Slide # 1

NEED FOR SPEED RIVALS ® නොමිලේ

මේක Need For Speed ක්‍රීඩා මාලාවේ අලුත්ම එළිදැක්වීම..''RIVALS'' තමයි නම.. මේ ක්‍රීඩාව Action හා Racing කියන කොටසට තමයි අයත් වෙන්නේ Read More

Thursday, January 31, 2013

Samsung Galaxy S 4 පිලිබදව ලැබී ඇති රහස් තොරතුරු

ඔන්න අද පොඩි ඩිජිටල් ඕපාදුපයක් කියන්නයි හදන්නේ.. අපි හැමෝම දන්නා අදුරන දුරකථන මාදිලියක්නේ සැම්සුන් ගැලැක්සි කියන්නේ.. මේ වෙනකොට ගැලැක්සි S කාණ්ඩය යටතේ Galaxy S, Galaxy S2, Galaxy S3 කියන මාදිලි ටික තමා මූලිකව තියෙන්නේ.. (මෙම කාණ්ඩ යටතේ තවත් අනුමාදිලි විශාල ප්‍රමාණයක් ඇත)  ඔන්න ඊලගට එන්න හිටිය ලොකු අයියා තමා Galaxy S4 කියන්නේ.. මෙයාව වෙළදපොලට අදුන්වාදීමට නියමිත වෙලා තියෙන්නේ මේ වසරේදීය.(2013) සැම්සුන් ආයතනය නිල වශයෙන් 2013 මාර්තු අග හෝ අප්‍රේල් මුල බාගයේ මෙම දුරකථනය එළිදැක්වීමට සූදානම් බව Samsung Unpacked Press Conference හිදී පවසා තිබුණි.. නමුත් මෙම දුරකතනයේ 100%ක්ම නිවැරදි පින්තූරයක් සහ තොරතුරු නිල වශයෙන් තවම පිටවී නැත.....

Friday, January 25, 2013

FBI එකේ ඇස් වහලා කැමති නමකින් E-Mail යවමුද ?

ඔන්න ඉතින් අදනම් පරිගණක අත්වැල බ්ලොගය කරන මට, ඒ කියන්නේ SKට බොහොම සතුටු දවසක් කියමුකෝ... මොකද එහෙන් මෙහෙන් හොරට විසිටර්ස්ලා ගෙන්නගෙන අපිවම රවට්ටගන්නේ නැතුව අපේ බ්ලොග් එකේ Traffic එක 10000 පැන්නා.. ඉතින් බ්ලොග් එකක මේ වගේ අවස්ථාවක සතුට 100% දැනෙන්නේ තවත් බ්ලොගයක් කරන කෙනෙකුටම තමා.. ඔන්න අපිත් එක්ක මෙච්චර කාලයක් එකට හිටිය හැමෝටම ගොඩක්ම ගොඩාක් ස්තුතියි කියනවා බොක්කෙන්ම.. ඒ වගේම ඉස්සරහටත් අපිත් එක්කම ඉන්න කියලා සාදරයෙන් ඉල්ලනවා..   එහෙනම් කුප්පිය අදුරගමු නේද? අද කියල දෙන්න යන්නේ හොරාට E-Mail යවන විදිහ.. ක්‍රම දෙකකින්ම කියල දෙනවා.. මේ දෙකේ තියන විශේෂය තමා FBI එකට මාට්ටු නොවෙන විශ්වාසවන්තම අඩවි දෙක වීම...  කෙටියෙන්ම කිව්වොත් මේකට...

Wednesday, January 16, 2013

පරිගණකයට අධිපති දෙවියා වෙමුද?

කාලෙකින් නේ... එල එල ඈ.. එහෙනම් ඔන්න කුප්පියක් බස්සන්න හදන්නේ..  දෙයියෝ වදින්නත් පඩුරු දාන්න ඕනනේ මේ කාලේ නේද? මොකෝ කියන්නේ ගෙදර ඉදලම දෙවියෙක් වෙමුද? හිකිස්.... SK ගේ මොලේ කොලොප්පන් වෙලා කියලා හිතුවද.... නෑ නෑ.. අද කියල දෙන්න යන්නේ තමුන්ගේ පරිගණකයට අධිපති දෙයියා තමුන්ම වෙන විදිහ ගැන.. ඇන්ඩ්‍රොයිඩ් Device වල ROOT කතාව දන්නවනේ... රූට් නොකර Root Permission දෙන්නේ නැහැනේ... අන්න ඒ වගේ කට්ටිය හිතන් හිටියට අපේ කොමාගේ ලොක්ක අපි තමා කියලා,, ඒක සිරාවටම එහෙම නැහැ.. පරිගණකයේ Windows වල වැඩ ටික 100%ක්ම අපිට දෙන්නේ නැහැ.. ඒක අපි ගන්න ඕනා... ඒක කරන විදිහ තමා කියල දෙන්න හදන්නේ.. ඇන්ඩ්‍රොයිඩ් වලට Root Permission වගේ Windows වලට කියන්නේ GOD...