Slide # 1

NEED FOR SPEED RIVALS ® නොමිලේ

මේක Need For Speed ක්‍රීඩා මාලාවේ අලුත්ම එළිදැක්වීම..''RIVALS'' තමයි නම.. මේ ක්‍රීඩාව Action හා Racing කියන කොටසට තමයි අයත් වෙන්නේ Read More

Slide # 2

Desktop එක ලස්සන කරගමු

හැමදාම දකින කුකුලගේ කරමලේ සුදුයි වගේ දැකල දැකලම වින්ඩෝස් 7 වල Default View එක එපා වෙලාද? එහෙනම් පොඩ්ඩක් බැලුවනම් ඔය උඩ තියන පින්තූරය දිහා :D හොදයිද? Read More

Slide # 3

100%ක් INTERNET SPEED එක සුපිරියට වැඩි කරගමු

මම දන්නවා ගොඩක් අය තමන්ගේ අන්තර්ජාල වේගය කොච්චර තිබ්බත් මදි කියලනේ හිතන්නේ Read More

Slide # 4

PEN DRIVE එකෙන් ඕනෑම වින්ඩෝස් එකක් දාමු

ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි වින්ඩෝස් දාන්න CD/DVD අවශ්‍ය එක.. ඔන්න අද කියන්න යන්නේ Pen Drive එකකින් වින්ඩෝස් දාන විදිහයි Read More

Slide # 5

ඔබේ කාමරය WI-FI කලාපයක් කරගන්න

කොහොමද ඔයාගේ කාමරේ Wi-Fi Zone එකක් කරගන්න තියනවනම් නේද? ආව් ආව් කටට ආව හිනාව නේද? ඔව් ඔව් එක තමයි මේ කරන්න හදන්නේ Read More

Tuesday, December 11, 2012

Samsung ATIV Smart PC එකද Microsoft Surface එකද


කවදත් ටිකක් අමුතු වැඩ කරන Samsung මහත්වරු මෙන්න Microsoft එක එක්කත් ගේමක් දාගන්නද මන්දා හදන්නේ. Microsoft කෂ්ටියගේ අලුත් අයිටම් එකනේ Surface ටැබ් එක. ඔන්න දැන් Samsung මාමලත් Samsung ATIV Smart PC කියලා වණ්ඩියක් එලියට දාලා තියනවා නොවැ. ඇටිව් එක කෙලින්ම ගේමට බස්සලා තියෙන්නේ Surface එකේ Windows 8 RT දුවන ටැබ එක්කලා කියලා තමයි කියන්නේ.. මොකෝ තවම Windows 8 PRO දුවන Surface ටැබ එක්ක හැප්පෙන්න එකක් නැහැනේ..  එහෙනම් පොඩ්ඩක් මේවගේ වැඩ කෑලි එහෙම අවුස්සලා බලමුද?

O/S
සැම්සුන් ඇටිව් එකේ වැඩ කරන්නේ වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතියයි. ඒකත් 32bit කියලා තමයි කියන්නේ... Surface එකනම් වින්ඩෝස් 8 RT වගේම PRO දෙකම වැඩ කරන විදිහට ටැබ් දෙකක් තියනවනේ..


PROCESSOR
ඇටිව් එකේ ප්‍රොසා Intel® Atom™ Processor Z2760 With Integrated Intel® SGX545 Graphics Media Accelerator. උපරිම Clock Speed එක 1.80GHz හා CPU Cache එක 2x512KB කියලා තමයි තියෙන්නේ.
RT ටැබ් එකේ ප්‍රොසා Quad-core NVIDIA Tegra 3. ඒ වගේම PRO ටැබ් එකේ ප්‍රොසා 3rd Gen Intel Core i5 Processor with Intel HD Graphics 4000 එකක්. අඩෙනවා නේද අහද්දිත්..

DISPLAY
සයිස් එකෙන්නම් ඇටිව් එක Surface ටැබ් දෙකටම වැඩේ දීල තියෙන්නේ. ඇටිව් එකේ ඩිස්ප්ලේ සයිස් එක 11.6". නමුත් Surface ටැබ් දෙකේම ඩිස්ප්ලේ සයිස් එක 10.6". ඇටිව් එකෙයි RT ටැබ් එකෙයි Resolution 1366x768 විදිහට තියෙන්නේ. නමුත් PRO ටැබ් එකේ Resolution ඒක 1920x1080 විදිහට පොඩ්ඩක් මොඩිෆයි කරලා තියනවා.

RAM
ඇටිව් එකේ RAM එක 2GB. ඒ වගේම ඒක තමා උපරිමය. RT ටැබ් එකෙත් එහෙමමයි. නමුත් PRO ටැබ් එකේ RAM එක 4GB- Dual Channel Memory.

STORAGE
ඇටිව් එකේ Storage එක 64GB විදිහට තමයි තියෙන්නේ. RT ටැබ් එක 32GB සහ 64GB විදිහට මාදිලි දෙකකින් තියනවා. PRO ටැබ් එකත් 64GB සහ 128GB විදිහට මාදිලි දෙකකින් ලබාගන්න පුළුවන්.

POWER SUPPLY
ඇටිව් එකේ පවර් සප්ලයි එක 40W විදිහට තමයි තියෙන්නේ.  ඒ වගේම RT ටැබ් එකේ පවර් සප්ලයි එක 24W වන අතර PRO ටැබ් එකේ පවර් සප්ලයි ඒක 48W විදිහට තමයි සදහන් වෙන්නේ.

USB PORTS
ඇටිව් එකෙයි RT ටැබ් එකෙයි දෙකේම තියෙන්නේ USB 2.0 පෝට්ස්. නමුත් PRO ටැබ් එකේ තියෙන්නේ USB 3.0 විදිහට.

මූලික තොරතුරු ටිකක් විතරයි ඔය කියලා තියෙන්නේ. වැඩිදුර තොරතුරු සදහා පහල ඇති ලින්ක් ටික බලන්න.


SAMSUNG ATIV SMART PC 500T




MICROSOFT SURFACE WITH WINDOWS PRO

එහෙනම් ආයෙත් ඉක්මනටම කුප්පියක් අරන් එන්නම්. දන්නවනේ ඉතින් නත්තල් මාසේ නිසා පොඩ්ඩක් වැඩ එහෙම වැඩිනේ..

එහෙනම් අපි ගියා..
ඔබට ජය වේවා..!!

0 comments:

Post a Comment

හිතේ තියන ටික මෙතන කොටලම හිටියනම්...