහට Rename කරන්න..

GodMode.{ED7BA470-8E54-465E-825C-99712043E01C}

WINDOWS VISTA/ WINDOWS 7/ WINDOWS 8 TESTED

එතකොට ලස්සනට GOD MODE කියලා එකක් එයි.. ඒක ඇතුලේ තියෙන්නේ ගින්දර වගේ කොමාගේ සියලුම සෙටින් ෆයිල්.. සාමාන්‍ය පාවිච්චියේදී මලාට හොයන්න අමාරු ඔක්කොම තියනවා.. 
"හැමදේම එකම වහලක් යටින්" සුපර්මාකට් එකක් වගේ.. :D



එහෙනම් ඔන්න අදට කුප්පිය ඉවරයි.. ඉක්මනට තව එකක් ඔබන්නම් ඈ... 

එහෙනම්..
ඔබට ජය වේවා..!!

7 comments:

  1. SK ela ahhh..!

    ReplyDelete
  2. ela ela. eth mokakda bn meke theruma :O

    ReplyDelete
    Replies
    1. මේකෙන් වෙන්නේ වින්ඩෝස් වල Hidden Features ටික එලියට ගන්න එක..

      Delete
  3. machan ela ela gindara wadak aaaaa

    ReplyDelete

හිතේ තියන ටික මෙතන කොටලම හිටියනම්...