Slide # 1

NEED FOR SPEED RIVALS ® නොමිලේ

මේක Need For Speed ක්‍රීඩා මාලාවේ අලුත්ම එළිදැක්වීම..''RIVALS'' තමයි නම.. මේ ක්‍රීඩාව Action හා Racing කියන කොටසට තමයි අයත් වෙන්නේ Read More

Slide # 2

Desktop එක ලස්සන කරගමු

හැමදාම දකින කුකුලගේ කරමලේ සුදුයි වගේ දැකල දැකලම වින්ඩෝස් 7 වල Default View එක එපා වෙලාද? එහෙනම් පොඩ්ඩක් බැලුවනම් ඔය උඩ තියන පින්තූරය දිහා :D හොදයිද? Read More

Slide # 3

100%ක් INTERNET SPEED එක සුපිරියට වැඩි කරගමු

මම දන්නවා ගොඩක් අය තමන්ගේ අන්තර්ජාල වේගය කොච්චර තිබ්බත් මදි කියලනේ හිතන්නේ Read More

Slide # 4

PEN DRIVE එකෙන් ඕනෑම වින්ඩෝස් එකක් දාමු

ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි වින්ඩෝස් දාන්න CD/DVD අවශ්‍ය එක.. ඔන්න අද කියන්න යන්නේ Pen Drive එකකින් වින්ඩෝස් දාන විදිහයි Read More

Slide # 5

ඔබේ කාමරය WI-FI කලාපයක් කරගන්න

කොහොමද ඔයාගේ කාමරේ Wi-Fi Zone එකක් කරගන්න තියනවනම් නේද? ආව් ආව් කටට ආව හිනාව නේද? ඔව් ඔව් එක තමයි මේ කරන්න හදන්නේ Read More

Tuesday, March 26, 2013

Pen Drive එකෙන් ඕනෑම වින්ඩෝස් එකක් දාමු



ඔන්න අද තවත් පොඩි වැඩ කෑල්ලක් එක්කල ආවා.. පහුගිය ටිකේ වැඩ ගොඩ ගැහිලා තිබ්බ නිසා කුප්පියක් දෙකක් ඔබන්නනම් බැරි වුනා.. ඔන්න ඒක නිසා අද එල කුප්පියක් දාන්න හදන්නේ...

මේකයි කරන්නේ.. ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි වින්ඩෝස් දාන්න CD/DVD අවශ්‍ය එක.. ඔන්න අද කියන්න යන්නේ Pen Drive එකකින් වින්ඩෝස් දාන විදිහයි.. මේ වෙනකොටත් මේ සදහා විවිද ක්‍රම තිබ්බත් වින්ඩෝස් 8 සදහා 100%ක් සාර්ථක ක්‍රමයක් තිබුනේ නැති එකයි අවුල... මේ වැඩේ කරපු ගොඩක් අය කලේ වින්ඩෝස් 7 දාන විදිහටම වින්ඩෝස් 8 දාන එක.. එත් ඒක සාර්ථකම ක්‍රමයක් නෙමෙයි.. ඒකට ඔන්න විසදුමක් තියනවා... මේ වනතෙක් තියන ඕනෑම වින්ඩෝස් සංස්කරණයක් මේකෙන් අති සාර්ථකව දාගන්න පුළුවන්.. 

මෘදුකාංගය මෙතනින් ගන්න ..

*මේ සදහා අපිට අවශ්‍ය කරනවා අවශ්‍ය වින්ඩෝස් සංස්කරණය සහිත සංයුක්ත තැටියක් හෝ අදාළ image එකක්.. ඊට අමතරව ඉතින් අවශ්‍ය වෙන්නේ Pen Drive එකක්නේ ... :D 

හරි එහෙනම් වැඩේ කරන විදිහ බලමු....

1.ඉස්සෙල්ලම සොෆ්ට්වෙයාර් එක අරගෙන Windows Setup Transfer Wizard යන්න..


2.දැන් Wizard එක ආවට පස්සේ Windows File Path එකට වින්ඩෝස් තියන DVD එක හරි image ෆයිල් එකේ හරි Path එක දෙන්න...
USB Drive කියන එකට Pen Drive එකේහරි අදාළ USB Drive එකේහරි  Path එක දෙන්න.


3.දැන් NEXT කරන්න... ඊට පස්සේ Process එක විනාඩි 10ක් 15ක් යයි.. ඊට පස්සේ වැඩේ හරි. දැන් USB Drive එක Ready To Boot..

දැන් ඉතින් First Boot Device එක Removable Device එකට මාරු කරලා මැෂින් එක Restart කරන්න.. ඔන් වෙද්දීම Esc Key එක ඔබන්න.. එතකොට එන මෙනුවෙන් වින්ඩෝස් තියන USB Drive එක තෝරලා Enter ඔබන්න.. දැන් එළකිරි වගේ Boot වෙයි.. 

ප්‍රශ්න තියනවනම් කමෙන්ට් එකක් දාන්න..

එහෙනම් ඔන්න ඒ කුප්පියත් ඉවරයි.. තවත් එළකිරි කුප්පියකින් සෙට් වෙමු... 

එහෙනම්..
ඔබට ජය වේවා..!!

0 comments:

Post a Comment

හිතේ තියන ටික මෙතන කොටලම හිටියනම්...